ඔන්න මේ සතියෙත් අපි ඔබ හමුවට ආවේ මේ ජනවාරි තුන් වන සතියේ එළිදකින්න නියමිත චිත්‍රපට ගැන තොරතුරු බොහොමයක් අරගෙන. මේ සතියනම් හින්දි සිනමා ලෝලීන්ට හොඳ සතියක් වේවි. බොහොමයක් දෙනා බලා සිටි චිත්‍රපට දෙකක් මේ සතියේ කල එලි බහින්න නියමිතයි. ඉතින් අපි බලමු මොනවද මේ සතියේ එළිදකින්න තිබෙන හින්දි සහ ඉංග්‍රීසි චිත්‍රපට කියලා.
හින්දි
මේක Crime Thriller චිත්‍රපටයක්. Ittefaq වලට පස්සේ එන පළමු ච්රීමේ Thriller එක මේක කියල කිවුවොත් වරදක් නැහැ. මිනීමැරුමක් සහ ඒ චෝදනාවට අත්තඩංගුවට ගන්නා තරුණියක් සහ ඒ පරීක්ෂණය වටා බැඳුනු සිදුවීම් මේ චිත්‍රපටයට පාදක වෙනවා. අමිත් ඛාන් ගේ විසින් ලියන ලද මේ සිනෙමා පටය හැඩගන්වන්නට අර්බාස් ඛාන්, මංජරී පාඩන්ස්, මහේක් චහාල් වැනි නවක නළු නිලියන් රැසක් එකතු වී තිබෙනවා.
අධ්‍යක්ෂණය : සුබ්රොටෝ පෝල්, ප්‍රදීප් රන්ග්වානි
නිකුත් වන දිනය : ජනවාරි 19
ඇමෙරිකාවට සුපර් මෑන්, බැට් මෑන් ඉන්නවා වගේ ඉන්දියාවට දැන් Pad Man ඉන්නවා. මොකක්ද මේ Pad Man කියන්නේ. මේක චරිතාපදානය චිත්‍රපටයක්. නැගෙනහිර ඉන්දියාවේ ගමක වෙසෙන ලක්ෂ්මි කියන මනුස්සයා සාමාන්‍ය පෑස්සුම් ශිල්පියෙක්. ඔහු ව්‍යාපාරයක් ආරම්භ කරනවා කාන්තා සනිපාරක්ෂක තුවා නිපදවමින්. ඉන්දියාවේ සංස්කෘතියත් එක්ක එන බලපෑම්, ව්‍යාපාරික බලපෑම් හමුවේ ඔහු තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්නවා පියවරෙන් පියවර. සත්‍ය කතාවක් ඇසුරෙන් නිපදවූ මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ අක්ශේ කුමාර්, සෝනම් කපූර් සමගින් රාධිකා අප්තේ. සංගීතය අමිත් ත්රිවේදි ගෙන්.
අධ්‍යක්ෂණය : R. බල්කි
නිකුත් වන දිනය : ජනවාරි 24
මෙන්න තියෙනවා කලින් වාරණයට ලක්වුණු Padmavathi චිත්‍රපටය. නමත් වෙනස් කළා Padmavat කියලා. කොටස් බොහොමයක් කැපුණු බවයි ආරංචි වෙන්නේ. කතාව මෙහෙමයි. ඉන්දියාවේ රැජිණක් තමයි පද්මාවතී කියන්නේ. ඇය මැදි වන තුන් කොන් ආදර කතාවක් ගැන තමයි මේ සිනෙරුවෙන් කියවෙන්නේ. ඓතිහාසික පසුබිම් විකෘති කළා කියලා තමයි කලින් මේ චිත්‍රපටයට චෝදනා එල්ලවුණේ. කොහොම වුණත් මේ වසරේ වැඩිපුරම බලාපොරොත්තු තියපු චිත්‍රපටයක් තමයි Padmavat කියන්නේ. රන්විර් සිං, දීපිකා පදුකෝන්, ශාහිඩ් කපූර් කියන සුපිරි නළු නිලියන් මෙහි රංගනයේ යෙදෙනවා.
අධ්‍යක්ෂණය : සන්ජේ ලීලා බන්සාලි
තිරගත වන කාලය : පැය 2යි මිනිත්තු 44යි
නිකුත් වන දිනය : ජනවාරි 25
ඉංග්‍රීසි
ගොඩක් කාලෙකට පස්සේ ආදර කතාවක් හොලිවුඩ් පුරවරයට කල එලි බහින්නේ Forever My Girl එක්ක. සුපිරි ගායන තරුවක් තමන්ගේ ප්‍රථම ආදරය හොයා යන ගමන ගැන කියවෙන මේ සිනෙරුවට පාදක වෙන්නේ හෙයිඩි මැක් ලාෆ්ලින් විසින් ලියූ නවකතාවක්. ඇලෙක්ස් රෝ , ජෙසිකා රෝත් සහ ඇබී රයිඩර් ෆෝට්ස්ටන් වැනි නළු නිලියන් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය මියුරු ලෙස සංගීතවත් වෙලා තියෙන්නේ බ්‍රෙට් බොයෙට් අතින්.
අධ්‍යක්ෂණය : බෙතනි ඇෂ්ටන් වුල්ෆ්
තිරගත වන කාලය : පැය 01යි මිනිත්තු 44යි
නිකුත් වන දිනය : ජනවාරි 19
සැප්තැම්බර් 11 ප්‍රහාරයත් එක්ක ත්රස්තවාදීන් මැඩලන්න ඇෆ්ගනිස්ථානයට යන ඇමෙරිකානු හමුදා සෙබළුන් කණ්ඩායමකට මුහුණ දීමට සිදු වන ත්‍රාසජනක හා යුද්ධමය සිදුවීම් ගැන කියවෙන චිත්‍රපටයක් තමයි 12 Strong කියන්නේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූ මේ චිත්‍රපටය සුප්‍රකට වෝනර් බ්‍රදර්ස් සමාගමේ නිපැයුමක්.
අධ්‍යක්ෂණය : නිකොලායි ෆුග්ලාසිග්
තිරගත වන කාලය : පැය 2 යි මිනිත්තු 10 යි
නිකුත් වන දිනය : ජනවාරි 19
ලොස් ඇන්ජලීස් පොලිසියේ කණ්ඩායමක් ඉතා දක්ෂ විදිහට හොරකමේ නිරත හොරු කණ්ඩායමක් පස්සේ හඹායනවා. මෙය තමයි මේ චිත්‍රපටයට මුලික වෙලා තියෙන්නේ. අභිරහස් ගණයට අයත් චිත්‍රපටයක් කිවුවොත් එය මේ සිනෙරුව ගැන හොඳ හැඳින්වීමක් වේවි. ගෙරාඩ් බට්ලර්, ෆිෆ්ටි සෙන්ට් වැනි නළුවන් මෙහි රංගනයෙන් දායක වෙනවා.
අධ්‍යක්ෂණය : ක්‍රිස්ටියන් ගියුඩ් ගස්ට්
තිරගත වන කාලය : පැය 1 යි මිනිත්තු 30 යි
නිකුත් වන දිනය : ජනවාරි 19
ඔන්න ඔය විදිහට තමයි මේ සතියේ එළිදකින්න පුළුවන් චිත්‍රපට ගැන අපට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිත් අයටත් බලන්න මේ ලිපිය Share කරන්න අමතක කරන්න එපා.
Cover Image Source – imdb.org / time.com / pintarest.com / youtube.com
සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…
දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…
මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…
දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…
"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…
ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…