පුදුම හිතෙන ජපන් භාන්ඩ 16ක්

Mind blowing Japanese innovations

ජපන් ජාතිකයින් නිතරම සිය වැඩ පහසු කරගන්න අලුතින් නිර්මාණ කරන්න පෙළඹෙන ජාතියක්. අපි ජපන් ජාතිකයින්ගේ අරුම පුදුම නිර්මාණ කිහිපයක් බලමු.

1. කාච සිගරට් දල්වනය

Mind blowing Japanese innovations

Source – sickchirpse.com

මෙය නිතර සිගරට් පත්තුකරන අයට පිහිට වෙන සිගරට් දල්වනයක්. උත්තල කාචයක් රැගෙන එහි නාභියට හිරු රැස් යොමුකොට එයින් සිගරට් දැල්වීමක් තමයි මෙතැනදී සිදු වන්නේ. පුරාණ කාලයේ ආකිමිඩීස් වැනි අය නැව් ගිල්වීම වැනි කටයුතු වලටත් සුවිසාල උත්තල කාච යොදාගත් බවට සඳහන් තිබෙනවා.

 

2. හිසේ ගෙනයන ටොයිලට් පේපර්

Mind blowing Japanese innovations

Source – sickchirpse.com

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට නිතර නාසය පිරිසිදු කිරීම ලොකු හිසරදයක්. හිස මත සවිකළ හැකි මෙම උපකරණය මගින් රෝල තිබෙන තුරාවට නාසය කරා ටොයිලට් පේපර් ලඟාකරගන්න හැකියාව ඔබට ලැබේවි.

 

3. ඇස් බෙහෙත් තිතට

Mind blowing Japanese innovations

Source – elitereaders.com

ඇහැට බෙහත් දමන්නට ගිය විට ඒ ඇස් බෙහෙත් හතරවටේ ගිහින් ඇහැට හරිහැටි වට්ටාගන්නට බැරි එක ඇස් බේත් දමන විට අපිට එන ලොකු ගැටළුවක්. මේ ජපන් නිර්මාණයෙන් ඇස් බේත් දැමීම තවත් හිසරදයක් වන්නේ නැහැ.

 

4. කුඩය වටේටම

Mind blowing Japanese innovations

Source – elitereaders.com

කුඩයක් ඉහළ ගෙන යනවිට එයින් අපිට ආරක්ෂා වන්නට හැකි වන්නේ ඉහලින් එන වතුර වලින් පමණයි. ඒත් බලන්න මේ කුඩය. හතර අතින් එන හුළං වැසි වලින් අපිව ගලවාගන්න මේ කුඩය සමත්. ඒත් දෙයියනේ කොහොමද මේක අකුලගන්නේ? ඒ ගැන නම් සඳහනක් සොයාගන්නට අපිට බැරිවුණා.

 

5. ටයි එකෙත් කුඩයක්

Mind blowing Japanese innovations

Source – elitereaders.com

පිරිමි අයට කුඩයක් රැගෙන යන්නට මතක් වන්නේ වැස්සක් පටන් ගත්තාම තමයි. ඒත් කුඩය අරගෙන යන්නේ කොහේද? සාක්කුවේ? ඔෆිස් බෑග් එකේ? මෙේ දක්වා තිබෙන්නේ කුඩයක් ටයි එකක් විදියටත් රැගෙන යන්නට පුළුවන් ආකාරයක්.

 

6. සපත්තුවට වැසි ආරක්ෂාව

Mind blowing Japanese innovations

Source – qunki.com

සපත්තු දෙකක් තෙමුණාට පස්සේ එහි තිබෙන පෙනුම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒකට හොඳ විකල්පයක් මේ සපත්තු වැස්සෙන් ආරක්ෂා කරගන්නා පොඩි කුඩ දෙක. මෙය වැසි අවස්ථාවකදී සැණෙන් සපත්තුවට සවිකරගත හැකියි.

 

7. බිල්ක්

Mind blowing Japanese innovations

Source – cataclismanerd.blogspot.com

ජපානය කිරි වලින් අතිරික්තයක් තිබෙන රටක්. ඒ නිසා කාන්තාවන්ටත් බොන්න ආස හිතෙන විදියට කිරි ආශ්‍රයෙන් බියර් එකක් නිපදවන්නට ජපානය සමත් වෙලා තිබනෙවා. මේ බිල්ක් ස්වීට් සහ ක්‍රීම් රසයෙන් යුතු ප්‍රණීත මද්‍යසාරයක්

 

8. නාස් අඬුව

Mind blowing Japanese innovations

Source – Amila chathuranga

දත් ඉදිරිපසට ආ පසු ඒවා නැවත පසුපසට තබා තදකරන ක්‍රමයක් අපි දැක තිබෙනවා. මෙය නාසය එවැනි වැරදි පිහිටීම් වලින් නැවත අවශ්‍ය තත්වයට පිහිටුවා ගන්නට උදව් වන නාසය සැකසීමේ උපාංගයක්. මෙය දිනකට විනාඩි තුනක් පැළඳ සිටීමෙන් නාසය නිවැරදි මාවතට ගත හැකියි කියා තමයි නිෂ්පාදකයින් කියන්නේ.

 

9. පෙම්වතා වැනි කොට්ට

Mind blowing Japanese innovations

Source – Amila chathuranga

පිරිමියෙකුගේ සිරුරු හැඩයට නිමවුණු මෙම කොට්ටය උදෑසන අවධි වීම සදහා එළාම් එකක් සහ වයිබ්‍රේෂන් එකක් ද ඇතුලත්ව තනා තිබෙනවා. පෙම්වතකු නැතැයි ලතවෙන ගෑණු ළමුන්ට මෙය හොඳ විකල්පයක් වෙයි රාත්‍රියට ඉක්මණින් නිදාගන්න සහ උදේට ඇහැරෙන්නට.

 

10. ෂර්ට් එකටත් එයා කන්ඩිෂන්

Mind blowing Japanese innovations

Source – Amila chathuranga

වැඩබිම වල වැඩකරන සේවකයින් ආරක්ෂාව සඳහා දිගු ඇදුම් අදින්නට අවශ්‍යයි. මන්ද වැඩබිම් වල සිදුවිය හැකි අනතුරු වලින් ගැලවීම පිණිස. එහෙත් එවැනි ඒවා ඇඳන් අපේ රට වැනි නිවර්තන රටවල වැඩ කරද්දි එය තුළ ඉන්නට අපහසු තරම් දහදිය දැමීමක් සිදු වෙනවා. එයට විකල්පය ලෙස ඇතුලත සිසිල් කරන ක්‍රමයකින් යුතු මෙවැනි යෙදුමක් සහිත ඇදුම් වඩාත් සුදුසු වේවි.

 

11. බිම පිරිසිදු කරන ළමා ඇඳුම

Mind blowing Japanese innovations

Source – sickchirpse.com

දරුවන් බිම ඇවිදීමත් බිම පෙරලීමත් වාසියකට හරවා ගන්නට සිතූ ජපන් ජාතිකයින් දරුවන් මගින් බිම පිරිසිදු කරගන්නට හැකි ළමා ඇඳුමක් නිපදවා තිබෙනවා.

 

12. බටර් යොදන උපකරණය

Mind blowing Japanese innovations

Source – sickchirpse.com

බටර් ගාගැනීමට වඩා ඉදිආප්ප වක්කරන විදියට දාගන්න හැකි මේ උපකරණය මගින් කෙටි වෙලාවකින් පාන් පෙත්තට බටර් දාගන්නට හැකියි.

 

13. නිහඬ කැරෝකේ

Mind blowing Japanese innovations

Source – sickchirpse.com

සද්දෙන් ගීතයක් ගායනා කරන අය සිටින නිවෙස් වලට යාබද නිවෙස් වලට අයට අකමැත්තෙන් වුණත් ඒවා විඳ දරාගන්න සිදුවන එක අපේ රටේ සාමාන්‍ය දෙයක්. එහෙත් අනුන්ට කරදර කිරීම ගැන සිතූ ජපනුන් කැරෝකේ ගීත ගායනයේදී ශබ්දය එලියට යන්නේ නැතිවන විදියේ අලුත් කැරෝකේ මයික් එකක් නිපදවා තිබෙන්නේ එය මුහුණටම සීල් වන ආකාරයෙන්.

 

14. හිස් රදවනය

Mind blowing Japanese innovations

Source – sickchirpse.com

දුම්රියෙ යනවිට ටිකක් නින්ද ගියාම ඔලුව කඩාවැටෙන එක නවත්වන්න මෙම හිස් රදවනය ආශ්‍රයෙන් හැකියාව ලැබෙනවා.

 

15. නිමා නොවන බබ්ල් ව්‍රැප්

Mind blowing Japanese innovations

Source – sickchirpse.com

බබ්ල් ව්රැප් එකක් ලැබුණාම එහි ඇති බබ්ල්ස් ඇගිලි තුඩින් තෙරපා පිපිරවීමට අපි සෑම දෙනෙක්ම කැමතියි. ඒ කාර්යයේ ඇති විනෝදසහගත බව විඳගත හැකි වන පරිදි නිතර මිරිකිය හැකි නිමා නොවන බබ්ල් රැප් මිරිකීමේ විනෝදය සපයන්නට මේ කීටැගය සමත්.

 

16. පැක් කරන්න පහසු කොමඩු

Mind blowing Japanese innovations

Source – ripleys.com

පැණි කොමඩු ගෙඩිය කාන්තාවන්ගේ පියවුරු වැනි දේ රවුමට විස්තර කරන්නට උපමාවක් ලෙස අපේ ගිතවල පවා යෙදෙනවා. ඒත් දැන් ජපන්නු නම් කොමඩු කීවාම හතරැස් එකද රවුන් එකද කියා දෙවරක් සිතන්නට පෙළඹෙනවා. මේ අමුතු හැඩයේ කොමඩු ප්‍රවාහනය කිරීමෙදිත් ගබඩා කිරීමේදීත් වඩාත් පහසුවක් ඇතිකකරනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *