තිසරපට ලෙස සම්භාව්‍ය සිංහලෙන් හදුන්වන බ්‍රා විවිධාකාර නම් වලින් සාමාන්‍ය ව්‍යවාහරයේදි හඳුන්වනු ලැබේ. තනපට පැළඳීම කවර කාරණාවක් නිසා ජනප්‍රිය වී දැයි නිශ්චිතවම කිව නොහැකි මුත් ප්‍රයිමේටාවන් අතරතුරින් මනුෂ්‍ය ගැහැණුන්ට පමණක් උරුම ගෝලාකාර හැඩයේ අලංකාර පියවුරු තව තවත් ඔප්නංවා පෙන්වාලීම පිණිස තනපට පැළඳීම සිදුවි ඇතැයි සිතීම වඩාත් සාධාරණය. මිනිසා සිටගෙන ඇවිදීමට හුරුවූ කල ලිංගේන්ද්‍රිය පිටතට නොපෙනන්නට වූ නිසා සිරුරේ පූර්ව භාගයේ වූ පියයුරු වඩාත් ආකර්ශණිල ලිංගිකමය උත්තේජන ඇතිවන අයුරින් නිර්මාණය විය. එතුලින් ගැහැණු පිරිමි වෙන්කර හඳුනාගැනීම පහසු වූ අතර පුරුෂ පාර්ශවය සැලකූ කල සියලු සතුන් අතුරින් ශරීරයට සාපේක්ෂව විශාලතම පුරුෂ ලිංගික අවයවය මිනිසාට පිහිටා තිබීමට හේතුවද මෙම ස්ත්‍රි පුරුෂ භාවය හඳුනාගැනීමට පහසු වීමට බැව් විද්‍යාඥයෝ මත පල කොට තිබේ.
1. ආරක්ෂාවට සීතලට සහ වෙනත් මත
කාන්තාවන්ගේ මෝස්තර සැලකූ කල ඇගේ හැඩය සහ පියයුරු පාර්ශවය මනාකොට වක්‍රව දිස්වෙන ලෙස බොහෝ ඇඳුම් මෝස්තර නිර්මාණය වී ඇති බැව් පෙනී යයි. එනම් සංඥාවක් ලෙස ස්ත්‍රි බවේ ලක්ෂණය පෙන්වන වක්‍රාකාර විශාල පියයුරු නම් වූ විශේෂිත අවයව ලොවෙන් සැඟවීමට වඩා ඒවා නියම අනුමත ප්‍රමාණයටම තිබේ යැයි පෙන්වාලීම බොහෝ කාන්තාවන්ගේ අදහස වී තිබේ. කුඩාතර ව තිබේනම් පියයුරු වඩාත් ඉස්මතු කර විශාලනය කර පෙන්වීමටත් විශාලතර නම් ඒවා එතරම්ම විශාල නැතැයිද අවැසි ප්‍රමාණයටම ඇතැයිද පෙන්වීමටත් කාන්තාවෝ තිසරපට භාවිතා කරති.
2. බ්‍රා වලට විරුද්ධ මත
දරුවන්ට කිරිදීම පිණිස ස්වභාවිකව බිහිව ඇති පියයුරු යනු අමුතු හාස්කමක් නොවන බවටත් ඒවා තිසරපට වලින් ආවරණය කිරීම ඕනෑ නැති බවටත් අදහස් දක්වන කාන්තාවන්ද සිටිති. ලෝකය තුල කාන්තාවන්ගේ ලිංගික අවයවයක් ලෙස පියයුරු අනවශ්‍ය ලෙස උලුප්පා ඇති බව ඔව්හු කියති. උඩට තරමක් ඝනකම් ඇදුම් ඇඳීම, පියයුරු තුඩු ටේප් පටි වලින් වසා දැමීම, සරිලන ඉරියව් භාවිතය, ආදී ක්‍රම වලින් කෙමෙන් කෙමෙන් පියයුරු වලට තනපට නැතිව සිටීමට හුරු වීම ගැන කියාදෙන වීඩියෝපටද අන්තර්ජාලයේ තිබේ. එය බටහිර රටවල කාන්තාවන් ගේ අයිතිවාසිකම් වල එක් ඉල්ලීමක් ලෙසද ප්‍රකට වී තිබේ.
3. දරා සිටීම
විශාල පියයුරු දරා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වන කල ඒවා සිරුරට සම්බන්ධ වි ඇති මාංශ පේෂින් වෙහසට පත් වී යම් යම් වේදනාවන් ඇති විය හැකිය. නිවැරදි තනපට බාවිතයෙන් එවැනි පියයුරු වල බර නිසා ඇතිවන මාංශපේෂී ආබාධ වලින් දුරු විය හැකිය. අනෙක් අතට පියයුරු විශාලතර නම් තනපට වල පටි මත යෙදෙන බලය වැඩිය. එවිට ඒවා පළඳිනවිට බ්‍රා එකේ පටිවලට සම සීරීයෑමේ අවදානමක්ද තිබේ. බ්‍රා උවමනා නැතැයි කියන්නෝ මේ බ්‍රා වලට සම සිරියාම මහත් වූ දෙයක් ලෙස සලකති.
4. ස්ථාවර බව රැකගැනීම
සාමාන්‍ය ටී ශර්ටයකින් සිරුරට ලැබෙන ස්ථාවර පෙනුමට වඩා වැඩි පෙනුමක් කාර්යාලයීය ටයි කෝට් ඇඳුමෙන් ලැබේ. එවැනි වඩාත් ස්ථාවර වූ පෙනුමක් ලබාදීමට තනපටය කාන්තාවන්ට උපකාරී වේ. බටහිර රටවල කෙසේ වුවත් අප රට නම් කාර්යාලයට යන කාන්තාවක් තනපටය නැතිව ගමන් කිරීම තබා එහි පටියක් පිටතට දිස් වන්නට ගමන් කිරීම පවා මහත් දෙයක් ලෙස සමාජයේ ඇතැම් කොටස් සලකති. එවැනි පසුබිමක වඩාත් ස්ථාවර පෙනුමක් දිස්වන්නට බ්‍රා එකකින් කාන්තාවට ලැබෙන්නේ මනා පිටුවහලකි.
5. සුවපහසුව
වර්තමාන ඇඳුම් මෝස්තර බොහොමයකදී සිරුරට ඇලෙන ඇදුම් ආදිය මගින් කාන්තාවන්ගේ හැඩ ඉස්මතු කිරීමට උත්සාහ කරයි. එහිදී උඩ ඇඳුම් වල ඇති රළු පරළු රෙදි ඇඳුම් සුමුදු තන පුඩු මත ස්පර්ශ වීම වදයකි. බ්‍රා එකක් ඇඳීම මගින් එසේ වන හිරිහැර අවම වේ. විශාලතර හෝ එල්ලාවැටෙන පියයුරු ඇති කල ඒවා එල්ලා වැටීම එදිනෙදා ජීවිතයේදී අපහසුතා ඇති කෙරේ. බ්‍රා එකක් ඇඳීමෙන් ක්‍රියාකාරකම් වලදී පියයුරු ගැන නැවත වරක් සිතා බලා හැසිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී.
6. සියල්ල විදාරණය වීම
පියයුරු සෑම විටකම ප්‍රාර්ථනා කරන හැඩයෙන් සහ වර්ණයෙන් පිරිපුන්ව පිහිටන්නේ නැත. එලෙස බලාපොරොත්තු නොවන ආකාරයට යම් නොගැලපෙන වර්ණයෙන් හෝ ස්වභාවයෙන් පිහිටා ඇති පියයුරු එලෙසම පෙන්වාලීමේ කරදරයෙන් මිදීමට බ්‍රා එක කදිම යෙදුමකි. කිනම් වර්ණයේ ප්‍රමාණයේ තනපුඩු සහිත විවිධ ආකාරයේ පියයුරු සියල්ල එකම ආකාරයෙන් දිස් වීමට බ්‍රා නැමැති තන වසන ඇඳුම මහත් රුකුලකි.
7. ෆැෂන් තෝරාගැනිමේ හැකියාව
විවිධාකාර මෝසතර වල ඇදුම් විලාසිතා වලදී කාන්තාවන්ට යොදාගත හැකි විවිධ මාදිලි බ්‍රා වර්ග තිබේ. බ්‍රා මගින් ඒ ඒ ඇදුමට අදාලව පියයුරු වල ස්වරූපය වඩාත් ඉස්මතු කරනු ලැබේ. උදාහරණ ලෙස උරහිස් මනාව පෙනෙන අයුරින් තැනූ ඇදුම් ආදියට ඒ ඇඳුමට අදාල වූ බ්‍රා එකක් පැළඳීම ඇඳුමට ආලෝකයක් උදා කරනු ඇත.
8. බ්‍රා වලින් හොඳ කික් එකක් ලබාගැනීමට
යට ඇඳුමක් වුවද එය තුලින් කාන්තා පෙනුම සහ හැඩය වඩාත් ඉස්මතු කරන හෙයින් හුදෙක් යට ඇඳුමකින් එහා ගිය වටිනාකමක් බ්‍රා වලට ආරෝපණය වේ. එබැවින් තමුන්ගේ පියයුරු ප්‍රමාණයට සිරුරේ වට ප්‍රමාණයට සරිලන සිරුරේ හැඩය සමග ගැලපෙන බ්‍රා තෝරාගැනීම වඩාත් උචිතය. ජනප්‍රිය නිලියක වූ මැර්ලින් මොන්රෝ සිය පියයුරු එල්ලා වැටීම වැළකීමට දිනය පුරාම පෑ 24ම බ්‍රා එකක් පැළඳ සිටි බැව් වාර්තා වල දැක්වේ. එහෙත් සැබැවින්ම එසේ නිදාගන්නා අවස්ථාවේදි ගුරුත්වය මගින් පියයුරු පහලට ඇද ගැනීමේ අවදානමක් නොමැති බැවින් බ්‍රා එකක් පැලස සිටීමෙන් ලොකු වාසියක් නැත. එසේම පියයුරු සම්බන්ධ පේශි ආදියට යම් ව්‍යායාමයක් ලබාදීම බ්‍රා නොපැලද දිනයේ පැය කිහිපයක් හෝ නිදැල්ලේ සිටීම වාසිදායක වන බව විද්වතුන්ගේ මතයයි.
Cover Image Source – teenvogue.com
Leave a Reply