තාරුණ්‍යය කියන්නේ නිරන්තරයෙන්ම යාවත්කාලීන වන පිරිසක් නේ. ඉතින් එක එක කාලයට තාරුණ්‍යයට තියෙන ප්‍රශ්න වෙනස් වෙනවා. සමහර ප්‍රශ්න කාලයෙන් කාලයට වෙනස් වෙන්නේ නෑ. හැමදාම තියෙනවා. කොහොම වුණත් මේ ලිපියෙන් අද අපි කතා කරන්නේ වර්තමාන තාරුණ්‍යයට පැන නැගිලා තියෙන ප්‍රශ්න මොනවද කියන එක. ඉතින් අපි බලමුකෝ ඒ මොනවද කියලා.
1. ඩේටා
කෑම බීම වගේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් තමයි අද ඩේටා කියන්නේ. ඩේටා කාඩ්, වයි ෆයි කනෙක්ෂන් වගේ වචන එන්නේ ඔය ප්‍රශ්නෙත් එක්ක තමයි. ඇයි දැන් දැන් මැතිවරණ පොරොන්දු වලටත් ෆ්‍රී වයි ෆයි, වයි ෆයි හොට් සපොට් වගේ පොරොන්දු දෙන්න දැන් දේශපාලන පක්ෂ අමතක නොකරන්නේ මේ ප්‍රශ්නේ බරපතලකම ගැන හිතල නොවැ. අනික ඩේටා මිල වැඩි කරද්දී පඩි අඩු කළා වගේ හැඟීමක් තමයි දැන් එන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේකනම් අද බරපතලම ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
2. ෆෝන් එක
ෆෝන් එකක් ගන්න එක, ෆෝන් එක නඩත්තු කරන එක, ඒකට කනෙක්ෂන් එකක් ගන්න එක, කාඩ් කනෙක්ෂන් එකක්නම් කාඩ් දාන එක, එහෙම නැත්නම් බිල් ගෙවන එක, අප්ඩේට් කරන එක. හම්මෝ ප්‍රශ්න පත්තරයක් නේ ෆෝන් එකක් කියන්නේ. ඇයි අලුත් ෆෝන් ගැන යාළුවොත් එක්ක කතා කරන එක. ෆෝන් එක මාරු කරල අලුත් එකක් ගන්න එක. ඕවත් දැන් Trending ප්‍රශ්න වෙලා තාරුණ්‍යයේ.
3. ෆිල්ම් / ටී වී සීරීස්
මෙන්න එනවා තවත් නව තාලයේ ප්‍රශ්න ටිකක්. දැන් කාලයේ තාරුණ්‍යය අනිත් අයට වඩා විදේශීය චිත්‍රපට, ටෙලිනාට්‍ය බලන්න පුරුදු වෙලා ඉන්නවා. ෆෝන් එකට දාගෙන, ලැප් එකට දාගෙන බලන්න පුළුවන්. හරිම ලේසියි මේ තාක්ෂණයත් එක්ක ඒවා දැන්. ඉතින් ප්‍රශ්න එන්නේ අනික් අය බලපුවා එක්ක තමන් බලපුවා සංසන්දනය කරද්දි. “ඒක බලල නැද්ද..? මේක බලල නැද්ද..? අයියෝ මේකනම් බලලා තියෙන්නම ඕන” වගේ යාලු රසික ප්‍රජාවගේ කියුම් එක්ක තව තව අලුත් ෆිල්ම් බලන්න අපේ තාරුණ්‍යය පෙළඹිලා ඉන්නවා. මේකනම් මහා ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් දැන් කාලේ තාරුණ්‍යයට නම් මේක ප්‍රශ්නයක්.
4. ගැජට් / ක්‍රීම්
ගැජට් තුයි ක්‍රීම් තුයි කිවුවම කිරි හොදියි බෝල්ට් ඇණයි වගේ කියල හිතෙන්න ඇති කට්ටියට. මෙහෙමයි පිරිමි පාර්ශවයටනම් ගැජට්. ගැහැණු පාර්ශවයටනම් ක්‍රීම්. මේ කාලේ කොල්ලොන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ගැජට් කියන්නේ. “අලුතින් එන ගැජට් මොනවද..? ඒවායේ මිල කොහොමද..? ක්‍රියාකාරිත්වය කොහොමද..?” මේ වගේ ප්‍රශ්න අද කොල්ලන්ට එමට තියෙනවා. අන්තිමට ඉතින් හොයනවා විතරක් නෙමෙයි. මිලටත් ගන්නවා. පිටරට ඉඳන් මෙහෙට මේවා එවන්න වෙබ් අඩවි කිහිපයක් සැදී පැහැදී ඉන්න නිසා දැන් ඒ වැඩේ හරිම පහසුයි.
ඔය වගේ කෙල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි රූපලාවන්‍ය ද්‍රව්‍ය. “අරයා මේවා ගානවා, මේකේ ගාණ කීයද දන්නෑ, සයිඩ් එෆෙක්ට්ස් මොනවද දන්නෑ” වගේ නා නා ප්‍රකාර ප්‍රශ්න කෙල්ලන්ට ඔය එක එක රූපලාවන්‍ය ද්‍රව්‍ය ගැන තියෙනවා. අන්තිමට ඉතින් එයාලත් හොයල හොයල මිලදී ගන්නවා ඕවා. මිලට අරගෙන මූණේ ගෑවම තමයි ඊළඟ ප්‍රශ්න ටික එන්නේ.
5. උසස් පෙළින් පස්සේ
උසස් පෙළ ප්‍රතිඵල එක්ක ඊළඟට යන්න ඕන පියවර ගැන වර්තමාන තාරුණ්‍යයට තියෙන්නේ දැවෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම දෙමාපියන්ගේ බලපෑම් එක්ක ඔවුන්ගේ හීනත් හැබෑ කරන්න තමන්ට සිදු වීම නිසා තමයි තාරුණ්‍යය මෙතැනදී අතරමං වෙන්නේ. විශේෂයෙන්ම සමහර තරුණයන්ට තරුණියන්ට උසස් පෙළින් පස්සේ දෙමාපියන්ගේ බලපෑම් එක්ක තෝරාගන්න වෙන්නේ තමන් කිසි ලෙසකින්වත් ආස නොකරන පැත්තක්. සමහර තරුණයන්, තරුණියන් නම් තමන් කැමති පැත්ත දෙමාපියන් එක්ක කතා කරලා අවසානයේ තෝරාගන්නවා.
6. ජොබ් එකක්
ඊළඟට ඉතින් එන්නේ මේ ප්‍රශ්නේ නොවැ. උපාධියක් අරගෙන ඉන්ටවීව් 1000 කට විතර ගියත් සමහර අයට ජොබ් එකක් ලැබෙන්නේ නෑ. උපාධියක් නොගත්තු අයට සමහර වෙලාවට හොඳ ජොබ් සෙට් වෙන්නේ ඔය අස්සේ. ඒකනම් තරමක වාසනාව පදනම් වුණු දෙයක් කිවුවොත් කියවන ඔබ ඊට එරෙහි වන එකක් නම් නෑ. දැන් නම් ඉතින් ජොබ් හොයන අය බලාපොරොත්තු වෙන්නේ පඩිය විදිහට ලක්ෂේ පැනපු ජොබ් එකක් නේ. ඉතින් තමන්ගේ නිර්ණායක වලට අනුකූලව ජොබ් එක නැති උනාම තමයි ගොඩක් අයට ඉන්ටර්විව් සිය ගාණකට යන්න වෙන්නේ. මේකත් ඉතින් අවුරුදු ගණනාවක ඉඳන් ලංකාවේ තාරුණ්‍යයට තියෙන ප්‍රශ්නයක් තමයි.
7. විවාහය
මේකත් තාරුණ්‍යය රජයන සම්ප්‍රදායික ප්‍රශ්නයක්. විවාහයට කලින් ඉතින් පෙම්වතිය පෙම්වතා ගැන තියෙන ප්‍රශ්න ටික එනවා. ඊට පස්සේ විවාහය ගැන තියෙන ප්‍රශ්න. ඒත් එක්ක එනවා විවාහ උත්සවය ගැන ප්‍රශ්න පත්‍රයක්. අන්තිමට කර ළඟට යනකන් ණය වෙලා වෙඩින් එක ගත්තට පස්සේ විවාහ ජීවිතයේදී එන ප්‍රශ්න එනවා. මේ පවුල් ප්‍රශ්න ඉතින් ඉවරයක් වෙන ඒවත් නෙමෙයිනේ.
ඕව තමයි අද කාලේ තරුණ තරුණියන්ට ඇත්තටම තියෙන ප්‍රශ්න. ඉතින් මීට වඩා බරපතල ප්‍රශ්න ඔබට මතක් උනානම් එයින් එකකුත් සඳහන් කරලා මේ ලිපිය Share කරන්න අමතක කරන්න එපා.
Cover Image Source – blogger.com
Leave a Reply