කොල්ලො ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ෆිල්ම් බලන හේතු දෙකයි තියෙන්නෙ. එයින් එකක් තමයි ඩිස්ඩි ඩිඩිං කිරීමේ මූලික පියවරක් වීම. අනෙක තමයි කෙල්ල බලෙන් පැමිණීම. මෙන්න මේ කියන කෙල්ල බලෙන් කොල්ල එක්ක ෆිල්ම් එකක් බලන්න එන එක හෝල් එකක වුනත්, ගෙදරදි බැලුවත් කරන්න හොඳම නැති දෙයක්. ඒක ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක තමුන් ආසා කරන ෆිල්ම් එකක් බලපු ඕනම කොල්ලෙක් දන්න සත්‍යයක්. ඒ ඇයි කියල කියන්නං අද.
1. ඈන්ගල්

Source – youtube.com
ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ගෙදරක වගේ ෆිල්ම් එකක් බැලුවොත් කන්න වෙන ලොකුම කට්ට තමයි මේ ඈන්ගල් මාරු කරන්න සිද්ධ වෙන එක. ඔන්න පටන්ගන්නෙ උරිස්සට ඔලුව තියාගෙන. පස්සෙ පපුවට හේත්තු වෙනවා. ඊටපස්සෙ බඩ උඩ. ඊටත් පස්සෙ කකුල උඩ නිදි. තවත් වෙලාවක ඔලුවට ඔලුව හේත්තු කරගෙන. කොන්ඩෙ ගිහිල්ලා අපේ ඇස් වැහිලා. ප්‍රශ්න මහත්තයො ඉතිං.
2. ඒ මොකද්ද ඒ?

Source – youtube.com
ඔන්න ඉතිං ෆිල්ම් එක මුල ඉඳන් බලාගෙන හිටිනං ඕනම පුංචි පහේ එකෙකුට තේරෙන සංසිද්ධියක් මොකද්ද කියල අහනවා. ඒක විස්තර කරන්න ගියොත් ෆිල්ම් එක යනව. අනිත් එක, ඒ කෑල්ල විස්තර කරල ඉවර වෙද්දි තව එකක්. ඔය විදියට ප්‍රශ්න කන්දක් ෆිල්ම් එකක් ඇතුළෙ සෙට් වෙනවා. අන්න ඒ නිසා පල්ප් ෆික්ෂන් වගේ ෆිල්ම් එකක්නං බලන්න යන්නෙපා. කෙලම වෙලා යයි.
3. එයා වගේමයි

Source – giphy.com
ඔයා ආසා කරන්නෙ නෝලාන්ගෙ ෆිල්ම්වලට වුනාට එයා ආසා කරන්නෙ ෂාරුක් ඛන්නංගර ඉන්න ෆිල්ම්වලට නං ඔයාට ඔයා ආසා කරන ෆිල්ම් මැද්දෙත් අහන්න වෙන්නෙ ෂාරුක් ගැන කතා තමයි. ඔයාගෙ ප්‍රධාන නළුවා කොච්චර හොඳ වුනත් එයා එතනට ෂාරුක්ව ආදේශ කරලයි කතා කරන්නෙ. ඒ නිසා වැඩේ දෙල් දොදොල් වෙනවා. මොකද ෂාරුක්ට වුණත් ඔච්චර කට්ටක් කන්න බැහැනෙ.
4. එදත් වුණේ එහෙමයි

Source – giphy.com
ෆිල්ම් එක මැද්දෙ වල්පල් ඇදලා ගන්න එක තරං අවුල් දෙයක් මේ මාතෘකාව යටතේ ලියන්න ඇත්තෙම නෑ. ෆිල්ම් එකේ හොඳ සිද්ධියක් ගියොත්, තමුන්ගෙ අතීතෙ තමුන්ට සිද්ධ වෙච්ච ඒ වගේ සිද්ධියක් ගැන ඒ වෙලාවෙම කියන්න ගන්නවා. ඔන්න ඉතිං කතාව එක්දාස් නමසිය බරගනංවල මූලාශ්‍ර එක්ක ඇදිලා ඉවරවෙද්දි ෆිල්ම් එක කැලේ ගිහින්.
5. ඇයි කතා නොකරන්නෙ?

Source – giphy.com
ඔය ඔක්කොම සිද්ධ වෙන අතරෙ ඔයා නිකංම හූමිටි තිය තිය විතරක් ඉන්න පෙම්වතෙක් වුනොත් එතනදිත් ඔයාට කෙල වෙනවා. ඔයාට සිද්ධ වෙනවා ඒ හැම දේටම කතා කරන්න. කොටිම්ම හූමිටි තියන එකවත් එයාට නොදැනෙන්න කොලිටි විදියකට තියන්න. නැත්තං ඉතිං ඇයි ඔයා කතා නොකරන්නෙ කියල අහල මරාගන්න තමයි වෙන්නෙ.
6. ප්‍රශ්න

Source – giphy.com
ඔන්න ඔය ඔක්කොම කේස් අස්සෙ ගෑණු ළමයින්ට එන අනෙකුත් ප්‍රශ්න ටික එනවා. මට බඩගිනියි. ඇස්වලින් කඳුළු එනවා. යටි බඩ රිදෙනවා, කොන්ද රිදෙනවා, බෙල්ල රිදෙනවා, අපි යමු වගේ කතා අහගෙන ෆිල්ම් බලන්න බෑ මහත්තයො. එතන ඉඳන් එයාලා කියන දෙයක් කරන එක තමයි ඇඟට ගුණ!
Cover Image Source – youtube.com
Leave a Reply