මිලියන පතියන්ගේ ජීවිතයෙන් අපිට සොරාගත හැකි දේවල්

Learn from millionaires life

දියුණුව යනු ආර්ථිකමය දියුණුව පමණක් නොවේ. එහෙත් ආර්ථිකව හැදී වැඩී දියුණු වන පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිත අධ්‍යනය කලොත් ඔවුන් දුප්පතුන් සිතා සිටින තරම් කුමාර ජීවිත ගකරන්නේ නැත. සත්‍ය ධනපතියන් අපි ඉදහිට දකින චිත්‍රපටියක එන දුෂ්ඨ ධනපතියා මෙන් නොයෙක් දේට මුදල් නාස්ති කරන්නෙ නැත. ඇමරිකානු මිලියනපතියන් ගැන වසර ගනනාවක් පර්යේෂණ කොට ඔවුනගේ ජීවන ගතිගුණ ගැන ලියූ පොතක් වේ. එහිදී හුදෙක් හිතුමනාපයට මිලියන පතියන්ගේ ගතිගුණ ගැන කියනවා නොව ඒවා ප්‍රතිශත ආකාරයෙන් ඉදිරිපත් කිරීම්ද සිදුකරයි. ඒ පොත රිච් හැබිට්ස් වන අතර තෝමස් කෝලි නම් වූ පර්යේශකයෙකුගේ පොතකි.

 

1. අසාර්ථක පුද්ගලයින්ගෙන් ඈත්වීම

Learn from millionaires life

Source – cnbc.com

මිලියනපතියන් යනු හමුවෙන සෑම අයෙකු සමගම සබඳතා ඇතිකරගන්නා අය නොවේ. එසේ සබඳතා ඇතිකරගත් කල ඒ වෙනුවෙන් යම් කිසි කැපකිරිම් කරන්නටද සිදු වේ. එය දියුණුවට බාධාවකි. මිලියනපතියන් වීමට අදහස් කරන අයත් තවදුරටත් නැතිබැරි අය සමගම ආශ්‍රය නැතිව ඇති හැකි අයත් ඔවුන්ගේ සමාගමයත් ගොඩනගාගැනීමට මාන බැලිය යුතුය.

  • ධනවත් මිනිසුන් 86%ක් තවත් ධනවත් පිරිසම ආශ්‍රය කරති.
  • දුප්පත් අයගෙන් 96%ක් ආශ්‍රය කරන්නේ දුප්පත් අයවලුන්මය.

රට හැදීමේ සිට ලෝකය වෙනස් කිරීම දක්වා පුළුල් පරාසයක වූ ප්‍රයෝගික නොවන චෝදනාත්මක දර්ශන දැක්වීමට කැමති අය මිලියනපතියන් අතර අඩුය. මිලියනපතියෝ වෙනත් අය කියන අදහස් අසා සිටීමට රුචිය. ඔවුහු යම් කතාවක් යන කල තමුන්ගේ මත ටිකම කියාගෙන යනවාට වඩා ඒ හරහා යමක් ඉගෙනගැනීමට හදන්නේය.

 

2. ලොතරැයි වාසනාව බැලීම

Learn from millionaires life

Source – Blokboek.com

හදිසියේ ධනලාභ පහල වූ බොහෝ දෙනාට ඒ ධනවත්කම ආරක්ෂා කරගත හැක්කේ ස්වල්ප කාලයකි. එය ලංකාවේ ලොතරැයි ආදි දේ ඇදී ධනවත් වූ අය කෙරෙහි බැලූ විටද දැකිය හැකි ලක්ෂණයකි. දුප්පත් ජනයා 77%ක් හදිසි ධනලාභ කෙරෙහි විශ්වාසය පලකරන අතර ධනවතුන් අතරින් ඒ ගැන විශ්වාස කරන්නේ 6%ක් පමණි.

 

3. රූපවාහිනී බැලීම අන්තර්ජාලගතවීම

Learn from millionaires life

Source – martechtoday.com

අප රටේද දුප්පත් නිවසකට ගොඩ වූ කල කුමක් නැති වුවද ස්මාට්ෆෝනයක් හෝ රූප පෙට්ටියක් තිබෙනු දකින්නට හැකිය. රූපවාහිනිය ගත් කල ලාංකික නාලිකාවල අධ්‍යාපනික අගයක් ගෙනදෙන වැඩසටහන් අඩුය. හැරත් වැඩිපුරම ජනයා නරඹන්නේද ටෙලිනාට්‍ය ප්‍රවෘත්ති දේශපාලන කතා වැනි වැඩසටහන්ය. ඇමරිකාවේද ජයග්‍රාහකයින් තෝරා දෙන රියැලිට් වැඩසටහන් බලන පිරිස පෝසතුන් අතර 6%ක් වන අතර දුප්පතුන් අතර 78%ක් තරම් වැඩි ගණනක් වේ.

දිනකට පෑ දෙකකට වඩා රූපවාහිනියට අන්තර්ජාලයට කැපකරන කාලය තුල මිලියනපතියන් කුසීතව නිදාගන්නේ නැත. ඔවුහු වැදගත් වූ දේවල් අධ්‍යයනය කරති. කියවති.

 

4. ඉගනගැනීම කියවති.

Learn from millionaires life

Source – stephenlutz.net

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. එහෙත් නවකතා තොරොම්බල් කතා කියවීමෙන් සම්පූර්ණ වන්නේ සිහින මාලිගා මිස සැබෑ ජිවිතය නොවේ. මා කියවීමට ආසාය යන පැනයට ඔව් යැ උත්තර දීමට 86%ක් මිලියනපතියන් කැමති වී ඇති අතර කියවීමට ලැදි දුප්පතුන් සිටියේ 26%ක් පමණි. පෝසතුන් කියවන දෙයින් සියයට 79%ක්ම අධ්‍යාපනික දේ වූ අතර ඔවුන් විනෝදාත්මක දේ කියවන්නේ 11%ක් පමණි. සාමාන්‍ය දුප්පත් ජනයා අන්තර්ජාලයේද? සෝසල් මීඩියා වලද රූපවාහිනියේද ගෙවන කාලය මිලියනපතියන් පොත් අතර ගෙවාදමන බව ඒ ඇමරිකානු මිලියනපතියන් ඇසුරෙන් කළ පර්යේෂණ අනුව අපිට නිගමන කළ හැකිය.

 

5. වියදම් කළමනාකරණය

Learn from millionaires life

Source – miabytanishq.com

අප ජීවත් වන්නේ කාල බීලා මැරිලා යන්නට නොව සැප විඳීමටය. එහි කිසිදු තර්කයක් නැත. අපි සැප විදිය යුතුය. එහෙත් අපි ඒ සැප වෙනුවෙන් වියදම් කරන මිලෙන් සැබෑ සැපයක් ලැබෙන්නේද? අප රට මුදල් උපයන මධ්‍යම පාන්තිකයෝ රැසක් සිය වැටුපෙන් සියයට 50%කටත් වඩා වාහන ලීසිං සහ නිවාස තැනීම වෙනුවෙන් කැප කරති. ඇමරිකානු මිලියනපතියන් ජිවත් වීම සදහා වියදම් කරන මාසික වියදම

  • නිවාස සදහා 25%ක්
  • ආහාර සදහා 15%ක්

වාහන ලීසිං සඳහා 5%ක් තරම් අඩුමිලකි. මෙය බැලූබැල්මටම යම් සත්‍යතාවයක් තිබිය හැකිය. ආදායම වැඩිවන විට ඔහුට රියක් වෙනුවෙන් නිවසක් වෙනුවෙන් ගෙවිය යුතු වන්නේ අඩු ප්‍රතිශතයකි.

 

6. ණය සහ ඉතුරුම්

Learn from millionaires life

Source – nydailynews.com

දියුණු වූ මිනිසුන් ඇසුරෙන් කරන ලද බොහෝ පර්යේෂණ වලදි ඔවුන් අඩුවෙන් ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන අය බව හෙලිවි ඇත. අපිට ආදායම වර්ධනය කරගැනීමට තවත් ආදායම් මගක් සොයාගත යුතුය. නැතිනම් ආයෝජන කටයුත්තක නිරත විය යුතුය. ඒ කුමක් කරන්නත් මුදල් ටිකක් හෝ අතමිට තිබීම වාසියකි.

බොහෝ මිලියනපතියන්ගේ මුල් කලදවස ගැන බැලූ කල ඔවුහු මුදල් ඉතිරිකර ඒ මුදල් විවිධ දේ වෙනුවෙන් ආයෝජනය කල අය බැව් පෙනෙනු ඇත. අපි අපගේ මාසයේ වියදමට තවත් පොලී එකතු කරන කාඩ් මගින් ගෙවිම් කරන සිරිතට හුරු වි සිටී නම් එය ඉතුරු කිරිම් වලට මග හරස් කරන යෙදවීමකි.

 

7. නිරෝගීකම

Learn from millionaires life

Source – trainmag.com

ලංකාවේ නම් ධනවතුන්ද හොඳට කඳ බඩ මහතට තිබෙන ඇතැම්විට ඇවිදීමටද අපහසු වූ අය ලෙස සිරුර තනාගත් අය ලෙස අප දැක තිබේ. එහෙත් ඇමරිකාවේ ධනවතුන් 86%ක් පමණ නිතිපතා ව්‍යායාම කරන පිරිසකි. ඔවුන් දිනකට පැය බාගයකට වඩා ව්‍යායාමයට කැප කරති.

බුදුරජාණන් වහන්සේ මීට වසර 2500කට ප්‍රථම ආරෝග්‍යා පරමා ලාභා යැයි වදාලේ නවලෝක ආසිරි වැනි පුද්ගලික රෝහල් වල රෝහල් බිල් දෙස බැලිමෙන් නොවේ. රෝගී වීමෙන් ඒ සුවකරැගැනීමට  අමතර මුදල් වැය වන අතර එහිදී අහිමිවන කාලය අපගේ ඉපැයිම් වලටද දැඩි බලපෑමක් එල්ල කරයි. හැකි සෑම විටම විශාල ආහාර වේලවල් ගෙන රිසිසේ නිදමින් ආසනගතව දවසම කටයුතු කරන්නේ නැතිව ඇමරිකානු මිලියන පතියන් ලෙස හැකිපමණ තෝරා බේරා ආහාරගැනිමත් දිනකට පෑ බාගයක් වත් ව්‍යායාමයේ යෙදිමත් දියුණුවට මග විවර කරගත හැකි ආකාරයකි.

 

8. ගෝල් ඇන් ටයිමින්

Learn from millionaires life

Source – Fortune.com

ඉලක්ක නම් අපි බොහෝ දෙනෙකුට තිබේ. එහෙත් ඒ ඉලක්ක වෙත යෑමට අද දවසේ කළ යුත්තේ කුමක්දැයි අපිට නිසියාකාර අදහසක් නොමැත. එක්කෝ අපි අද දවසේ කළ යුතු දේ නිතර හෙටට කල්දැමීමට හුරු වි සිටිති. දෛනික වැඩ ලැයිස්තුවක් තබාගෙන වැඩකිරීම මිලියනපතියන් අතුරින්  81%ක සාමාන්‍ය චර්යාවකි. දුප්පත් ජනයා එවැනි දෛනික වැඩ ලැයිස්තු අනුගමනය කිරීම ගැන විශ්වාස කලේ 19%ක් පමනි.

මිලියන පතියන්ගේ සැබෑ ජිවිතය සරලය. ඔවුහු බෙහෝවිට සතුටින් සිටිති. නිරත වන කාර්යන්ගෙන් සෑහිමකට පත් වන අතර රැකියා ජීවිතයෙන් ඔබ්බට ගොස් තවත් ආයෝජන අවස්ථා ගැන ඔවුහු සොයා බලති. සෑම විටම රජය, සේවා ස්ථානය, අනෙක් පුද්ගලයින්ටම බැන අඬගසමින්, දොස්පවරමින්  කාලය නාස්ති නොකරන මිලියනපතියෝ සිය අවකාශයට අදාල හිතමිතුරන් ඇතිකරගැනීමේද ඔවුන් සමග සම්බන්ධතාවයන් පවත්වාගැනීමේද රුසියෝය.

අප සියල්ලන්ටම මිලියන පතියන් විය නොහැක. එහෙත් මිලියන පතියන් ගෙනයන සුවබර ජීවිතයේ සාරය රඳා පවතින්නේ ඔවුන්ගේ සුවිශාල නිවාස තුලවත් ඔවුන් සතු මිල අධික යාන වාහන වලවත් ඉදහිට ඔවුන් කෑමට බිමට ගන්නා මිල අධික ආහාර පාන වලවත් නොවේ. ඔවුන්ගේ සරු දිවිය ඔවුන් ම උපයාගත් වටිනාකම් වල එකතුවකි. අපිත් ඒ ආකාරයට සුවබරව ජීවත් වන්නට සිතට ගනිමු.

 
Cover Image Source – youtube.com/ pintarest.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *