දැන් ටිකක් තරුණ තරුණියෝ වෙනදට වඩා සංචාරය කරනවද කියල හිතෙන්නේ මුහුණු පොතට එහෙම රිංගුවම. ඇයි ඉතින් බැලුවම විනාඩියෙන් විනාඩියට එක එක අය ගියපු තැන් වල ෆොටෝස් වලින් මුහුණු පොත යාවත්කාලීන වෙනවනේ. ඉතින් අපි හිතුව එක එක අය ට්‍රිප් යන හේතු ගැන කතා කරන්න. සමාජයේ අය දිහා බැලුවම ඔබට මේ එක එක හේතු වලට ට්‍රිප් යන අය හමුවේවි. ඒ වගේ වෙලාවට මේ ලිපිය කියවල තියෙන එක එයාලව අඳුනගන්න ඔබට පහසුවක් වේවි.
1. නිදහසට

Source – pintarest.com
සමහර අය ඉන්නවා සතියේ දවස් හතෙන් හයක්ම වැඩ කරනවා. ඉරිදා සහ පෝය දවස විතරයි නිවාඩුවක් එන්නේ. සමහර අයට මාසෙන් දවස් දෙකයි තුනයි නිවාඩු. ඉතින් මෙහෙම අයට විවේකය ගොඩක් අඩුයි. සතිය තිස්සෙම මහන්සි වෙලා ගෙදර ආවම ඒ වැඩ ටිකත් කරාම සතියම ඉවරයි. මෙහෙම අය ඉතින් ගොඩක් කල් යල් බලල තමයි ට්‍රිප් එකක් යන්න වෙලාවක් හදාගන්නෙත්. ගොඩක් වෙලාවට ඔය සිකුරාදාට එහෙම නිවාඩුවක් ලැබුණොත් බොස් ට වැඳලා වැඳලා සෙනසුරාදත් නිවාඩුවක් දාගෙන ඉරිදාත් අල්ලලා දවස් තුනේ ට්‍රිප් යන්න තමයි මෙයාල බලන් ඉන්නේ. නිදහස් පළාතකට ගිහිල්ල විවේක සුවයෙන් කාලය ගත කරන්න මෙයාල ඒ විනෝද ගමන් යොදාගන්නවා.
2. ඉගෙන ගන්න

Source – blogger.com
දන්නවනේ ඉතින් මේවා ගැනනම්. ඉස්කෝලේ කාලේ ට්‍රිප් එකක් යන අතරේ නොගැලපෙන සින්දුවක් එහෙම කියවුනොත් ටීචර් කෙනෙක් හරි සර් කෙනෙක් හරි නැගිටලා කියන වචන ටිකක් තියෙනවා. “ළමයි අපි මේ යන්නේ විනෝද ගමනක් නෙමෙයි අධ්‍යාපන චාරිකාවක්” ඉතින් ඔන්න ඒ වගේ චාරිකා ගැන තමයි මේ කියන්නේ. ඉස්කෝලේ කාලේ විතරක් නෙමෙයි. ඔය විශ්ව විද්‍යාලවල ළමයි එහෙමත් ක්ෂේත්‍ර චාරිකා කියල තමන්ගේ ඉගෙනීමට අදාල වන තැන් වලට යනවා. ගොඩක් වෙලාවට කර්මාන්ත ශාලාවන්, වනාන්තර වගේ තැන් තමයි මේ වගේ චාරිකා වල ගමනාන්ත වෙන්නේ.
3. ට්‍රිප් උණ

Source – foodtravel.com
සමහර අයට ට්‍රිප් උණ තියෙනවා. අපි ඔය උණ කියන්නේ ඇබ්බැහිවීම් වලටනේ. ඇත්තටම මේකනම් හොඳ ඇබ්බැහිවිමක්. ඇවිදිනවා කියන්නේ නරක දෙයක් නෙමෙයිනේ. මෙයාලට ඕන කොහේ හරි කමක් නෑ දුර ලස්සන තැන් වලට යන්න. නිවාඩුවක් විවේකයක් ලැබුණ ගමන් යාලුවෝ ටික සෙට් කරන් දවසක දෙකක ට්‍රිප් එකක් යන්න තමයි මේ අය කැමති. අර මුලින් කියපු අය වගේ මහා ගොඩක් ලේස්ති වෙන්න මේ අයට ඕන නෑ. ට්‍රිප් ගිහිල්ල පළපුරුද්ද තියෙන නිසාම ඇඳුම් දෙක තුනක් බෑග් එකට දාගෙන යාලුවෝ ටිකත් එක්ක සෙට් වෙලා බස් එකක එල්ලිලා මෙයාල තමන්ට ඕන තැනට යනවා. පොඩි වියදමකින් උපරිම තෘප්තියක් ලබන්න මෙයාල හරි දක්ෂයි.
4. ෆොටෝ ගහන්න

Source – techcrunch.com
සමහර අය ඉන්නවා ට්‍රිප් යන්නෙම ෆොටෝ ටිකක් ගහගන්න කියල හිතාගෙන. ගියපු වෙලාවේ ඉඳන් ගන්න පුළුවන් හැම විදිහකටම ෆොටෝ ගන්න එක තමයි මිනිහගේ රාජකාරිය වෙන්නේ. මිනිහට කැමර් එකක් නැත්නම් ඉතින් කැමර් එක තියෙන එකාට තමයි වැඩ දෙන්නේ. ගහකට හේත්තු වෙලා උනත් ෆොටෝ ජෙනික් විදිහට ඡායාරුප වලට පෙනී හිටින්න මෙව් වගේ අයට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්. අන්තිමට ට්‍රිප් එක ගිහින් ඇවිත් ඒවා ලස්සනට එඩිට් කරලා ලස්සන Caption එකකුත් එක්ක මුහුණු පොතට දැම්මේ නැත්නම් මෙයාලට කෑවෙ නෑ වගේ.
5. Trend එකට

Source – travel-ink.com
මෙහෙම අය තමයි දැන් වැඩිපුරම ඉන්නේ. මොකද දැන් Travel කියන එක Trend එකක් වෙලා තියෙන්නේ. ඒ හන්ද ගොඩක් අය රැල්ලට ට්‍රිප් යනවා. කවුරුහරි යාලුවෝ ටිකක් තැනකට ගියොත් තමනුත් එතෙන්ට ට්‍රිප් එකක් යන්නම ඕන කියලයි මේ අය හිතන්නේ. එහෙම නැති වුණොත් ඒක මදිකමක් වගේ. ගිහින් ඇවිත් අනිත් එවුන්ට පේන්න ෆොටෝ ටික දානකන් හිතට සැනසිල්ලක් නෑ මේ අයගේ.
6. අහඹු ට්‍රිප්

Source – capelahaveadventures.ca
මේ වගේ ඒවා ඇත්තටම අහම්බෙන් සෙට් වෙන ඒවා. පාසල් වල, ආයතන වල, විශ්ව විද්‍යාලවලදී මේ වගේ අහඹු ට්‍රිප් අපට හම්බවෙනවා. මේක වෙන්නේ මෙහෙමයි. ආයතනයේ කාගේ හරි උත්සවයක් හරි මළගෙයක් හරි වෙනවා. ඒක තියෙන්නේ ඉතා ඈත දුර පළාතකනම් ඔන්න කට්ටිය හොයනවා “ඔය පැත්තට යන පාරේ බලන්න තියෙන තැන් මොනවද..? නාන්න තියෙන තැන් මොනවද..? නාල ඉවරවෙලා ටිකක් සප්පායම් වෙන්නත් පුළුවන්ද..?” වගේ දේවල්. ඔන්න ඉතින් ගමන ගිහින් එන අතරේදී තමයි විනෝදේ පටන් ගන්නේ. ඇයි ඉතින් යද්දී විනෝද වෙන්න ගියොත් ඇඳුම් එහෙම පොඩි වෙනවා නේ. වැදගත් තැනකට නේ යන්නේ.
ඔන්න ඔය හේතු වලට තමයි එක එක අය එක එක විදිහට ට්‍රිප් යන්නේ. ඉතින් ට්‍රිප් යන, යන්න ඉන්න ඔයාලගේ යාලුවන්ටත් පේන්න මේ ලිපිය Share කරන්න අමතක කරන්න එපා.
Cover Image Source – ZyZiXuN.net
Leave a Reply