මිනිස්සු ගැන අනිත් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න

Outer World Problems

මිනිස්සු සහ අනිත් මිනිස්සු කියන කාරණය පුද්ගල බද්ධයි. ඔබ ගැන අවට සමාජයට ඇත්තේ මොනවාගේ ප්‍රශ්නද යන්න විමසීමෙන් ඔබ පිලිබඳව සහ අනිත් මිනිසුන් පිළිබඳව නිවැරදි චිත්‍රයක් මවාගත හැකියි. උදාහරණයකට ඔබ විසින් කිසිවක් සිතා නොබලා සිදුකරන ශබ්ද දූෂණය ඔබ පිළිබඳ ගැටළුවකි. නමුත් ඔබ අඳින ඇඳුම අනෙකාට ප්‍රශ්නයක් නම් එය ඒ අනෙකාමෙ ගැටළුවක් මිස ඔබේ ගැටළුවක් නොවේ. මෙම සටහනට එක්වන්නේ ඔබට අදාළ ඔබේ කටයුතුවලට අප අවට සමාජයෙන් කරන නරක අතපෙවීම් සහ මැදිහත්වීම් ගැනයි.

 

1. පවුල් ප්‍රශ්න

Outer World Problems

Source – thebalance.com

ඇත්තටම බැලුවොත් පවුල් ප්‍රශ්න තියෙන්න ඕන කාටද? පවුල් ප්‍රශ්න තිබිය යුත්තේ පවුලේ අයට මිස අන් කාටද? ඒ වුනාට ඇත්තටම අපේ පවුල් ප්‍රශ්න කරට අරගෙන ඉන්නෙ අපි අවට සිටින මිනිසුන් නේද? ආ තාම මොකද මේ ගෑණු ළමයි එක්ක රවුම් ගහන්නෙ, දැන් කසාදයක් බඳින්න කාලෙන, ඉන්නකො මං අම්ම එක්ක කතා කරන්න ඔය ගැන. ඔය අතපෙවීම තමයි මුලින්ම එන්නෙ. ඊටපස්සෙ කසාද බැන්දම, ආ දැන් ඉතිං බැඳලා ඔහොම පිස්සු නට නට ඉන්නද කල්පනාව, කසාදයක් කියන්නෙ ලොකු වගකීමක්, කසාදයක් බැන්දම දරුවෙක් හදන්න ඕන, පුතෙක්නං තමයි ඉතිං හොඳ. කියලයි දෙවැනි අතපෙවීම සිද්ධ වෙන්නෙ. දැන් කවද්ද ඉතිං දූපැටික්කිට මල්ලියෙක්ව ගේන්නෙ. දූ ආසයි නේද මල්ලිලාට, කොල්ලෙක් ලැබුනාම ගෙදර ලකයක් තියෙන්නෙ ඉතිං. ඔන්න ඔය විදියට අවට සමාජෙ ප්‍රශ්න කරන හින්දා ළමයි හදාගෙන අමාරුවෙන් රෝල ගහගෙන රන් කරන පවුල් අපිට අනන්ත දකින්න පුළුවන්.

ඒ වගේම සිරුරුවල තියෙන නොයෙකුත් රෝගී තත්ත්ව නිසා දරුවන් නොලැබෙන කාන්තාවන් සහ පිරිමින් මේ අවට ලෝකයාගේ ප්‍රශ්න හමුවේ අතිශය අසරණ වෙනවාත් දකින්න පුළුවන්. එහෙම අයගෙන අහන්න එක වාක්‍යයක් තියෙනවා. ඇඳට නගින්නෙත් ඔබ නොවෙයිනම්, කුස දරන්නෙත් ඔබ නොවෙයිනම් ඇයි මෙතරම් දුක්ගැනවිලි

 

2. ආර්ථිකමය

Outer World Problems

Source – radhisiddhiastrosolutions.com

සමාජයේ සිටින මිනිසුන් අතරේ සාර්ථක මිනිස්සු වගේම අසාර්ථක මිනිස්සුත් ඉන්නවා. ඒ වගේම අසාර්ථක වුනත් තමුනුත් සාර්ථකයි කියලා හිතාගෙන ඉන්න අය සිටිනවා. අන්න ඒ පිරිස තමුන් සාර්ථක වෙන්නට උත්සාහ කරනවා වෙනුවට අනෙකුන්ට සාර්ථක වෙන්න අවශ්‍ය මග කියන්න පැනලා දෙන සීන් එකක් සමාජයේ දකින්න පුළුවන්. ආපෝ ඇයි බං රස්සාවක් කරන්නෙ. කරපංකො බිස්නස් එකක්. කොච්චර නැහුනත් තමුන්ටනෙ. අන්න ඒ වගේ සමාජෙ වෙනස් කරන්න හදන එකේ අවුලක් තියෙනවා. මොකද ඔවුන් ඒ පිළිබඳ කිසිඳු අධ්‍යයනයක් කරලා නැති නිසා. නමුත් ඇත්තටම සාර්ථක මිනිහෙක් ඔය විදියට අනිත් ජීවිතවලට මැදිහත්වීම් කරන්නෙ නැහැ. ඔවුන් ඇහුවොත් කියල දෙනවා ඇරෙන්න පැනලා දෙන්නෙ නෑ.

 

3. අපිළිවෙල

Outer World Problems

Source – Playbuzz.com

ඔන්න සමාජෙට ඇහැ කන තියාගෙන ඉන්න බැරි අනිත් කේස් එක. ඇයි ඔච්චර කොණ්ඩෙ වවාගෙන ඉන්නෙ?, ඇයි හැමදාම කළු පාට ටීෂර්ට්ම අඳින්නෙ, මූනෙ ඇස් දෙක විතරයි නෙ පේන්නෙ ඔය රැවුල කපලා දානවකො වගේ කේස් අම්මට තාත්තට එන්නෙ නැතුව අවට සමාජෙට එනවනං ඒ කියන්නෙ ඔයා ඉන්නෙ අවුල් ඩයල්ස් පිරුනු සමාජෙක. හැමදාම ඔය ගිටාර් ගහලා සින්දු කිය කිය ඉඳලා හරියන්නෙ නැහැනෙ, කසාදයක් බඳින්නවත් පිළිවෙලක් වෙන්න එපැයි. වගේ කතා කියද්දි අම්මල තාත්තලා වුනත් පොඩ්ඩක් තමන්ගේ දරුවාට බළකිරීම් කරන්න පෙළඹෙනවා.

 

4. ඔටෝමොබයිල්

Outer World Problems

Source – Jfcars.com

දැන් ඔය වාහන පිස්සුව තියෙන ඩයල් ඉන්නවනෙ. උන්ට ඕනම මිනිහකුව පේන්නෙ වාහනයක් වගේ. ආ මොකෝ තාම වාහනයක් නැද්ද? මේ කාලෙට ගන්න එපැයි පොඩියට හරි වාහනයක්. හැමදාම ටැක්සි ගැන විශ්වාසයක් තියන්න බැහැනෙ. දැන් ඒ ඩයල්ස් ඔහොම කියන්නෙ වාහනයක් නැති අයට. වාහනයක් තියෙන අයට දෙන්නෙ වෙනිං ටෝකක්. දැන් මේකම මෙච්චර කාලයක් පැද්ද ඇති නේද? ඕක දීලා නියම එකක් ගන්න පුළුවන්. මං උඹට ඕනනං සෙට් කරන්නං. ඔය වගේ කතා කියන්නෙ එක්කො තමුන්ගෙ දන්න තරම පෙන්නන්න, නැත්තං තමුන්ගෙ බිස්නස් එකක් ගොඩදාගන්න. ඒත් තමුන්ගෙ බිස්නස් ගොඩදාගැනීම වෙනුවෙන් ෂේප් එකේ ඉන්න මිනිහෙකුගෙ හිත අවුස්සන එක අවුල් වැඩක්. එනිසා ඒ වගේ ඩයල්ස් ආශ්‍රයෙන් බැහැර කරන්න.

 

5. ගේ දොර

Outer World Problems

Source – pintarest.com

සමහර මිනිස්සුන්ගෙ ගතිගුණයක් තමයි ගෙදරකට ආවම ඒ ගෙදර අඩුපාඩු හොය හොය රෙනොවේෂන්ස් ගැන කියෝන එක. ඇයි මෙතනට තියෙන බිත්තිය කඩන්නෙ නැත්තෙ, මෙතනට බට පැළලි දැම්මනං මරුනෙ, කවුද මේ කෝට්යාඩ් එකට ඈන්ගල් එකට ලී ගහන්න කිවුවෙ? අපරාදෙනෙ ලස්සන නැතිවෙනවානෙ, මේ හිස් බිත්තියට මියුරල් එකක් දාගමු. මේ වගේ තමුන්ගෙ වැඩක් බලාගෙන ඉන්නෙ නැති ඩයල් ආශ්‍රෙයන් ඈත් කරන එක තමයි හොඳ.

 

6. සෞඛ්‍යය

Outer World Problems

Source – hhammer.com

ඇත්තටම නම් ඉන්ටනෙට් සහ මීඩියා නිසා මිනිස්සු ගුණ අගුණ දේ මොනවද කියලා හොඳින් දන්නවා. ඒ දැනගෙනත් ඒ දේවල් භාවිතා කිරීම එයාලගේ කැමැත්ත මිසක් වෙනත් දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ අයට බලෙන් ඔයාගෙ සෞඛ්‍ය දැනුම බස්සවන්න හදන්නෙපා. අරක්කු බොන එක නවත්තන්න, සීනි කන්නෙපා, බත් අඩු කරන්න වගේ දේවල් මිනිස්සු දැනටමත් දන්නවා. ඒ වුනත් ඒ අය ඒ දේවල් කන්නෙ බොන්නෙ ආස නිසා. එක්සසයිස් නොකරන්නෙ ඒකට ආස නැති නිසා. ඉතිං ඒ අයගෙන් උපදෙස් පතන අයට නැතුව හැමෝටම බලෙන් ඔය සෞඛ්‍ය දැනුම ඇඟේ ගහන්න යන එකනම් අවුලක්.

 
Cover Image Source – shareyouressays.com
 

zvr
Your Reaction

Comments