අයෙ බොන්නෙ නෑමයි කියපු, ඒත් ආයෙ බීපු යාළුවො ඔයාලට ඉන්නවද? මේ කියන්න යන්නෙ එහෙම අය ගැන. මොකද ඒ අය ආයෙ බොන්න වාඩි වුනාම ඒකට නිදහසට කරුණු විදියට දක්වන්නෙ පුදුම හේතු. ඒ පුදුම හේතු ඇහුවම බොන වීදුරුවෙන් මූනට දමල අරින්න හිතෙනවා. ඇත්තටම පස්සෙ කාලෙක තමන්ට දීගත්තු පොරොන්දු තමන්ම කඩ කරනවා නං, ඒක නිරන්තරයෙන් සිද්ධ වෙනවානං ඊට වඩා එහෙම පොරොන්දු නොදී ඉන්න එක හොඳයි. එහෙම රැකගන්න බැරි වුණාම මෙහෙම කතා අහන්න වෙනවා.
1. ෂික්!

Source – businessinsider.com
මට බෑ කියන්න බැරි වුනානෙ. යාළුවො බල කළානෙ. කාලෙකින් නිමිලයයි මායි සෙට් වුනේ. ඌ රට ඉඳන් ආවෙ අවුරුද්දකට පස්සෙනෙ. මං නවත්තලා කියල ඌ දන්නෙ නැති නිසා ඌ මං ආසම බෝතලේ ගෙනල්ල තිබුණෙත්. ඉතිං මට පුළුවන්ද ලොකු කමට නොබී ඉන්න. එහෙම උනානං නිමිලයා මොනවද මං ගැන හිතන්නෙ.බඒ නිසායි මං බිවුවෙ.
2. ප්‍රස්න ඵ්රස්ණ ප්‍රෂ්ණ

Source – indianexpress.com
ආපෝ හොඳ වෙලාවට එදා මේසෙ උඩ අරක්කු තිබුණෙ. වහ තිබ්බනං මං බොන්නෙ වහ. මං මාර අවුලක බං හිටියෙ. දැන් ඒ අවුල විසඳුණා. මට තවත් ඒ ගැන කල්පනා කරන්න පුළුවන් කමක් තිබුණෙ නෑ, ඒ නිසායි මං බිවුවෙ. කොල්ලෙකුට හිතන්නවත් බෑ බං ඒ වෙලාවෙ මං හිටපු ප්‍රශ්නෙ.
3. අමාරුයි

Source – rd.com
නවත්තන්නනං පුළුවන් ඕන වෙලාවක. ඒත් ඒ වෙලාවෙ ඉඳන් ඇඟට අමාරුයි බං. එදා ඔෆිස් එකේ ලොකු වැඩක් සෙට් වෙච්ච දවසක්. ඇඟේ අමාරු තියාගෙන වැඩ කරන්න බැහැනෙ. මම නවත්තලා සතියක් හිටියා. කටේ විස ගෙඩි දාලා, පිටේ බිබිලා දාලා, කකුල් රිදෙනව හොඳටම. ඉන්න හිටින්න බැරුව හිටියෙ. ඒකයි ටිකක් බිවුවෙ.
4. මුං හලලා

Source – brobasket.com
මං බිවුවෙම නෑ. මට වද කළා, බලෙන් පොවන්න හැදුවා, ඒත් මං බිවුවෙ නෑ. අන්තිමට මුං මම බිබී හිටපු කොකාකෝලා එකට දාලනෙ. මට රහේ වෙනසක් තේරුණේ නැහැ. ඇයි ඉතිං පුරුදු රසනෙ. ඔන්නොහේ පොඩි අවුලක් තේරුනත් බීලා දැම්මා. පස්සෙයි මුං හිනාවෙද්දි මං දැනගත්තෙ. එතකොට පරක්කු වැඩියි. ආයෙ ඉතිං බාගෙට බීලා වැඩක් නැති නිසයි ඊටපස්සෙ මම බිවුවෙ.
5. චැලේන්ජ්

Source – youtube.com
එකෙක් මට චැලේන්ජ් කළානෙ. උට වඩා බීලා පෙන්නුවොත් රුපියල් පන්දාහක් දෙනව කියලා. මටත් මොකෝ. මම නවත්තලත් සතියයිනෙ. ගහල දැම්මා. ඇන්තිමේ මම දිනුම්. රුපියල් පන්දාහක් තියෙනවනෙ. ආපහු බිවුව වගේයැ පන්දාහක් ලාබයිනෙ. මට චැලේන්ජ් කරන්න හොඳ නෑ කියල ඕකුන් දැනගන්න ඕන. උන්ගෙ හිතේ බොන එක නැවැත්තුවෙ මට බොන්න බැරුව කියලා.
6. පපුවට හොඳයිලු

Source – health.spaktator.co.uk
මං අහගෙන ඩොක්ටර් කෙනෙක් කියනව දවසකට ටිකක් ගන්න එක පපුවට හොඳයි කියල. දොස්තරලත් කියන එකේ ආපහු ඉතිං බොරුවට නවත්තල ඉන්න ඕන නැහැනෙ. සමහර විට ඩොක්ටර් එහෙම නෙමෙයිද දන්නෙ නෑ කියුවෙ. හැබැයි මට ඇහිච්ච විදිය තමයි මම කිවුවෙ.
7. අහ්!

Source – imageflip.com
අමතක වෙලා පෙවුණානෙ. ඊට පස්සෙ ඉතිං මං දැන් මොකද කරන්නෙ කියල හිතුවා. ඊටපස්සෙයි ඔන්නොහේ බොනව කියල බිවුවෙ. ඇයි ඉතිං දැන් ඉතිං බොන එක නැවැත්තුවත් කට්ටිය කතා කියන එක නවත්තන්නෙ නැහැනෙ. ඔන්නොහේ ආයෙ පස්සෙ කාලෙකම නවත්තලා දානවා. දැන් ඉතිං ඉස්සරහට එන්නෙ පාටි කාලෙනෙ.
Cover Image Source – menshealth.com
Leave a Reply