ඔෆිස් කියන්නෙ ඉතිං පාර්ලිමේන්තුවට වඩා පොලිටික්ස් කැරකෙන තැනක්. උසස්වීම්, ලවු, තරහ, යාළු, උස් පොඩි වගේ හැමදේම ඔෆිස් ඇතුළෙ තියෙනවා. ඒත් ඒවා රාජකාරි නිසා තරමක් දුරට යටපත් වෙලා තියෙනවා. ඒ වුනත් ඔෆිස් ට්‍රිප් එකක් කියන්නෙ ඔය වගේ ප්‍රශ්නෙ උඩ එන්න පුළුවන් අවස්ථාවක්. අන්න ඒ නිසා ඔෆිස් ට්‍රිප්වලට සෙට් වෙද්දි පරිස්සම් වෙන්න ඕන. ඒ පරිස්සම තියෙන්න ඕන තමුන් වෙනුවෙන් වගේම අනුන් වෙනුවෙනුත් බව සිහි තබාගන්න. මේ කියන කතාව හැම තනතුරකම කට්ටියට අදාළයි.
1. තමන් ලොක්කා

Source – wsj.com
හරි. ඔයා ඔෆිස් එකේ ලොක්කා තමයි. හැබැයි ඒ ඔෆිස් එකේ. ඔෆිස් එකේ සෙට් එක ඉන්න නිසා ඔයාට නිතරම ගෞරවයක් වගේ දෙයක් දෙන්න උත්සාහ කරාවි. නමුත් ඔයා පුළුවන් තරං මේ වගේ වෙලාවක ලිහිල් විය යුතුයි. මේ වගේ තැන්වල තමයි ඔයාට ලොක්කෙක් විදියට ස්කෝර් කරන්න පුළුවන්. ඔයාට ඔයාගෙ ඔෆිස් එකේ අයගෙ විවිධ හැකියාවන් හඳුනාගන්න පුළුවන්. ඔයාලෙ ලිහිල් වීම තුළ ඔයාගෙ සගයොත් ලිහිල් වීම ඔයාට අනාගතේදි ලොකු වාසියක් වේවි. එතනට ගිහිල්ලත් ඔයා ලොක්ක කියල හිතාගෙන ආ දැන් උඹ සින්දු කියපං!, දැන් බීපං! වගේ කතා එතනදි තියන්න එපා!
2. කබ්බා

Source – gunaxin.com
ඔෆිස් ට්‍රිප් එකක් කියන්නෙ මොනව වුනත් ස්ටේටස් තියාගත යුතු තැනක්. මොකද ඔය ට්‍රිප් එක ගිහිල්ල ඇවිල්ලත් ආයෙ රස්සාව කරන්න ඕන. ඒ නිසා තමුන් රැකියාවෙන් උසස් වුණත් පහළ තලයක සිටියත් රස්සාවට කැත නමක් නොගෑවෙන්න වැඩ කරගෙන එන්න ඕන. අන්න ඒ නිසා කබ්බා දාලා, අනිත් මිනිස්සුන්ට කරදරයක්, අපහසුවක්, අපුලක් වෙලා එන්න එපා.
3. වාත කේස්

Source – daviantart.com
ඔන්න මේ විදියෙ ඩයල් නං වෙන්නම එපා! සමහරු කබ්බා දැම්මත් ඒක ෂේප් එකේ පැත්තකට ගිහින් දාලා මොකුත් නොවුණු ගානට ෂේප් එකේ එනවා. ඒත් අනිත් අය කබ්බා දැම්මෙ නැතත් මුළු වටේටම ගඳ බෙදලයි එද්දි එන්නෙ. තමුන් සාමාන්‍යයෙන් බිවුවහම වාත වෙන ඩයල් එකක් බව කලින් දන්නවනං ඔෆිස් ට්‍රිප් වගේ දේකට සහභාගි නොවී ඉන්න එක හොඳයි.
4. ගොටු

Source – cgsociety.com
දැන් ඔය ඔෆිස්වල ඉන්නවනෙ ගොටු අල්ලලා උඩට යන අය. ලොක්කගෙ පෞද්ගලික වැඩ කටයුතු කරන අය, තියන තියන අඩියක් පාසා ලොක්කගෙන් හරිද හරිද කියලා අහන අය. එහෙම අයට ට්‍රිප් එක ගියත් ලොක්කට ගොට්ට අල්ලන්නෙ නැතුව ඉන්න බෑ. ඒ අය උත්සාහ දරන්නෙම මේ ගොට්ට දිගටම අල්ලගෙන යන්න. තමුනුත් එහෙම කෙනෙක්නං අනුන් පෙන්වලා දෙනකං නොයිද අඩුම තරමෙ ට්‍රිප් එකේදිවත් ගොට්ට නවත්තලා ඉන්න.
5. ඔෆිස් ඇරියස්

Source – youtube.com
දැන් ඔය අපි කලින් කිවුව වගේම ඔෆිස් ඇතුළෙ ඉන්දැද්දි තියෙනවනෙ ඇරියස්. අරූ මාව කපලා ඉහළට ගියා, අරූ නිසා මට යන එන මං නෑ, මූ නිසා මං ලොක්කගෙන් බැනුං ඇහුවා වගේ කේන්ති ඔයාලගෙ හිතෙත් තියෙනවද? එහෙම තියෙනවනං ඒ ඇරියස් ඔෆිස් එකේම තියාල එන්න. ඔෆිස් එකකින් වියදං කරලා කට්ටියව ට්‍රිප් එකක් එක්කගෙන යන්නෙ ඔලුවෙ තියෙන කුණු කන්දල් දාලා ආයෙ සතුටින් පොදු රාජකාරිය වෙනුවෙන් වැඩකරන්න පුළුවන්වෙන්න ඔලුව හදන්න. අන්න ඒක කඩාකප්පල් කරන්න එපා!
6. කැමති කෙල්ල කෝ

Source – britco.com
දැන් ඔය ඔෆිස් එකේ ඉන්නවනෙ කැමති කෙල්ලො. කැමති කෙල්ලට ඔෆිස් එකේදි ට්‍රයි කරන්න බැරි හේතු තියෙනවා. පළවෙනි හේතුව තමයි හියුමන් රිසෝස් සෙක්ෂන් එක. දෙවැනි එක තමයි ඒ කෙල්ලට ඔෆිස් එකේදි නරක විදිය පෙළඹවීමක් කරන්න ගියොත් ඔෆිස් උන්ගෙ බයිට් එකට ලක්වීම. අන්න එහෙමයි කියලා ඒ කෙල්ලව ට්‍රිප් එකේදි තනි වෙච්ච වෙලාවක ඇයි අපි කළුද? වගේ කතා කියලා නෝන්ඩි වෙන්න යන්න එපා.
7. ද බෙබා

Source – gunaxin.com
අපි මේ කියන අය ඕනම ට්‍රිප් එකක ඉන්නවා. ඒ තමයි තමුන් තමයි බෙබා කියලා පෙන්නන ඩයල්. බොන්නෙ නැති අය ගාවට ගිහින් ආපෝ මොනාද බං බීපංකො බීපංකො, උඹ දැන් ෂොට් කීයද? යකෝ මං බාගයක් බිවුව උඹ තාම ෂොට් දෙකයිනෙ වගේ ඇල්කොහොලික පොරටෝක් දෙන බුවාලා. ඔයා එහෙම එකෙක් නං එහෙම එකෙක් නොවෙන්න. එහෙම එකෙක් ඔයාලගෙ ඔෆිස් එකෙත් ඉන්නවනං පොරව හලලා යන්න.
Cover Image Source – mymemes.biz/ ommzi.com
Leave a Reply