ලංකාව ඉන්නව කලාකාරයො දෙකොට්ටාසයක්. එක කොටසක් ඇත්ත වශයෙන්ම ලංකාවෙ කලාව වෙනුවෙන් හෝ තමුන් සම්බන්ධ වෙන නිර්මාණ වෙනුවෙන් හෝ කැපකිරීමක් කරපු ප්‍රතිභාවක් පෙන්වපු කලාකරුවො. අනිත් අය ඉතිං කලාකාරුවො හෝ තරු කියලා තමුන් විසින්ම හඳුන්වාගන්න, විද්‍යුත් මාධ්‍යයේ බෙල්ට් වහන, මුද්‍රිත මාධ්‍යයේ පිටු වහන සාම්ප්‍රදායික ඩයල්ස්. ඉතිං මේ කියන සාම්ප්‍රදායික ඩයල්වලට ඇත්ත කලාකරුවොන්ට වඩා ඉඩ වැඩියි. ඉඩ වැඩි වුනත් කියන්න දෙයක් දන්නැති නිසා මේ අය හැම ඉඩකම වපුරන උත්තර ටිකක් තියෙනවා. මේ කියන්න යන්නෙ ඒ ගැනයි. ඒඅයටත් ඒ අයගෙ ෆෑන්ස්ලටත් රිදෙයි. අපිටත් දුකයි. ඒත් මේක තමයි ඇත්ත.
1. මේක වෙනස් වැඩක්

Source – adsoftheworld.com
මේ අය වැඩ ගොඩක් කරලා තියෙනවා. හැබැයි එන එකෙන් එකට කියන්නෙ මේක වෙනස් වැඩක්, මේක අනිත් හැම එකටම වඩා වෙනස් මාණයකින් දැකපු වැඩක්, මේ වෙනස ප්‍රේක්ෂකයාට සිරාවට දැනේවි වගේ කතා තමයි. ඒ වුනාට එකම විදිහෙ වැඩ තමයි කරන්නෙ. ඇත්තටම ඒ විදියට වෙනස් වෙන්න කොහෙත්ම බෑ. වෙනස් නොවෙන්නෙ වෙනස් වීම විතරක් වුනාට කාටද පුළුවන් ඔයාකාර වෙනස් වෙන්න. එතනින්ම ඒක බොරුවක් බව තේරෙනවා.
2. සාධාරණයක් කරන්නට හැකි වුනා

Source – youtube.com
මේක තමයි අනිත් කියන ගොන් කතාව. චරිතයට සාධාරණයක් කරන්න හැකි වුනා, නිර්මාණයට සාධාරණයක් කරන්නට හැකි වුනා වගේ එකක් කලාකරුවා කොහොමද දන්නෙ? එහෙම දෙයක් කලාකරුවාගෙ කටින් කොහොමද පිටවෙන්නෙ? ඒ දේ කිව යුත්තේ පොදු නිර්මාණය රස විඳින රසිකයායි. තමුන් බලපු පොදු නිර්මාණෙට මේ කලාකරුවා තමුන්ගෙ පැත්තෙන් සාධාරණයක් කරලා තියෙනවාද කියලා තීරණය කරන්න ඕන ඔවුන්.
3. හොඳ ප්‍රතිචාර තියෙනවා.

Source – youtube.com
මේ වෙද්දි තමුන් ඉන්න ෆිල්ම් එකක්, ටෙලියක්, සින්දුවක් එළියට දාපු ගමන්ම මීඩියාවලට කියන දෙයක් තමයි හොඳ ප්‍රතිචාර තියෙනවා කියන එක. සාමාන්‍යයෙන් එක රැයින් හිට් වෙන වීඩියෝ එකක වුනත් ඉන්ටර්නෙට් තියෙන අවධියේ පවා අදාළ කලාකරුවාට ඒ නිර්මාණෙ ගුණදොස් යන්න අඩුම සතියක් වත් යනවා. මොකද රටකටම රිලීස් කරපු නිර්මාණෙක දෙතුන් දෙනෙකුගෙ කතා අහල කමෙන්ට් එකක් දෙන්න බැහැනෙ. ඒ වගේම මූනටම මුලිච්චි වෙලා කියන ගුණවල තාර බර ඇරලා ගන්නත් අපිට සිද්ධ වෙනවානෙ.
4. මේ කණ්ඩායම තමයි හොඳ

Source – youtube.com
මේක තමයි අනිත් පතරංග බොරුව. කවදා බැලුවත් එයාලා වැඩ කරලා තියෙන්නෙ හොඳම කණ්ඩායම එක්ක කියලයි කියන්නෙ. හැබැයි බැලුවොත් එකඑකා මරාගන්නව. පස්සෙ කියනවා මීට කලින් වැඩ කරපු අය චාටර් හැබැයි මෙයාලා හොඳයි කියල. ඔය බොරුව ගොනා පසුපස බැඳි කරත්ත රෝදෙ වගේ අන්තිම නිර්මාණෙ කරනකංම ඔය සෝ කෝල්ඩ් කලාකාරයො එක්ක පසුපස යනවා.
5. හොඳ නිර්මාණවලට විතරයි දායක වෙන්නෙ

Source – lankaflix.com
මේක තමයි අනිත් බොරුව. බැලුවොත් ඇත්තං ප්‍රඩියුසර්ලා ගාව නැවිලා, ඇඹරිලා වැඩ හොයාගන්න දඟලන මේ ඩයල්ස් මීඩියා වලින් ඇහුවම ටෝක් දෙන්නෙ ඔහොමයි. කන්න නැතත් මෙගා නං එපා කියන උන්ට මේන් රෝල් එකක් ආවොත් මෙගාවල දිගා වෙන්නෙ කිසිම වගේ වගක් නැතුව. අන්න ඒ නිසා මේක පොර ටෝකක්ම විතරයි කියන එක මතක තියාගන්න ඕන.
6. මාධ්‍යයෙන් මනා සහයක් ලබාදුන්නා

Source – presmedia.com
කලාකාරයො ඒ ඒ අය සෙට් වුණාම වැඩියෙන්ම පලු අරින්නෙ මීඩියාවල. මීඩියාකාරයොත් එහෙමයි. හැබැයි මීඩියාකාරයො පෙන්වන්න උත්සාහ කරනවා කලාකාරයො හැමෝම තමුන් වටේ ඉන්න බව. කලාකාරයොත් ඒක පෙන්වන්න උත්සාහ කරනවා. ඒකෙ ප්‍රථිඵලයක් විදියට තමයි මේ අදහස කියැවෙන්නෙ.
7. ඉස්සරහට වැඩ ගොඩාක් එන්නට නියමිතයි

Source – youtube.com
ඉඳලා ඉඳලා යාන්තං වැඩක් ආපු බුවාලා කියන ලොකුම කෙප්පෙ තමයි මේ. ඉස්සරහට වෙනස් වැඩ එනවා, ඉස්සරහට ලොකු වැඩ එනවා, නිර්මාණ රාශියක් එන්නට නියමිතයි වගේ නයි අහන් ඉන්න ආසයි. හැබැයි ආයෙත් අවුරුදු දෙකකට විතර පස්සෙ වැඩක් ආවම අරින්නෙත් ඔය නයාමයි.
Cover Image Source – elakiri.com
Leave a Reply