බිවුවම නින්ද යනකං ඔයාටත් මේ ප්‍රශ්න ගැන හිතිලා තියෙනවාද?

Drunk Thoughts

අපේ කතාව සීමිත පිරිසකට තේරුම් යන කතාවක් වගේම, සමහරු විහිළුවට අරගන්න කතාවක් වේවි. නමුත් මේ කතාව ඇත්තටම විශාල මානසික ආතතියකට ගෙනියන්න ඉඩ තියෙනවා. ඒ නිසා වාසනාවන්ත මිනිස්සු විදියට ඩ්‍රින්ක් එකක් දැම්මට පස්සෙ නිදාගන්න ඉඩ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මිනිස්සුන්ට හිතෙන විකාර සිතුවිලි මොනවාද? විකාර කියලා අපි සීමා පනවා ඇත්තේ මොනවාගේ සිතුවිලිවලටද? කොහොමවුනත් උදේට ඇඳෙන් නැගිට්ටට පස්සෙ අමතක වෙලා යන මේ කතා අමාරුවෙන් හරි මතක් කරවන එක වටිනවා.

 

1. මර්ඝයා

Drunk Thoughts

Source – media.giphy.com

මං මළොත් මොකෝ වෙන්නෙ කියන දේ මං හුඟක් කල් තිස්සෙ හිතල තියෙනව. මගේ යාලුවො දෙතුන් දෙනෙක් මේ වෙද්දි මැරිලා හිටියත්, මම යන තැනක ඒ අය ඉඳීද? මාව අපායට යයිද? ලෝදිය නං කොහොමහරි බීගත්තැහැකි. කටු ඉඹුලත් ෂේප් එකේ බේරගෙන නැගගත්තා කියමුකො. බොසා එක්ක අවුරුදු ගානක් වැඩකරපු නිසා යම පල්ලොත් ගේමක් නෑ. ඒත් යක්සනියොන්ගෙන් බේරෙන්නෙ කොහොමද? ඒක තව ෂේප්. දිව්‍ය ලෝකෙ ගියොත් පුදුම හානියක් වෙන්නෙ. කන්නවත් හරිහමන් දෙයක් නෑ. මාල ගිරව වගේ පළතුරු ගිල ගිල ඉන්න වෙයි. ඔය අපාය දිව්‍ය ලෝක කියන ඒව බොරුනං මං කොහේ යයිද? ආයෙ ඉපදුනොත් කොහේ උපදීද? ඒ පාර උපදිද්දි මේ පාර එවුව මතක තියෙයිද? ඇයි මට කවදාවත් නැතුව මේ දේවල් මතක් වෙන්නෙ? මාව මැරෙන්නවත්ද?

 

2. කිරි හරකා

Drunk Thoughts

Source – media.giphy.com

බීපු මතෙත් එක්ක ඔලුව තෝන්තු වෙලා ගිහින් තිබුනට මොකද පුදුම තිබහයි. චොකලට් කිරි වීදුරුවක් තිබ්බනං ඇදලා දාන්න තිබ්බ දිවට නොදැනි. ඒත් ඉතිං ඇඳෙන් බැහැලා යන්න කම්මැලියි. ගෙදර කොකෝවා පවුඩර් තිබුනා කියල මතක වුනාට කිරි තිබ්බද කියල මතක නෑ. හරකෙක් පැටියට දෙන්න තියෙන කිරි ටික කොච්චර අමාරුවෙන්ද අපිට දෙනවා ඇත්තෙ? ඊටත් ලෝකෙ ඉන්න එවුන්ගෙන් මහ රොත්තක් කිරි බොන හින්දා දීලා පිරිමහන්න කොච්චර හරක් ඉන්න ඕනද? ඊට හපං උන්ගෙන් කිරි දොවන්න ගියාම පයින් පාරක්වත් වැදුනොත්? දැන් ඒවාට මැෂින් තියෙන නිසා අවුලක් නෑ. මුලින්ම කිරි දෙවුවෙ කවුද දන්නෙ නෑ. පොර මොනව හිතාගෙන කිරි දොවන්න ගියාද දන්නෙ නෑ. ඇත්තටම පොර ඩිලූෂනල් ඩයල් එකක් වෙන්නැති. යකඩෝ වැරදිලාවත් මූ කිරි දොව දොව ඉන්න අතරෙ වැස්සිගෙ වස්සා ආවනං මල විනාසෙනෙ.

 

3. මං විතරයි

Drunk Thoughts

Source – media.giphy.com

හැම එකාම කියන්නෙ ඉක්මණට ලෝක විනාසෙ වෙනව කියල. ඒක අහන හැම එකාම ලෝක විනාසෙන් තමන්ව මැරෙයි කියල බයෙන් ඉන්නෙ. මං ඉන්නෙ ඊට බයෙන්. යකෝ බැරිවෙලාවක් මං විතරක් ඉතුරු වුනොත්. කාත් එක්ක කතා කරන්නද? මොනවද කන්නෙ? මොනවද බොන්නෙ? නිදියන්න ඇඳක්? මොකෙන්ද ෆේස්බුක් ලොග් වෙන්නෙ? බැරි වෙලාවත් වෙනිං එකෙක්වත් ඉතුරු වෙලා ඉන්නවද හොයන්න මං පිස්සෙක් වගේ ඇවිද ඇවිද ඉඳිවි. ඇයි ඉතිං වෙනිං එවුන් උන්නද මලාද දන්නෙ නැහැනෙ. කන්න දෙයක් නැතුව, බොන්න දෙයක් නැතුව හැමතැනම ගිනිගන්න සීන් දැකල ලාන්තරස් වෙලා මැරිලා යනවට වඩා යකෝ කෙලින්ම ලෝක විනාසෙටම දොහ් වෙලා ගියානං හොඳයි.

 

4. පාත්තු දෙකේ ගමන

Drunk Thoughts

Source – media.giphy.com

සපත්තු දෙකක් අලුතෙන් ගන්න හිත හිත ඉන්නකොටමයි ෆේස්බුක් එකේ ෆුල් සිරා සපත්තු දෙකක් ගනං අඩුවට දැක්කෙ. කලින් සපත්තු දෙක පරණ වීගෙන එද්දි මම දැන් දාන සපත්තු දෙකත් මම ෆුල් සිරා විදියටයි දැක්කෙ. දැන් ඊට වඩා ෆුල් සිරා සපත්තු පේනවා. ඇත්තටම මං මේක ගනිද්දි එළියට විසිකරපු කලින් සපත්තු දෙක දැන් කොහේ ඇද්ද? ඒ දෙක කවුරුහරි දානව ඇතිද? දුප්පත් මනුස්සයෙක් අඩියක් ගහගෙනවත් ඒ සපත්තු දෙක දානව ඇතිද? ඇත්තටම ඔය විදිය සපත්තු ඉවර වෙන්නෙ කොතනින්ද? කුණු ගොඩෙන් අරගෙනත් පාවිච්චි කරන මිනිස්සු කොට්ටාසයක් ඉන්න නිසා මේ දේ ඉවර වෙන්නෙ කොහෙන්ද කියන්න දන්නෙ නැහැ. ඇත්තටම මම ආස කරන දැන් සපත්තු දෙක කොහෙන් කොහේට යයිද? අන්තිමට මේව කපලා හං අරගන්නව ඇතිද? එහෙමත් නැත්තං ඕනතරං කල් පාවිච්චි කරන්න පුළුවන් සපත්තු ඇතිද?

 

5. අරක්කු

Drunk Thoughts

Source – media.giphy.com

දැන් බීලා ඉවර කරලා ඇඳට ආවත් මට නින්ද නොයන්නෙ මේ අරක්කු එකේ පවර් එක අඩුයිද? වතුර කවලං කරලද දන්නෑ. ඇත්තටම අරක්කුවල නිශ්චිත සංයුතිය පැන්නුවාම ඇඟට මොකුත් නරකක් වෙන්නෙ නැද්ද? මොකෝ ඉතිං නිශ්චිත සංයුතියට තිබිලත් නරකක් වෙන එකේ සංයුතිය පිට පොට ගියාම මොනවැයින් මොනව වෙනව ඇතිද? ඇත්තටම ඇයි අපි බොන්නෙ? මත් වෙන්න ඕන නිසාද? මත් වෙන්නෙ ඇයි? අමුතු ලෝකෙක පාවෙන්න ඕන නිසාද? අරක්කු නැතුව මත් වෙන්න බැරිද? එහෙමනං ඇඟටත් අමාරුවක් නෑ සල්ලි වියදමකුත් නෑ නේද? එහෙම බලනවනං ආගමකට යටත් නොවී හොඳ මිනිහෙක් වෙන්න බැරිද කාටවත්. මේ ලෝකෙ හොඳ මිනිස්සු කියල පිළිගන්නෙ ආගමානුකූල ඩයල්ස් නේද?

 
Cover Image Source – rehabreviews.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *