ඔෆිස් එකක වැඩ කරන මනුස්සයෙකුට මේ සිද්ධිය බොහොම අදාළයි. ඇයි? කියල කිවුවොත්, ඔෆිස් එකේ බොහොමයක් පිරිස ඒකෙ ලොක්කව අන්දන්න උත්සාහ කරනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. අද කියන්න යන්නෙ ඒ ගැන. මේ කතාව කියවගෙන යන කොට ඔයාලට ඔෆිස් එකේ සිද්ධි මතක් වෙලා හිතට කේන්තියක් එන්නත් පුලුවන්. ඒත් ඉවසගෙන කියවන්න. මොකද මේක ඔයාගෙ ඔෆිස් එකටත් අදාළයි.
1. අනේ!

Source – pennyhorder.com
සල්ලි කියන්නෙ අපි හැමෝටම අන්තිමටම ඕන දේ. හැබැයි එහෙමයි කියල ඒ වෙනුවෙන් කරන්න සිද්ධ වෙන ඕනම දෙයක් කරන්න නරකයි. එහෙම කරන මිනිස්සු තමන්ගෙ ආත්ම ගරුත්වෙ නැති කරගන්නව වගේම නීති විරෝධී වැඩවලත් ඇතැම් මොහොතක පැටගෙනවා. මේ විදියට අනේ සර් මගේ පඩිය වැඩි කරන්නකො කියාගෙන යන එකනං ලොකු අවුලක්. ඒකත් කිවයුතු විදිහක් තියෙනවා. හැබැයි තාමත් ඒක කියන්නෙ මේ විදියට තමයි.
2. ඇයි?

Source – qualityconstryctions.com
කොහෙන් කොහොම වුනත් ලොක්කගෙන් නිවාඩුවක් දාන්න අහන්න ගියාම ලොක්ක සැරෙන් ඇයි කියල අහන එක සාමාන්‍ය සිද්ධියක්. මේක නැති කරගන්න හෝ ඇයි කියල අහන එකේ සැර බාල කරගන්න ලොක්කව අන්දන්න අපිට සිද්ධ වෙනවා. අන්න ඒ නිසා බොරු වැල් වටාරං තොගයක් ගහලා අපේ හේතුව ඉදිරිපත් කරනවා.
3. කවුද?

Source – huffingtonpost.com
ඔෆිස් පොලිටික්ස් ඇතුළෙ ගේමක් අදින ලොකුම විදිය තමයි ලොක්කට කේලමක් කියලා ඒකෙන් අදාළ පුද්ගලයාට කෙලවීම කියන දේ. හැබැයි මේක ලේසි නැහැ. ලොක්කගෙ හිතට අපි මේ කියන්නෙ කේලමක් නෙමෙයි කියල තේරෙන්නත් ඕන. මේ මිෂන් එක අපේ වැඩක් නෙමෙයි කියල අදාල පුද්ගලයට තේරෙන්නත් ඕන. මේ විදියට ගහන ගේම් නිසා අනන්තවත් වැඩදායී මිනිස්සු මේ මොහොතේ රැකියා අතහැරලා යනවා.
4. මෙහෙම මෙහෙම

Source – thebalance.com
ප්‍රමෝෂන් කියන්නෙ කොයි මනුස්සයත් ආසා කරන දෙයක්. මොකද පඩි වැඩි වීම්, විශේෂ වරප්‍රසාද වගේම තත්ත්වය ඉහළ යෑම කියන කාරණාත් ප්‍රමෝෂන් එක්ක බද්ධ වෙලා අපේ අතට පැමිණෙනවා. දැන් ඔය කියන ප්‍රමෝෂන් එකක් ගන්න වැඩ විතරක් කරලම මදියි. මොකද ඒක එන්නෙ ලොක්කා හරහානෙ. ඒ නිසා ඒකට පොඩි කඩේ යෑමකුත් කරන්න සිද්ද වෙනවා. ඒ නිසා ප්‍රමෝෂන් එකක් වෙනුවෙන් මං මෙහෙම කැපවුණා.. මං මෙහෙම කැපවුණා කියල ලොක්කට ඒත්තු ගන්වන එක පුදුම අමාරු වැඩක්.
5. සෑර් 1

Source – milewalk.com
ඔෆිස් එකේ අයිස් ගගහා ඉන්න, කැමති වෙලාවට ගෙදර පනින්න, වැඩ අඩුවෙන් තමුන්ට එන විදියට සලස්වා ගන්න වගේ හේතු වෙනුවෙන් සමහර අය ලොක්කව අන්දගෙන ලොක්කට කේලමක් කියාගෙන ඉන්නවා. ඒක හරිම ලේසි පහසු ක්‍රියාවලියක්. කරන්න තියෙන්නෙ දවසෙ පැය බාගයක් වෙන් කරලා ලොක්කව ටැකල් කරන එක විතරයි.
6. සෑර් 2

Source – twitter.com
තවත් සමහරු මේ විදියට ලොක්කව ටැකල් කරන්නෙ වෙනස්ම විදියෙ වාසි සහ වරදාන ටිකක් තමුන්ට සෙට් කරගන්න හිතාගෙන. ඒ තමයි ලොක්කගෙ වාහනෙන්ම ගේ ගාවට ඩ්‍රොප් කරගන්න, ලොක්කගෙ කන්ටෑක්ට් පිට ගිහින් නොමිලේ බොන්න වගේ හේතු. මෙවුව නිසා ලොක්කව ෂේප් එකේ තියාගෙන එක දාගෙන ඉන්න බුවාලත් ඔෆිස්වල ඉන්නවා.
Cover Image Source – userreasearchfriday.com
Leave a Reply