නවතම චිත්‍රපට : ජනවාරි මුල් සතිය

Movies January first week

අලුත් අවුරුද්දේ පලවෙනි සතියේ රිදී තිරය කළඹන්න නියමිත චිත්‍රපටත් අරගෙන ඔන්න අපි ආවා. මේ සතියෙත් පහුගිය සතියේ වගේම අලුත් හින්දි චිත්‍රපටනම් නිකුත් වෙන්න නියමිතව නැහැ. ඒත් ඉංග්‍රීසි චිත්‍රපටනම් කිහිපයක්ම තියෙනවා. ඉතින් අපි බලමු ඒ මොනවද කියල.

1. Insidious: The Last Key

 

Insidious කියන්නේ ජනප්‍රිය හොලිවුඩ් අද්භූත චිත්‍රපට මාලාවක්. තුන් වෙනි චිත්‍රපටයේ කල එලි බසින අද්භූත විද්‍යාව පිලිබඳ කරුණු හොඳින් දන්නා බව කියන එලයිස් මහත්මියට විසඳන්න ලැබෙන ඉතා අද්භූත ගණයේ සිද්ධියක් ගැන තමයි චිත්‍රපටය ගෙතෙන්නේ. මේකේ Trailer එකෙන් නම් පේන්නෙ ඔබව ඇත්තටම බය කරන්න පුළුවන් විදිහේ හොඳ Horror Film එකක් බව. ලින් ශයේ, ලෙයි වනෙල් වගේ නළු නිලියන් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය සංගීතවත් කරලා තියෙන්නේ ජෝශප් බිශාරා විසින්.

අධ්‍යක්ෂණය : ඇඩම් රොබිටෙල්

තිරගත වන කාලය : පැය 01 යි මිනිත්තු 43 යි

නිකුත් වන දිනය : ජනවාරි 05

 

2. Day of the Dead: Bloodline

 

මේකත් Horror Movie එකක්. ටිකක් Zomby ටයිප් එකට ගියපු එකක් කිවුවොත් තවත් හරි. මේක අවුරුදු 17 ට වැඩි අයට පමණක් නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස නම් කරලා තියෙන්නේ එහි අඩංගු භයංකර දර්ශන නිසාවෙන්මයි. සොෆී ස්කෙල්ටන්, ජොනතන් ස්කයිච්, ජෙෆ් ගම් වැනි නළු නිලියන් රංගනයෙන් දායක වෙන මේ සිනෙමා කෘතියේ සංගීතය ෆෙඩ්රික් වයිද්මන් විසිනුයි.

අධ්‍යක්ෂණය : හෙක්ටර් හනැන්ඩස්  

නිකුත් වන දිනය : ජනවාරි 05

 

3. The Strange Ones

 

මේක කතාංගමය චිත්‍රපටයක්. බොහෝ විචාරක සම්මාන වලට පාත්‍ර වුණු මේ සිනෙමා කෘතියෙන් කියවෙන්නේ සංචාරකයින් දෙදෙනෙකුට මුහුණ පාන්න සිදුවන අමුතු සිදුවීම් පෙළක් ගැන. මානසික තත්වයන් සහ ඒවා අපේ එදිනෙදා ජිවිතයට යම් බලපෑම් සිදු කරන අන්දම මොනවට කියාදෙන චිත්‍රපටයක් හැටියටත් The Strange Ones හඳුන්වන්න පුළුවන්. ඇලෙක්ස් පටිෆර් සහ ජේම්ස් ෆ්‍රීඩ්සන් මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා. සංගීතය රොබ් ලෝරි ගෙන්.

අධ්‍යක්ෂණය : ක්‍රිස්ටෝෆර් රැඩ්ක්ලිෆ් සහ ලෝරන් වෝක්ස්ටයින්

තිරගත වන කාලය : පැය 01 යි මිනිත්තු 21 යි

නිකුත් වන දිනය : ජනවාරි 05

 

4. Madtown

 

මේකත් කතාංගමය ගණයේ චිත්‍රපටයක්. තමන් කුඩා කාලයේදීම තම සොහොයුරිය සිරගත වීමේ අත්දැකීමට ලක් වූ තරුණයකුට තරුණියක් මුණගැහෙනවා. ඔහු පසුව දැනගන්නවා ඒ ඔහුගේ සොහොයුරිය බව. මේ ඔස්සේ දිවයන කතාවයි Madtown කියන්නේ. පවුලක් තුල බැඳීම් ගැන කියවෙන සිනෙමා කෘතියක් විදිහටත් මෙය හඳුන්වන්න පුළුවන්. මිලෝ වෙන්ටිමිග්ලියා, රේචල් මෙල්වින් සහ ඇමැන්ඩා ඇඩේ වැනි නළු නිලියන් රංගනයෙන් දායක වන මෙම සිනෙරුවේ සංගීතය ඇන්ජෙලෝ පැනෙටා විසිනුයි.

අධ්‍යක්ෂණය : චාල්ස් මුරේ

තිරගත වන කාලය : පැය 02 යි  

නිකුත් වන දිනය : ජනවාරි 05

 

5. Stratton

 

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ ඉංග්‍රීසි Action Movie එකක් මේ සතියේ කල එලි බහිනවා. ඒ Stratton. බ්‍රිතාන්‍ය කමාන්ඩෝ නිලධාරියෙක්ට මුහුණ දෙන්න සිදුවෙන සිද්ධි දාමයක් අසුරෙනුයි කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඩොමිනික් කූපර්, ඔස්ටින් ස්ටෝවෙල් සහ ගෙමා චෑන් වැනි නළු නිලියන් රංගනයෙන් දායක වෙන මෙහි සංගීතය නතානියල් මකෑලි විසිනුයි.

අධ්‍යක්ෂණය : සයිමන් වෙස්ට්

තිරගත වන කාලය : පැය 01 යි මිනිත්තු 35 යි   

නිකුත් වන දිනය : ජනවාරි 05

 

ඔන්න ඔය චිත්‍රපට තමයි ජනවාරි මුල් සතියේ රිදී තිරයට එළඹෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ඔබේ සිතැඟිය අනුව මේ සතියේ  චිත්‍රපට බලන්න කලින් තෝරාගන්න ඔබට දැන් පුළුවන්. යාලුවන්ටත් බලන්න Share කරන්න.

 
Cover Image Source – imdb.com/ ign.com / rottentomatoes.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *