ලිංගික කාර්යය සම්පූර්ණ කරගැනීම පිණිස පුරුෂ ලිංගික අවයවය වන ශිෂ්ණය ප්‍රාණවත් විය යුතු අතර ඒ ප්‍රාණවත් ස්වභාවය නිසි කාලයක් පවත්වාගෙන යෑමට හැකි විය යුතුය. මොළයෙන් ලැබෙන සංඥා අනුව හෝමෝන වල බලපෑමෙන් ශිෂ්ණයේ ඇති රුධිර නාලිකා පිරේ. එවිට ශිෂ්ණය ප්‍රාණවත් වීම සිදු වේ. මෙය සංකීර්ණ ක්‍රියාවලියකි.
1. විශාදය

Source – askstocks.com
ලිංගික ක්‍රියාවලිය කෙරෙහි මොළය යනු ප්‍රබල ලෙසම වැදගත් වන උපාංගයකි. ලිංගික ක්‍රියාව යැයි කියු කල ඒ අදාල ඉන්ද්රියෝ මිසක මොළය නම් අපට සිහිවන්නේ කලාතුරකිනි. එහෙත් අපගේ සියලුම හැගීම් දැනීම් ජනනය වන්නෙේ මොළය ආශ්රයෙනි. Depression හෙවත් විශාදය මගින් මොලයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා ගෙනදේ. එවිට ලිංගික සක්රියතාවයද ඒ අනුව අඩු වේ.
2. එතනෝල්

Source – mansfitness.com
අධික මත් පැන් පානය තුලින් ශිෂ්ණය ප්‍රාණවත් වීම ආදී ලිංගික ගැටළු කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවද ඇතිවීමේ අවධානම වැඩිය. අවදානම වැඩිය යනු බොන හැම දෙනාටම එය එසේම වන්නේ නැත. සාමාන්‍ය අය හා සලකන විට මත්පැන් වැඩිපුර පානය කරන අයගේ ලිංගික හැකියාව අඩු බැව් පර්යේෂණ මගින්ද සනාථ කොට තිබේ.
3. බේත්

Source – politico.com
අධී රුධිර පීඩනය වේදනා නාශක, ආදී ඇතැම් ඔසු ලබාගැනීමෙන්ද පුරුෂ ලිංගික බෙලහිනතාවය ඇති විය හැකිය. අහිතකර මත්ද්‍රව්‍ය වන ගංජා කොකේන් සහ හෙරොයින් හරහාද ලිංගික ශක්තිමත් බව අඩු වේ.
4. මානසික පීඩනය

Source – health.com
මානසික අවුලක් ඇති විට අපි ආහාර ගැනීම් රටාවන් ආදියද වෙනස් වන බව ඔබ අත්දැකීමෙන් දනී. එසේම දැඩි මානසික පීඩනය තුලින් ලිංගික ආසාවටද ඇතිකරන්නේ ප්‍රබල බලපෑමකි. එබැවින් මානසික පීඩනය වැඩි නම් ඒ වටපිටාවෙන් ක්‍රමයෙන් ඉවත් වී අඩුවෙන් ස්ට්‍රෙස් දැනෙන වටපිටාවකට යොමු වීම මනාය.
5. තරහ

Source – youtube.com
ලිංගික ක්‍රියාවලියක් සාර්ථක වීමට ඒ අදාල දෙදෙනා තුල ඇතිවන ආදරණීය හැගීම් වලින් ඉටුකරන්නේ වැදගත් කාර්යයකි. එකිනෙකා කෙරෙහි වෛරයෙන් තරහින් සිටින විට ලිංගිකව ප්‍රබෝධමත් වීම නිසියාකාරව සිදු නොවේ. යාන්ත්‍රික වූ ලිංගික ක්‍රියාවන් අසැබි වීඩියෝ දසුන්වල සුලබ වුවද සැබෑ ලිංගික කාර්යය යනු දෙදෙනාගේ ආදරය හා ආත්මීය හැගිම් මතින් කුලුගැන්වී ජනනය වන වඩාත් ස්වාභාවික ක්‍රියාවලිය වේ.
6. බිය සැක

Source – timesofindia.com
බියවීම හේතුවෙන් ලිංගික දුබලතාවයන් සහ අවහිරවීම් සිදුවීම කාන්තාවන් කෙරේද බලපාන සංසිද්ධියකි. අනවශ්‍ය ලෙස බිය සැක සාංකාවන් සිත්හි තිබේනම් ලිංගික අවයවය ප්‍රාණවත් වී ඒ කාර්යය ට මනස හා සිරුර සූදානම් නොවේ. එබැවින් බිය සැක දුරුකරගැනීමට යම් කාලයක් මිඩංගුකරගැනීම මනාය.
7. බර වැඩියි බඩ තඩියි

Source – health.harvard.edu
රුධිර ගමාගමනයට පවා බාධා වන පරිද්දෙන් කඳ බඩ විශාල කරගන්නා අය මුහුණදෙන සෞඛ්‍යමය ගැටළු අතර ලිංගික බෙලහීනතාවයද වේ. විශාල සිරුරු බරක් තිබීමෙන් හෝමෝන සංකූලතාවයන්ද ඇති විය හැකිය. ඒ තුලින් ලිංගික අවයවය කරා ගමන් කරන රුධිර වාහිනී වල රුධිර ගමන අඩාල වීමෙන් ගැටළු ඇති වේ.
8. අධික වීඩියෝ කාමය

Source – ghheadlines.com
කාම වීඩියෝ නැරඹීමේදීද පුරුෂයින්ට ලිංගික උත්තේජනය ඇති වේ. ඒවාට ඇබ්බැහිවීමෙන් සාමාන්‍ය ලිංගික ක්‍රියාවලියන්ට බාධා ඇති වේ. එහිදී සිදුවන්නේ අපි දකින දසුනක් හරහා අපගේ මනස “මෙන්න ලිංගික කාර්යයකැ”යි කෘත්‍රිමව උත්තේජනය කිරීමකි. එහෙත් සැබැවින්ම සහකාරියක හා ලිංගිකව එක්වීම ඊට වඩා වෙනස් කාර්යයකි. ලිංගික බෙලහීනතාවයට රටේම බෙහෙත් සොයමින් ලතවන ඇතැම් වට එයිට හේතුව නිවසේම තිබෙන පරිගණකය, හෝ ෆෝන් එක හරහා ඇසට එන නිල් වීඩියෝම විය හැකිය.
9. ව්‍යායාම මඳකම

Source – huffingtonpost.com
ව්‍යායාම කරන විට මුලු සිරුරේම රුධිර ගමන ක්‍රමවත් වේ. සිරුරටම ව්‍යායාම කිරිමේදී කකුල් හා කලවාශ්රිත ව්‍යායාම වලදී ලිංගික අවයව ආශ්රිත පෙදෙස් වල යහපත් රුධිර ගමනයක්ද ඇති වේ. ඒ තුලින් රුධිර සංසරණය යහපත් වීමෙන්ද මනා සෞඛ්‍යය තත්වය හේතුවෙන්ද නිති ව්‍යායාම කරන අයට ලිංගික බෙලහීනතාවයෙන් මිදීමට හොඳ අවකාශයක් ලැබේ.
10. ප්‍රතිකාර නොගැනීම

Source – digitaltrends.com
අධි රුධිර පීඩනය, දියවැඩියාව ආදි රෝග රැසක අතුරු ආබාධ හේතුවෙන්ද ලිංගික බෙලහීනතාවය ඇති වේ. නිසි අයුරින් ව්‍යායාම නොදී සිටින දේහයකට හිටි අඩියේම ලිංගික බෙලහීනතාවයකටම මුහුණ දෙන්නට සිදු වුවහොත් එය කායිකව යම් රෝගාබාධයක් තිබීම හේතුවිය හැකිය. ලිංගික බෙලහීනතාවය සෑම සමාජයකම සුළුතර පිරිසකට තිබෙන සාමාන්‍ය රෝගී තත්වයකි. එය තාවකාලිකවද යම් යම් මානසික සහ කායික හේතුන් මත ඇතිවිය හැකිය.
වෙළඳපොලේ සහ කලු කඩකාරයින් ලඟ ඇති ලිංගිකව ප්‍රාණවත් වෙනවා යැයි කියන විවිධ කෂණික ඔසු භාවිතා කරනවාට වඩා නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුව බෙලහීනතාවයට සැබෑ හේතු සොයා ඊට අදාල කායික මානසික වෛද්‍ය කාර්යමණ්ඩල වලින් ප්‍රතිකාර ගැනීමෙන් ලිංගික බෙලහීනතාවය අඩුකරගෙන යහපත් ලිංගික ජීවතයකට මාවත විවර කරගත හැකිය.
Cover Image Source – theconversation.com
Leave a Reply