ලෑන්ඩ් සේල් අයියලාගෙ මාකටින් ලෙවල්ස් 101

Land Sales Marketing

ලංකාවෙ මේ වෙනකං මිල අඩු නොවී වැඩි වෙවීම යන බිස්නස් එක මොකද්ද? කියල ඇහුවොත් ඒ තමයි ලෑන්ඩ් සේල්ස් කියල දෙකයි දෙකයි පහයි කියල කියන පොඩි අයත් කියයි. ඒ තරමට අපේ අයට ඉඩං ගැන තියෙන්නෙ විශ්වාසයක්. කවදා කොහේ ඉඩං ගත්තත් ගත්තට වඩා මහ ගාණකට තවත් කාලෙකින් පස්සෙ දෙන්න පුළුවන් කියලයි ඒ අය හිතාගෙන ඉන්නෙ. ඒ නිසා ඒ හීන බි‍ෙඳෙන්න කලින් අපි ලියනවා ලෑන්ඩ් සේල්වලින් ඉඩං විකුණන්න කරන මගඩි මාකටින් ගැන කතා ටිකක්.

 

1. සීමිත ඉඩ

Land Sales Marketing

Source – guardianlands.com

මේක තමයි නියමම සීන් එක. ඒ තමයි මේකෙ ඉස්සරහට පේන අතරින් පතර ඉඩම් කෑලි ටිකක් දන්න අඳුරන කට්ටියට කියලා අරගෙන දම්මවන එක. ඒකත් අරං දම්මවන්නෙ නැතුව මුලින් පොඩි ගාණක් දීලා වෙන්කරවනවා. එහෙමත් නැත්තං අයිතිකාරයම තමන් සන්තකයේ තියාගන්නවා. එහෙමත් නැත්තං බොරුවට දැනටමත් විකිණී අවසන් වග පෙන්වනවා. මේක කරන්නෙ කට්ටිය අතරෙ කතා බහක් ඇතිකරවන්න. පස්සෙ ඉඩම් කෑලි ටික ආයෙත් විකිණී ගෙන එනකොට අර ඉඩම් ටිකත් ආයෙ බබා වගේ වැඩි ගානට මාකට් එකට එනවා.

 

2. හෙන ගනං

Land Sales Marketing

Source – www.odiliyahomes.lk

මේ තමා ලෑන්ඩ් සේල් කාරයොන්ගෙ අනිත් මාකටින් ස්ට්‍රැටජිය. ඒ තමයි අත්තනෝමතික ලෙස ඉඩං ගණං යැවීම. දෙලක්ෂ හැත්තපන්දාහට පර්ච් එකක් වටිනාකම තිබුණු පැත්තක හිස් ඉඩමක් අරගෙන පර්ච් එක ලක්ෂ දොළහේ සිට කියල ගහනවා. ඒකෙනුත් ඉස්සරහම ඉඩම් ටික ලක්ෂ විස්සක් විතර කරනවා. මේක දැක්කම වටපිටාවෙ ගෙවල්වල මිනිස්සුන්ට ඉවසුම් නැතිවෙලා ඒ අයත් ඒ අයගෙ විකුණන ඉඩම් ගනං උස්සනවා. අන්න එහෙමයි නොසිතූ විරූ ලෙස ඉඩම් ගනං යන්නෙ.

 

3. ඔක්කොම අත ලඟ

Land Sales Marketing

Source – Homelands.lk

මේ කතාව තමයි හද්දා ඩොට් වෙච්ච ඉඩම්වලටත් ගහන්නෙ. හැබැයි මේ අතලඟ කියලා කියන දේවල් සොයා නොබලන පිරිසට අත ලඟම සොරි තමා.තෙකලා ජලය, නල විදුලිය, A සාමාර්ථ දෙන පාසල්, දුටු විට සුවවෙන හොස්පිටල් වගේ අමර ටෝක් රැසක් ගහනවා. හැබැයි ඉතිං හිතලා බැලුවොත් ඕනම ටවුමක ඔය කියන කාරණා ටික තියෙනවා වගේම මේ ඉඩමේ ඉඳන් ටවුමට කිලෝමීටර් 5ක් විතර තියෙනවා.

 

4. නියම වීවු

Land Sales Marketing

Source – lankaland.lk

දැන් ඔය කියන තෙකලා විදුලියවල් වගේ මාකට් කරන්න පුළුවන් කිසිම උලවුවක් ඒ කිට්ටුව නැත්තං කරන්නෙ සොබා සෞන්දර්ය විකුණන එක. නිස්කලංක මනරම් පරිසරයක් වගේ ටෝක් දෙන්නෙ එතකොට. එතනදි තේරුං ගන්න ඕන මේ කරගහන්න යන්නෙ කොටි ගහන කැලේකට බව. වටේටම පොල් වතු නං කප්රුකින් පිරි කොලපැහැ පරිසරය, ගොඩ කරපු වෙලක්නං සිසිල් සුලං හමන ගැමි වෙල්යායක අභිමුව වගේ ටෝකක් මාකට් කරනවා.

 

5. නම

Land Sales Marketing

Source – araliyaghomesandlands.com

මෙන්න පුතේ සීන් එක. දැන් ඔය ලෑන්ඩ් සේල්ස් බබාලගෙ මාකටින්වල මූලික අදියරයක් තමයි නම කියන්නෙ. මොකද ඔය හැම නමම එකයි වගේ දැනුනාට ඕව යට තියෙනවා නොසිතූ කතාවක්. නිකං සොහොනක් යට තියල ඉඩම ගොඩ දාලා නං ‍මිහිදන් කළ අභිමානය මතින් පිබිදෙන සෙරිනිටි විලා, කුණු ඇල ගොඩ කරලනං ද ග්‍රීනරි වගේ නම් වැටෙන්න ඉඩ තියෙනවා.

 

6. හීනෙං වත් පතන්න බෑ මං වගේ කෙනෙක්

Land Sales Marketing

Source – araliyaghomesandlands.com

මේක තමයි මේ ඔක්කොම මාකටින් අස්සෙ මාව ගනිංම කියලා ඉඩම විසින් පාරිභෝගිකයාට බල කරන කෑල්ල. ඔබේ හීන පොදි බැඳන් එන්න මේ ඉඩමට, අනාගතේ රජ දහනක් වන ඕබේ බිම් කොටස තෝරාගන්න, දැන් නිදියන්න පස්සෙ ගෙවන්න, කන්න නැතත් වැටිලා ඉන්න එන්න අපි ලඟට වගේ සීන් නරක විදියට මිනිස්සුන්ගෙ හිත් ඇතුළට කාවදිනවා.

 
Cover Image Source – homeland.lk / bluemountain.lk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *