පුංචි ළමයි මල් වගේ කියල කියන ඩයල් එක්කො මල් දැකල නෑ, නැත්තං බුවාලට පුංචි එවුන් ඉඳලා නෑ. පොඩි දේටත් කේන්ති යන, ඉල්ලන දේම ඕනවෙන, ඇට්ටර කමේ උපරිමේට ගිය මේ පුංචි ළමයි කියන ප්‍රාණියො ගැන අද අපි ඔයාලා එක්ක කතා කරන්නෙ ඔයාලාගෙ අතීතේ ගැනත් දැනගන්න එක්කයි. අපි ලියන්නම් ළමයින්ගෙ ඇට්ටර වැඩ ටිකක්. ඔයාලා ඒ අතරින් කළේ මොනවද කියලා අපිට කියන්න.
1. දැකලම නෑ/ ඒ මොනාද ඒ?

Source – youtube.com
සමහර ළමයි සමහර දේවල් ඉල්ලන විදිය තමයි මේ. මේ ක්‍රමය මට අරක ඕන කියනවට වඩා ඉක්මණට වැඩ කරනවා වගේම අම්මලාගෙ ඇතුළෙ පොඩි ලැජ්ජාවකුත් ඇති කරන්න සමත් වෙන නිසා අතිශය ඉක්මණින් ප්‍රතිඵල ලැබෙන ක්‍රියා පිළිවෙතක්. මොනා උනත් මේක කරපු ඇට්ටරයෝ මෙතනත් ඇති.
2. ඕනෙමයි

Source – pixabay.com
මේ තමයි සුපුරුදු ඇට්ටර ගතිය. ඒ තමයි කෙලින්ම ඕනේ කියල අඬන එක. සමහර වෙලාවට ඕනෙ මොකද්ද කියල කියන්නෙම විනාඩි තුන හතරක් ඇඬුවට පස්සෙයි. මේකෙ දරුණුම එක තමයි බිම ඉඳගන්න එක. ඊටත්පස්සෙ දරුණුම ක්‍රමය කමයි බිම දිගාවෙලා රෝල් වෙන එක. මෙහෙම පොඩි එකෙක් එක්ක ලොකු ෂොපින් මෝල් එකක් ඇතුළෙ ගිහිල්ල ආපු දෙමවුපියෙකුගෙ ඇතුළෙ තියෙන ඉවසීම කොයි ලෝකෙන්වත් හොයාගන්න බෑ.
3. බිමින්

Source – babyabout.com
අනේ ඉතිං මේ ඇට්ටර ලෙවල් එකට ලෝකෙ පෙරලුනත් කමක් නෑ තමන්ව බිමින් තිබ්බනං ඇති ඇයි ඉතිං ඕන තැන්වල කරක් ගහල එතැහැකිනෙ. හැබැයි ඉතිං සිං සිං ගාලා මිසින් වෙන නිසා අම්මලා තාත්තලා බිමින් තියන්නත් බයයි. ඒ වුණාට අතේ අරගෙන යනකංම අඬන නිසා වෙනිං කරන්න දේකුත් නැතිවෙනවා.
4. උඩින්

Source – thebump.com
මේ අනිත් ජාතිය. බිමින් තියන එක හොඳයි කියල හිතෙන්නෙ මේ ජාතියෙන් එකෙක් ඉන්දැද්දි. ඇයි ඉතිං අතේමයි. සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් වෙද්දි කිලෝ දොළහමාරක් විතර ඉන්නව. අපි නිකං හිතමු දහයයි කියල. ඒ වුනත් හාල් මුට්ටයක් උස්සන් ඉන්නව වගේ තත්ත්වයක් තමයි තියෙන්නෙ. හැබැයි ඉතිං හාල් මුට්ටෙ දඟලන්නෙ නැහැනෙ. මුං ඒ වඩාගෙන ඉන්න අස්සෙ ගහනව, හපනව, කොනිත්තනව වගේ ලෙඩ කෝටියයි.
5. සෙල්ලං නෑ

Source – cultofmac.com
බඩගින්නට ඇඬුවත් කන්නෙ නෑ.. ඉල්ලල අඬපු සෙල්ලං බඩුව ලැබුනත් ඇඬිල්ල නවත්තන්නෙ නෑ. උදේට ඇඳෙන් බහිනකං අඬනව. පස්සෙ ඇඳට නගින්න අඬනවා. යන්න එපා කිවුවොත් අම්මව කේන්ති ගස්සන්න දොර අරලා බලනවා. රෙදි කපනවා, සල්ලි කපනවා, බංකු තියලා උඩ නගිනවා, උඩ ඉඳන් පනිනවා. මේ ඇට්ටරකම ඍජුවම දෙමවුපින්ට කරදරයක් වෙන තැනට බලපානවා. සමහර ඇට්ටරකම් දරුවාගේ දඟකමකට විතරක් සීමා වුණත් මේවායින් දෙමවුපියන්ටත් හානි සිද්ධ වෙනවා.
6. පෙරදා මහරෑ

Source – rd.com
ඔන්න ඉතිං හොඳට කාලා, කුක්කු බීලා හය හත වෙද්දි නිදියන්න යනවා. ඒ නිදියලා රෑ දෙකට විතර ඇහැරිලා පිස්සු නටන්න පටන්ගන්නව. ඉතිං මහ මිනිස්සු නිදියන්නෙ දොළහට විතරනෙ. අනේ පැය දෙකක් විතරක් නිදාගෙන පහුවදාට ඔෆිස් යන තාත්තලා ඉතිං බොස්ලගෙන් බැනුම් අහනවා. බොස්ලා කිසිම හිතක් පපුවක් නැතුව බනින්නෙ හරියට එයාලගෙ ළමයි වෙලාවට නිදාගත්තා වගේ.
7. අම්මා අපහසුතාවයට

Source – sheknows.com
මේකත් ඇට්ටර කමේ එක ලෙවල් එකක්. ඒ තමයි ඕනම තමන්ට කෙලවුනු අවස්ථාවක අම්මාටත් කෙලවීම. ඒ කියන්නෙ මහ පාරෙ තමන්ට හිතෙන ඕනම වෙලාවක අත දික්කරලා කිරි ඉල්ලන එක. කාලා වරෙන්කො ඉතිං. මවු කිරි දීම ප්‍රශ්නයක් නොවුනත් මුං ඉල්ලන ඉල්ලන විදියට මහ පාරෙ කිරි දෙතෑකියෑ.
ඉතිං ඔය ඇට්ටරකංවලින් ඔයාලට පොඩි කාලෙ තිබුණා කියලා අම්මල කියන්නෙ මොනවද? අපිට කමෙන්ට් කරන්න.
Cover Image Source – dailymotion.com/youtube.com/7-themes.com
Leave a Reply