අපි හෙන ජොලියෙන් ඉන්න කැමති ජාතියක්. කන්න බොන්න නැතත් අලුතින් ෆිල්ම් එකක් එළි බැස්සම ෆිල්ම් හෝල්වල හාල් පෝලිම් වගේ සෙනග පිරිලා ඉන්නේ ඒ නිසයි. එහෙම හෙන ආසාවෙන් ෆිල්ම් එකක් බලන්න හෝල් එකට ගියාට පස්සේ පාඩුවේ ඒක බලාගන්න බැරිවෙන තැනට වැඩ කරන අපත රෑනක් ඉඳලා හිටලා හම්බ වෙනවා. මෙයාලා ඔක්කොම නැතත් එක ගමන් වාරයකදී මේ අය අතරින් දෙතුන් දෙනෙක් හරි සෙට් වෙනවා. ෆිල්ම් බැලිල්ල පැත්තක දාලා ඔලුවක් පලන තැනට වැඩ කරන මේ අය ජිවිතයේ කවමදාක හරි ඔයාට හම්බ වෙලා තියනවද? එහෙමත් නැත්තම් ඔයත් මේ අය අතරින් කෙනෙක්ද?
1. කෑමදාස

Source – videoblocks.com
කන්න බලන් ෆිල්ම් හෝල් එකට එන අය නොම්බර එකේ වදකාරයෝ. ෆිල්ම් එක යන අතරතුර කරස් කුරුස් ගාලා කෑම හපන්න ගත්තා ම අනික් මිනිස්සුන්ට නිවනක් නැහැ. මේ කෑමදාස සීන් එක තදටම ඔලුවට ගැහුවම ෆිල්ම් එක යන අතරතුරත් නැගිටලා ගිහින් කෑම ගේන අය ඉන්නවා. සමහර අයට කිසිම කික් එකක් නැහැ පොප් කොන් බෑග් එකක් ළඟ තියන් ෆිල්ම් එක නොබැලුවොත්. ඒක විලාසිතාවක් කර ගත්තු අයත් ඉන්නවා.අනික් අයට වදයක් නොවී කන දෙයක් කන්න පුරුදු වෙන්න ඕනි.
2. ටෙලිෆෝන් ඔපරේටර්

Source – twitter.com
දැන් සාමාන්‍යයෙන් මනුස්සයෙක් ෆිල්ම් හෝල් එකකට එන්නේ ෆිල්ම් එකක් බලන්න උනාට මෙයා එන්නේ ෆෝන් එකේ එල්ලිලා ඉන්න. කොළඹ පැත්තේ හෝල්වල නම් ෆිලුම පටන් ගන්න කලින් දැන් පොඩි ඇඩ්වයිස් පාරක් යනවා ෆෝන් එක ඕෆ් කරගන්න නැත්තන් සයිලන්ට් කරගන්න කියලා. ඒ කොහොම උනත් කියන දේ නාහන ලයින් එකක් තියන නිසා ඒවා වැඩිය ගණන් ගන්නේ නැහැ. ෆිලුමේ හොඳම හරියේ මහා හයියෙන් ෆෝන් එකෙන් කතා කරන පොරක් සෙට් වුණාම තියන සැප ෆිල්ම් දහයක් බලලාවත් ගන්න බැහැ. කෝල් කරන එකම නෙවෙයි ටෙක්ස්ට් කරන එක වුණත් මාරම වාතයක් වෙන අවස්ථා තියනවා.
3. දරු පැටව්

Source – www.pinterest.com
ළමයි මල් වගේ. හැබැයි වෙලාවකට ටකරමකට වැටෙන ගල් වගේ. පුංචි අඬන බබාලා එක්කන් ෆිලුමක් බලන්න යනවා කියන්නේ ඒ අම්මට තාත්තාට ඒක බලන්නත් නැහැ අනික් අයට බලන්නත් නැහැ කියන එකයි. අඬන ළමයි නලවගන්න අම්මලා ඊටත් වඩා හයියෙන් කෑ ගහනකොට සැප දෙකොනින් යනවා. පුංචි ළමයින්ට වෙලාවකට ෆිල්ම් බලනකොට එපා වෙනවා. එතකොට කෑ ගහන එකත් වෙනම ආතල් එකක්.
4. ප්‍රශ්න පත්තරේ

Source – downpicxs.com
අපි කලින් බලපු ෆිල්ම් එකක් නම් – ඒ කියන්නේ ඒකෙ වෙන්නේ මොකක්ද කියලා දන්නවා නම් කීයටවත් සල්ලි වියදම් කරන් යන්නේ නැහැ. අනික සමහර ෆිල්ම්ස්වල අන්තිම හරිය වෙනකන් ඒක තේරුම් ගන්න කාටවත් බැහැ. ඉතින් එහෙම තත්වයක් උඩ ෆිල්ම් එකේ එක එක නොතේරෙන කෑලි ළඟ ඉන්න මනුස්සයාගෙන් අහන එක එයාට වේදනාවක්. නපුරු චරිතේ කොහොමද හොඳ වුණේ? ඇයි එයා එහෙම කරේ? මට තේරුම් කරලා දෙනවකො කියලා ප්‍රශ්න අහන්න ගන්න එක නම් ෆිල්ම් එකක් බලනකොට සෙට් වෙන්න පුළුවන් එපාම කරපු මරාලයක්.
5. සියල්ල දත්

Source – memecenter.com
ප්‍රශ්න පත්තරේ අනික් පැත්ත තමයි මේ. යාළුවොත් එක්ක ෆිල්ම් එක බලන්න යන්න හිතන් ඉන්නවා නම් පුළුවන් තරම් මෙහෙම අයගෙන් ඈත් වෙලා ඉන්න. නැත්තම් හිසරදයක් වෙලා තමයි නවතින්නේ. එයා එක්කෝ කලින් ෆිල්ම් එක බලලා තියනවා. නැත්තන් ඉස්ටෝරි එක කොහෙන් හරි දැනගෙන තමයි ෆිල්ම් එක බලන්න එන්නේ. ඒ ඇවිල්ලා ඉතින් ඒකෙ වරුණේ කියවන්න පටන් ගත්තම ෆිල්ම් එක බලන එකේ රහ නැති වෙනවා. ටීවී සීරියස් එහෙම බලන අය දන්නවා ඇතිනේ ස්පොයිලර්ස්ලා ගැන. මේ එහෙම කෙනෙක්.
6. ලව් බර්ඩ්ස්ලා

Source – identitiymagazine.com
ලව් කරන්න ෆිල්ම් හෝල් යන එක අද ඊයේ වුණ කතන්දරයක් නෙවෙයිනේ. හැබැයි ඒ ගිහින් අනික් අයට වදයක් වෙන එක නම් එපාම කරපු දෙයක්. ෆිල්ම් එකක් බලන්න පොඩි ළමයි එක්කන් එනවා. ඉන්නේ කොහෙද මොකටද ආවේ නොදැන සමහර කපල්ස් නරක විදියට හැසිරෙනවා. ඒක අනික් අයට අපහසුවක්.
ඔයත් වදකාරයෙක්ද එහෙමත් නැත්තම් වද විඳින කෙනෙක්ද?
Cover Image Source – 123rf.com
Leave a Reply