කයියං බයියං දොයියං ජීවිත ගෙවන අපිට නින්ද ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. නිවාඩු කාලෙ එනකං නිදියන්න පෙරුම්පුරාගෙන බලං ඉන්න, උදේට නිදියගෙන ඉන්න පූසොන්ට පවා ඉරිසියා කරන, අම්මලා නිදියන්න වද කරන ළමයින්ගෙ ළමා කාලයට ඉරිසියා කරන අපේ ජීවත ගැන හිතද්දිත් දුකයි. කොහොම වුනත් මෙ ගැන ලියන්නම ඕන. ඒ නින්ද කියන දේ අපි බොහොම ආශාවෙන් වැළඳගන්න නිසායි.
1. නින්දේ මුල් කතාව

Source – kontraband.com
අපි දවසට ප්‍රධාන නින්දවල් දෙකක් දාගෙන තියෙනවා. ඉන් එකක් තමයි නොනිල දිවා ආහාරය බුදීමෙන් පසු බුදියගැනීම. මේක පිළිවෙලකට සිද්ධ වෙන්නෙ ගෙදරදි. ඇයි ඔෆිස් එකේ මේසෙ උඩදි ඕක එච්චර පිළිවෙලකට සිද්ධ වෙන්නෙ නැහැනෙ. අනිත් එක තමයි ප්‍රධාන නින්ද. සමහරුන්ට ඇස් ඇරගෙනත් නින්ද යනවා. ඒ කොහොම වුණත් ශරීරයට අත්‍යවශ්‍ය නින්ද අපි අවභාවිතා කරනවදෝ කියලත් හිතෙනවා. ඇයි ඉතිං බැලුවොත් රටක් විදියට අපි නිදිනේ. වැඩ කරන මිනිස්සු නින්ද ගැන නොහිතා වැඩ කරන්න ගිහින් ලෙඩ වෙනවා. ඒ අතින් හරිම විෂම චක්‍රයක් යන්නෙ.
2. බස් නින්ද

Source – blogger.com
මෙන්න ප්‍රධාන කතාව බස්වල නිදියන ඩයල් කැමතිම උස සීට් ලැබෙනවා. බෙල්ල කඩාගන්නෙ නැතුව නිදියගන්න පුළුවන් වෙන්නෙ එතකොටයි. සමහරු කොන්දොස්තර සල්ල ගන්න එනකං බලං ඉන්නෙ දීලා ටක් ගාලා නිදියන්න. සමහරු නං සල්ලි දෙන්න වෙන නිසාත් නිදියනවා. බස්වල නිදියන්න තියෙන ලොකුම බාධාව තමයි රියදුරු රිසි සංගීතයේ කර්ණ කලම්භනය. බස් නින්ද සැපවත් වෙන්නෙ ට්‍රැෆික් තියෙද්දි. කෝච්චි නින්ද සැපවත් වෙන්නෙ පැද්දි පැද්දි යද්දි.
3. ඔෆිස් නින්ද

Source – independent.co.uk
ඔෆිස් නින්ද භයංකාරයි. සමහරු කම්පියුටරේ දිහා බලාගෙන ඉන්නව වගේ පේන්න අත ෂේප් එකේ මුක්කුවට තියාගෙන නිදියනවා. සමහරුනං ඔෆිස් එකේදි ගොරවනවත් එක්ක. සමහරුන්ට කීබෝඩ් එක උඩ නින්ද ගිහින් ඇහැරෙද්දි මොනිටරේ පුරා ගයනු පේලියයි. සමහරු කොට්ටෙ කියලා බෝතලේ හෝ කී බෝඩ් එක බදාගෙන නිදියනවා. ඔෆිස් නින්ද සෙට් වෙන්නෙ දවල් දෙකත් තුනහමාරත් අතරෙදි. ඒ වෙලාවෙදි නින්ද කඩන්න ප්ලේන්ටියක් තිබිය යුතුමයි.
4. අමුතු නින්ද

Source – healthable.com
මේක තමයි නින්දේ අමුතු කතාව. සමහර වාසනාවන්තයොන්ට වැටුණ පමා නින්ද ගියාට සමහරුන්ට එහෙම නෑ. රෑට නිදියන්න බෑ. උදේට ඇහැරෙන්න බෑ. රෑට නිදියනකොට කොයි පොසිෂන් එකවත් සුවපහසු නෑ. උදේ වෙද්දි යකඩ කොට්ටෙ උඩත් නින්ද යනවා. මේ නිසා සමහරු පාන්දර දෙක තුන වෙනකං ඇහැරගෙන ඉඳලා අට නවය වෙනකං නිදියනවා. ඒ වගේම පාන්දර හයට ඇහැරෙන්න උවමනානම් ඒ අය නිදියන්නෙ නැතුවම රැය පහන් කරනවා මිසක් පැයකට දෙකකට නින්ද ගාවගන්නෙ නෑ.
5. නින්දට පෙර මොහොත

Source – technomag.com
නින්දට පෙර මොහොත එකිනෙකාට වෙනස් වෙනව. ඉස්සෙල්ලත් කිවුව වගේ සමහරු නං වැටුන පමා දොයි. සමහරු පොත් කියවනව. සමහරු නිල් චිත්‍රපටි බලනව. සමහරු අපිට කෙලවුනු තැන ගැන කල්පනා කරනවා. තව සමහරු හෙට මැරෙයිද වගේ දේවලුත් හිතනවා.
6. නින්ද සහ සුළු දිය

Source – Amazon.com
නින්ද සහ සුළු දිය අතරෙ තියෙන්නෙ අරක්කුයි සෝඩයි අතරෙ තියෙනව වගේ බැඳීමක්. ඔන්න ඔබ සිහිනෙන් දකිනවා ඔබ වැසිකිලයට යනවා. සිප් එක අරිනවා නිදහසේ සුළු දිය පහ කරනවා. ඔබට ටික ටික දැනෙන්න ගන්නව කකුල් තෙත් වේගෙන එන බව. දැන් පරක්කු වැඩියි. මේක කරන්නෙ මොලෙන්. ඔබට නින්ද වැදගත් නිසා නින්ද නොකැඩෙන්නට ඔබේ මොලය මගින් ඔබේ ඇති මුත්‍රා බරට සිහිනයකින් සැනසුමක් දෙනවා. හැබැය ඒක නවතින්නෙ ඇඳ උඩ චූ ගිහින්.
7. ගෙරවිලි

Source – onlinehealth.wiki
මේ කියන්නෙ කොටන් ඇදීම ගැන. බෝඩිංවල හිටපු කොල්ලො මතක් කරන්න අකමැතිම දේ තමයි මේ. සමහර බුවාලා ඉන්නව බුරුත කොටං අඳින්නෙ. ක්රාස් ගානව. සමහරු ඇට්ටේරියා වගේ කෙටි කඳන්. තව ඉන්නව නලා කාරයො. මුං සෙට් එකක් එක්ක හිටියොත් ෆ්ලෑෂ්බැක් වෙජිටබල් නයිට් එකේ ගහනව වගේ තමයි.
Cover Image Source – self.com
Leave a Reply