බොන්න සෙට් වෙන්න බැරි වුනාම කොල්ලො කියන බොරු

Beba Lies

කට්ටිය සෙට් වෙන, බොන කරන යාලුවො ඔයාටත් ඉන්නවනං අඩුම තරමෙ සති දෙකකට පාරක්වත් කට්ටිය සෙට් වෙන බව ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. හැබැයි හදිස්සියෙවත් ඔය සෙට්වීමකට එක යාලුවෙකුට එන්න බැරි වුණොත් මොකද්ද වෙන්නෙ? අන්න එදාට පොරට සිද්ධ වෙනවා රෑ තිස්සට ෆෝන් කණේ තියාගෙන යාලුවොන්ගෙ දහම් දෙසුම් අහන්න. මේ කියන දහම් දෙසුම් අතිශය සුමධුර වචනයෙන් කැටි වුණු, ඇහැවුවත් සිත් පහන් වෙන ටෝක්ස්. ඒ නිසා මෙන්න මේ විදියෙ ප්‍රසිද්ධ බොරු යාළුවො විසින් කියනවා.

 

1. සුරේ!

Beba Lies

Source – theforward.com

මෙවුව තමයි අති රියලිස්ටික් බොරු. මචං ගිය සතියෙ සුරයක් දැම්ම. ඒක දාලා සති තුනක් යනකං බොන්න තියා කටේ තියන්න බෑ. ඊටපස්සෙ ඉතිං කොල්ල පාටි ඇනිමල් තමයි ආයෙ. මටනං මෙවුව දාගෙන බොන්න ගින්නක් නෑ. ඒත් අපේ අම්මා ආසාවෙන් දාපු සුරේ බං. ඒ නිසා කොරන්න දෙයක් නෑ. මට මස්වත් කන්න නෑ බං මේ ටිකේ. එනිසා බිවුවෙ නැතත් ඇවිල්ල මට මුරුක්කු කකා ඉන්න වෙන්නෙ. අනේ එන්න බෑ බං.

 

2. අම්මට සනීප නෑ

Beba Lies

Source – ravishly.com

කොච්චර පොර ටෝක් දුන්නත්, රණ්ඩු කරත් කොල්ලො පණ වගේ ආදරේ කෙනෙක් තමයි අම්මා. ඒ නිසා තත්ත්වය හොඳම දරුණු බැරිම මොහොතක ගැලවෙන්න දෙයක්, එල්ලෙන්න වැලක් නැතිම වුනාම අම්මව බිල්ලට දෙන පුතාලත් බහුලව ඉන්නව. අඩේ අම්මට සනීප නෑ බං. තාත්තා එද්දි රෑ වෙන නිසා මං ගෙදර ඉන්න ඕන වගේ ටෝකක් මේ වගේ දේකින් ගැලවෙන්න සෑහෙනවා. හැබැයි ඉතිං යාලුවො පස්සෙ දවසක අම්මගෙන් අහලා ඇත්ත දැනගත්තොත් කාලා වරෙන් පුතෝ. අම්මගෙනුත් ගුටි. යාලුවොන්ගෙන් රොටි.

 

3. බෙහෙත් බොන ගමන්

Beba Lies

Source – netdoctor.co.uk

මේකත් සාර්ථක බොරුවක්. අසනීපයි වගේ දෙයක් කිවුවම කොයි යාලුවත් සැක සහිත ඇසෙන් බැලුවත්, මං ගිය සතියෙ අසනීප වෙලා හිටියෙ බං දැන් බෙහෙත් බොන ගමන්. දැන් මට හොඳ වුනාට බෙහෙත් ඉවර වෙනකං ඕව කටේ තියන්නවත් බෑ බං. අන්න ඒක රියල් එකට බර බොරුවක් නිසා නිකංම අසනීපයි කියනවට වඩා මේ බොරුව වැඩ කරනවා.

 

4. ඊයෙත් ඩෝප්

Beba Lies

Source – greatist.com

මේක ඩෝප් යාළුවන් විසින් පිළිගන්න සත්‍යයක්. මොකද කවුරුත් දන්නව බීලා පහුවදාට තියෙන අමාරුව. ඇයි ඉතිං තමුනුත් ඒ කට්ට කනවනෙ. අන්න එතකොට මේ බොරුව සාර්ථකව වැඩ කරනවා. මචං බිවුවයින් බිවුවෙ නෑ ඊයෙ වගේ බීමක්, මට මාර අමාරුයි බං. හොඳටම ඩෝප්. දැන් මේ පිටින් ඇදේට ඇවිල්ල මං අද බිවුවොත් මැරෙයි බං. මං අන්න ඒ නිසා ගෙදර ඉන්නං කියල කියන බොරුව හොඳටම වැඩ කරනවා.

 

5. ඔෆිස්

Beba Lies

Source – thebalance.com

මේකත් ඉතිං සාර්ථක පරිසරයක් වටපිටාවක් සකසාගෙන කියන්න ඕන බොරුවක්. ඇයි ඉතිං මං මේ ඔෆිස් කියල කියද්දි අම්ම පිටිපස්සෙ ඉඳන් පුතේ රෑට කන්නෝ කියල කෑ ගැහුවොත් වැඩේ  ෆුල් චාටර් නෙ. අන්න ඒ නිසා අති සාර්ථකව වැඩේ ගොඩදැමිය හැකි නම් පමණක් මේ බොරුව කිව යුතුයි. මොකද මේ වගේ බොරුවක් හිරවෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. පස්සෙ දවසක ඇත්ත සාක්කිය කටෙන් පනින්න උනත් ඉඩ තියෙනවා.

 

6. අම්මටසිරි!

Beba Lies

Source – middlechildcatholicpriest.com

අම්මටසිරි කියල අපි හඳුන්වන්නෙ ඒ ඒ වෙලාවට මතක් කරලා බොරු කියන ඩයල්. අම්මටසිරි මං හිතාගෙන හිටියෙ කට්ටිය සෙට් වෙන්නෙ හෙට කියලා බං. මට සහමුලින්ම අමතක වුනා උඹල අද සෙට් වෙනව කියල බං. ඒ එක බොරුවක්. එහෙමත් නැත්තං අඩෝ මං මේ එන ගමං බං උඹලා දිගටම බීපං කියලා පස්සෙ ට්‍රැෆික් හින්දා එන්න බැරිවුනා කියන ඩයල්. ඔන්න ඔය වගේ අම්මටසිරි බුවාලත් බහුලව දකින්න පුළුවන්.

 
Cover Image Source – thedoctorweington.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *