බූට් දුකෙන් මිදෙන්න ක්‍රම 5ක්

5 ways to overcome breakups

සපත්තු බූට් කන්නේ බල්ලෝ නොවැ. ඒත් ඉතින් අද කාලේ බූට් කනවා කියන්නේ බල්ලෝ පූසෝ කරන වැඩක් නෙමෙයිනේ. අද කාලේ බූට් කනවා කියන්නේ යාළුවෙලා හිටපු ආදරවන්තයා හෝ ආදරවන්තිය විසින්  විසින් තම සහකාරියගේ හෝ සහකාරියගේ කැමැත්තෙන් තොරව සම්බන්ධය නවත්තන එක. ඒක ඉතින් පිඩිතයගේ පැත්තෙන් බැලුවම අපි කියන්නේ බූට් එකක් කෑව කියල නේ. ඉතින් මේ කතා කරන්න යන්නේ බූට් එකක් කෑවම ඒකෙ දුක නැති කරගන්න කරන්න පුළුවන් දේවල් කිහිපයක්.

 

1. ගීත වලට සවන්දීම

5 ways to overcome breakups

Source – frontiers.com

බූට් කාපු එකෙක් හෝ එකියක්නම් අනිවාර්යයෙන් අහන්නේ බූට් සින්දු හෙවත් විරහ ගීත. අපි නම් කියන්නේ එහෙම සින්දු අහන්න එපා කියලා. ප්‍රධාන හේතුවක් තමයි දැන් කාලේ තියෙන විරහ ගීත වලට අර්ථයට වඩා තියෙන්නේ ඇඬිල්ල වීම. යන්න එපා කියනවා. මට මැරෙන්න හිතෙනවා කියනවා. ඔයා ගියත් මැරෙනකන් මම ඔයාට ආදරෙයි කියනවා. ඔයා වෙනුවෙන් අරව කළා මේවා කළා කියනවා. මේවා අහන එකෙන් වෙන්නේ තව තවත් පරණ මතකයන් ඇවිස්සෙන එක විතරයි. ඒ හන්ද හොඳ තේරුමක් තියෙන සින්දු ටිකක් අහන්න පටන් ගන්න. කතාවකුත් තියෙනවනේ ආදරේ කරද්දී අහන්නේ සින්දුවේ තාලය වුණාට වෙන් වුනාම හොයන්නේ සින්දුවේ තේරුම කියලා. අන්න ඒ හන්දා හොඳ සින්දු ටිකක් අහන්න. මිල්ටන් මල්ලවආරච්චිගේ, ප්‍රියා සුරියසේනගේ සින්දු තියෙනවා ලස්සන මේ වගේ දෙයක් උනාම අහන්න පුළුවන්.

 

2. පොත් / පත්තර / Internet

5 ways to overcome breakups

Source – ndna.com

ගීත වලින් කියන්නෙත් ආදරේ ගැනමනේ. ඒවත් අහන අතරේ ඔබේ අවධානය ටිකක් වෙනතකට යොමු කරන්න. දේශපාලනය, කලාව, තාක්ෂණය වගේ ඔබ කැමති ක්ෂේත්‍රයක ලිපි හොයාගෙන කියවන්න ඔබට පුළුවන්. කොහොමත් ලංකාවේ දේශපාලනය ගැන කියවද්දී ඔබට “ෂික්.. විරහ වේදනාව කියන්නේ මොකක්ද…?” කියල හිතෙන්නත් බැරි කමක් නෑ. අන්තර්ජලයේනම් ඔය ඕපාදුප ටිකක්, ඉස්සරහට එන්න තියෙන චිත්‍රපට ගැන තොරතුරු වගේ දේවල් හෙවුවටත් කමක් නෑ. හොඳම දේ තමයි “ලයිෆි” එකට එබෙන එක.”ලයිෆි” කියෙවුවොත් “බූට් එකේ පාඩුවටත් හරියන්න දෙයක් මං එකතු කරගත්ත” කියලත් ඔබට හිතෙන්න පුළුවන්.

 

3. කරන්න ආස දේවල්

5 ways to overcome breakups

Source – quarts.com

කවි ලියන්න ආසද ඔබ..? ලිපි ලියන්න ආසද..? චිත්‍ර අඳින්න ආසද..? අන්න ඒ වගේ ඔබ කැමති කලා කටයුත්තකට හිත යොමන්න මේක තමයි හොඳම කාලය වෙන්නේ. සරත්චන්ද්‍රයන් මනමේ හැදුවෙත් එහෙම විරහවක වෙලී සිටියදී කියලත් කතාවක් තියෙනවනේ. කොහොමත් ලස්සන කලා නිර්මාණයක පිටුපස කොහේ හෝ තැනක දුකක්, විරහවක් සැඟවිලා තියෙනවා. ඉතින් ඔබටත් උත්සාහ කලොත් බැරි නෑ. ඔබේ කලා චින්තනයේ හොඳම දේ එලියට එන්නේ මේ විරහ දුක විඳින අවධියේ නිසා ඉක්මණට කැමති කලාත්මක පැත්තකට හිත යොමවන්න.

 

4. ආයෙත් ආයෙත් එයාම..?

5 ways to overcome breakups

Source – epochtime.com

සමහරක් අයට මෙහෙම ක්‍රම වලිනුත් ආදරේ අමතක වෙන්නේ නෑ. ඒ අය මොකද කරන්නේ ඉතින්. ආයිත් ආයිත් අර තමන් දාල ගියපු කෙනාට කෝල් කරනවා. මැසේජ් කරනවා. ආයෙත් එන්න කියනවා. ඇත්තටම ඒක අනවශ්‍ය දෙයක්. කෙනෙක් තමන්ට ආදරේනම් ඒ වගේ බැගෑපත් වෙනකන් ඉන්නේ නෑ යාලුවෙන්න හෝ නැවත ආදරේ කරන්න පටන් ගන්න. ඔබ ආයිත් ආයිත් ඇය හෝ ඔහු සමග සම්බන්ධ වෙන්න හදනවා කියන්නේ ආයිත් ආයිත්  ඔබේ හිත පෑරෙනවා කියන එක. ඒ හන්ද ඒක නම් මෝඩ වැඩක් කියන එකයි ඔබට කියන්න තියෙන්නේ. කසාද බැඳපු යටත් දික්කසාද වෙන්න නීතියෙන්ම අවසර තියෙද්දී විවාහ නොවුණු අයට කොහොමත් වෙන් වෙන්න අයිතියක් තියෙනවා. ඒක සදාචාරාත්මකද නැද්ද කියන එකයි ප්‍රශ්නය වෙන්නේ. ඒත් ඒක තමන්ගේ ලැබීම කියල හිතන්න. ඒකෙන් අධෛර්යමත් වෙන්නේ නෑ කියලත් හිතන්න.

 

5. අලුත් සම්බන්ධයක්

5 ways to overcome breakups

Source – tvgiude.com

ටික කාලයක් යන කොට ඉතින් ඕව මේවා අමතක වෙලා අලුතින් සම්බන්ධයක් දිහාවට අවධානය යොමු වෙනවනේ. අන්න එහෙම වෙලාවට කලින් සම්බන්ධයේ තමන්ට වැරදුණු තැන් හදාගන්න අමතක කරන්න එපා. අනික කලින් සම්බන්ධය ගැන අලුත් කෙනාට හංගන්නත් එපා. එයාට පරණ කෙනා අරමයි මෙහෙමයි කියන්න යන්නත් එපා. අලුතින්ම පටන් අරගන්න. පරණ දේවල් කිවුවට පස්සේ ඒ  දේවල් අමතක කරලා “ඊළඟ කෑල්ල තවත් රසවත්” කියල හිතාගෙන බැඳීම ශක්තිමත් කරගන්න.

එහෙමනම් ඔන්න ඔබටත් මේ වගේ දෙයක් උනොත් දුක් වෙවී ඉන්නැතුව මේ දේවල් කරලා බලන්න. තවත් ලිපියකින් හමුවෙමු. එතකං බූට් කාල දුකින් ඉන්න යාලුවෙකුත් Mention කරලා මේ ලිපිය Share කරන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – rd.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *