මේ බත් කතා මතක නැත්තං ඔබේ පාසල් කාලයත් කම්මැලි ඇති

School Lunch Nostalgia

ඉස්කෝලෙදි අපි වැඩිපුරම ආසාවෙන් බලාගෙන හිටියෙ ගණිතය පාඩමට ටීචර් එන්නෙ නැති වෙනකං කිවුවොත් හරි. ඊටපස්සෙ අපි වැඩිපුරම වෙලාවක් බලාගෙන හිටියෙ ඉන්ටවල් එක එනකං. පුංචි කාලෙදි ඉන්ටවල්  එක එනකං බලාගෙන හිටියෙ සෙල්ලං කරන්න දුවන්න වුනත් ලොකුවෙද්දි තමාට පෙර බඩ කියන සංකල්පය පාර්ලිමෙන්තුවෙන් අපේ ජීවිතවලට කාන්දු වුනා. ඊටපස්සෙ අපි හැමදාම කන්න වෙලාවක් එනකං බලං හිටියා. සමහර දවසට ඉවසං ඉන්න බැරුව බත් එක හාරලා පරිප්පු ලෙවකකා හිටියා. කොහොම වුනත් අපි හිටියෙ ඉන්ටවල් එක එනකං. මේ අපේ ඒ නොස්ටැලිජියානු ආතල් එක.

 

1. වටවීම සහ පරක්කුකාරයෝ

School Lunch Nostalgia

Source – dreamstime.com

ඉන්ටවල් එක ආපු ගමන් එක එකා එක එකාගෙ මූන බලන්නෙ අද කොතනද කන්නෙ කියන දේ සෙට් කරගන්න. කොච්චර විශාල සෙට් එකක් හිටියත් කෑම කන්නෙ තනි මේසෙක. ඒක තීරණය වෙන්නෙ මුලින්ම බෑග් එකෙන් බත් එක ගන්න මනුස්සයා කෑම එක අරගෙන යන තැනත් එක්ක. එතන ඉන්න අයිතිකාරයාගෙ මූණ බිම වැටිච්ච අඹ බයන්න වගේ වෙන්නෙ එතකොට. ඇයි ඉතිං කාලා ඉවර වුණාම එතන විනාස භාවං විත්තිය දන්නවනෙ. කොහොමහරි ඔය වටවීම කියන මොහොත ඉතා වැදගත්. අත සේදීම වැනි අවැදගත් දේ කරන්න යන උදවියට එදාට කෙලවෙනවා.

 

2. දුඹුරු පැත්ත

School Lunch Nostalgia

Source – yamu.lk

හැමෝම තමන්ගෙ අත යොදන පැත්ත වෙන්නෙ දුඹුරු පැත්තයි. ඒ දුඹුරු පැත්තෙ මස්, මාළු හෝ කරවල තිබෙන නිසායි. ඉතිං බත් එක අරිද්දිම සුදුපාට බිත්තර ගෙඩිය ගිලින්න බලන් ඉන්න නයි ටිකෙන් සහ දුඹුරු ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරන හෝතම්බුවන්ගෙන් පරිස්සම් විය යුතුයි. අපි නං ඉස්සර ගෙදරින් මාමයිට් ටිකක් දාගෙන එනවා කට්ටියව බයිට් කරන්න. මොකද දුඹුරු පාට නිසා චොස් ගාලා අත දාලා කටේ ඔබාගන්නෙ මාමයිට්නෙ.

 

3. හකු ලෝඩ්

School Lunch Nostalgia

Source – keywordsuggest.org

මේ කියන්න යන්නෙ බත් එකට සෙට් වෙන විශේෂිත පොරවල් ගැන. මේ අය හපන්නෙ නෑ. හපන්නෙ එක බත් එකක් ඉවරවෙලා අනිත් බත් එක අරිනකං ඉතුරුවන කාලය ඇතුළත පමණයි. හාඩ්වෙයා‍ර් එකේ වැලි ලොරියෙ සවල් ගහන අයිය වගේ මූ බස බස ගාලා හක්කට බත් ලෝඩ් කරගෙන පැත්තකට ගිහින් නිදහසේ හපන්නෙ චුවින්ගම් කනව වගේ.

 

4. කට හොරා

School Lunch Nostalgia

Source – WordPress.com

මෙ අයවත් මේ බත් කතාවෙදි අමතක කරන්න බෑ. ඒ ඒ අයත් පන්තියක වැහිවැහැලා ඉන්න නිසා. අනිත් උන් අනන ඒවා කන එවුන් කියන්නෙ තනිකරම බත් කට හොරු. අර මිනිස්සු හොඳම රසම ආහාර කම්බිනේෂන් එක දාලා අනලා තියන බත් කට අත අස්සෙන් දාලා උස්සපු මිනිස්සුන්ට හෙන ගහන්න ඕන මහත්තයො.

 

5. අක්කර පහ

School Lunch Nostalgia

Source – health.com

හොඳට ඉඩ අරං බත් එකේ පැත්තක් වහගන්න උන්ට තරං වස්කවි කියල නෑ කාටවත්. මේ සීන් එක කරන්නෙ සෙට් එකේ මහතම බුවා. මොකද පොරට කොහොමත් ඉඩ ඕනනෙ. අනික් ඉතිං වැඩිපුරම කන්නෙත් ඌනෙ. ඒ නිසා අක්කර පහේ ඉඩ යනවමයි.

 

6. හොඳම බත් එක

School Lunch Nostalgia

Source – yamu.lk

මේ අතරෙ එදා දවසෙ හොඳම බත් එක තෝරනවා. ඒක කරන්නෙ එකිනෙකා තමන් ගෙනාපු දේවල් මොනවද කියල කියන එකෙන්. එදා උදේට අම්ම බත් එක බඳින්න කලින් කුස්සියට ඔලුව දාලා සීඅයිඩී සර්ච් එකෙන් හොයාගන්න තොරතුරු ඇනලයිස් කරලා පන්තියේ සිසුන් විසින් නිතරගයෙන් හොඳම බත් එක තෝරාගන්නවා. ඒක තියනවා අන්තිමට කන්න.

 

7. හොරු

School Lunch Nostalgia

Source – crystalcartierphotography.com

ඔන්න ඔය හොඳම බත් එක ගේන බුවා හොරෙක් වෙන්නත් පුළුවන්. ඇත්තටම මේක සිද්ධ වෙන හේතු දෙකක් තියෙනවා. එකක් හොඳම බත් එකේ සුවඳත් හොඳ නිසා බඩගින්න ඉවසගෙන ඉන්නට බැරිවීම. අනිත් කාරණය තමයි අම්ම මහන්සියෙන් තමන්ට උයපු හොඳම බත් එක සෙට් එකත් එක්ක කන්න හිත් නොදීම. මෙන්න මේ කාරණය නිසාම හොඳම බත් එක ගෙනාපු ඩයල් එක හොරාට හොඳම බත් එකේ හොඳම ටික පුංචි හොටෙන් ඩිංග ඩිංග ඇනලා කනවා.

 
Cover Image Source – yamu.lk
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *