ගමේ සබා මන්ත්‍රීවරයා තෝරාගන්නා විට සැලකිලිමත් වන කරුණු

How to choose a proper leader

ගමේ සබා මැතිවරණයක් ඉදිරියේදී පැවත්වීමට නියමිත වන අතර එහිදී මන්ත්‍රීවරුන් තෝරාපත්කරගැනීම ආකාර දෙකකින් සිදු වීමට නියමිතය. වෙනදා මෙන් අපෙන් මඳක් දුරස් වූ කවුරු පත්වෙනවාදැයි හරිහමන් අදහසක් නැති මන්ත්‍රීවරයෙක් වෙනුවට අප ගමෙන්ම තෝරාගත් අයෙක් මෙවර අපේ ගමේ සබාවට තෝරාපත්කර යැවිය හැකිය. රටේ මහා ප්‍රශ්ණ වන ජනවාර්ගික අර්බුධය, ව්‍යවස්ථා සංශෝධනය, විරැකියාව, උද්ධමනය, විදේශ ප්‍රතිපත්ති ආදී විශාල දේ ගැන ගමේ සබාවෙන් තීරණ ගැනීමට ඉඩකඩ අඩුය. ගමේ සබාවේද ඒවා ගැන කතා වුණත් ගම්වැසියන් නගර වැසියන්ගේ සුබසාධනය සහ මනා පැවැත්ම පිණිස වූ කරුණු රැසක් මේ නගර සභා ප්‍රාදේශිය සභා මගින් ඉටු වේ.

 

1. අපේ කුණු ටිකට මොකද කරන්නේ

How to choose a proper leader

Source – slguardian.org

කුණු උතුරා ගොස් ඒවා හිස මත කඩාවැටීම දක්වා තත්වය දුරගිය අවස්ථා අපිට 2017 වර්ෂයේදී අත්දකින්න ලැබේ. අපේ කුණුවලට සභාව ඇත්තටම මොකද කරන්නේ? මොකද ඕගොල්ලා ඇත්තටම කුණු වලට කරන්න ඉන්නේ යැයි නිකමට හෝ අසා තිබීම වැදගත්ය. අපේ කුණු එකතුකිරීම, බැහැරකිරීම මෙන්ම ප්‍රතිචක්‍රීකරනය ගැන පැවති සබාවේ ක්‍රියාමාර්ග මොනවාදැයි හෝ අඩුතරමෙන් දැනගන සිටීම වැදගත්ය. කුණු ගෙනයෑමේ ක්‍රමවේදය අඩාල වුවොත් අපේ කුණුද දින ගනන් බැහැර කිරීමෙකින් තොරව තබාගන්නට සිදු වේ.

 

2. ලොකු තැන්වලට ඇති ලිංක් එක

How to choose a proper leader

Source – punjabtribune.com

ගමට පත් වන අය ඉහල දේශපාලනය සමග යම් සබදතාවයක් තිබෙන අයනම් වඩාත් සාර්ථකය. ගමේ හෝ ගම හරහා සිදුවන යම් ඉදිකිරීමක්, කර්මාන්ත ශාලා ඇරඹීමක් වැනි දෙයකදී ගමේ නියෝජනය ඉහල දේශපාලනය වෙත ඉදිරිපත් කිරීමට එය හොඳ අවස්ථාවකි. අනෙක් අතින් ඉහල මට්ටමින්  මාර්ග තැනීමට යටිතල පහසුකම් දියුණුවට ලැබෙන ප්‍රතිපාදන ආදිය පැකිලීමකින් තොරව ලබාගැනීමටද ඉහල තැන් වල පිලිගැනිමක් ඇති අයෙකු පත්කරගැනීම වැදගත් කරුණකි.

 

3. අපිට හිතවත් වීම

How to choose a proper leader

Source – lovehappinessandpeace.wordpress.com

අපේ ගෙදර ඉස්සරහට ලයිට් එකක් දමාගැනීම, අපිට පමණක් ඇති අතුරු මාර්ගය සංවර්ධනය කරගැනීම, අපේ කාණු පිරිසිදු කරගැනීම ආදී අපේ කටයුතු වඩාත් ප්‍රමුඛතාවයකින් කරගැනීමට අපේ දන්නා අදුරන අයෙකු සබාවට යැවීම වැදගත්ය.

දේශපාලක තුමකුගෙන් අපි බලාපොරොත්තු වන්නේ අපේ සැපේදී සිටීම පමණක් නොවේ. දුකේදී පිහිටවීම යනු මලගෙදරට පැමිණ දත් විලිස්සා සිනාසිම පමණක් නොවේ. අපේ ළඟපාත අයෙක් වරදකට යම් පොලිස් කේස් එකකට පැටලුනොත් ගලවාගැනීමට, ආණ්ඩුවේ තැනකින් යම් රාජකාරි ප්‍රමුඛතාවයක් අවශ්‍ය වුණොත් කරගැනීමට සහ විවිධ වැඩ කරගැනීමට යම් උදව්වක් අවශ්‍ය වුණොත් ඒ වැඩක් ගොඩදා ගැනීමට හැකි අයෙක් අපේ නියෝජිතයා වීම හොඳය. අපි සැබැවින්ම ෆේස්බුක් වැනි අඩවි හරහා සමාජ සාධාරණත්වය මානව අයිතින් ගැන කතාකළද අපේ වැඩක් කරගන්නට අවැසි වූ විට කිසිවෙක් නැත. එබැවින් එවැනි වැඩක් කරගත හැකි කෙනෙකු පත් කර යැවීම පසුවට අපිට පහසුවකි.

 

4. තරුවක් නොවීම

How to choose a proper leader

Source – dailymirror.lk

මැතිවරණයක් ලං වූ කල ප්‍රකට නළු නිළියන්, ක්‍රීඩකයින්, ප්‍රසිද්ධව්‍යාපාරිකයින් ආදියද ගමට නගරයට නියෝජිතයින් ලෙස වැඩම  කිරීමට පොලවට බසිති. එහෙත් එවැනි අය බොහෝවිට අධිකතර වැඩ රාජකාරි සහිත අයවලුන් වෙති. එවැනි අය පත්කරගත් කල ගමේ වැඩක් කරගන්නට ඔවුන් හමුවීමට අපිට රට රටවල විදේශ සංචාර කිරීමටද විටෙක සිදු වේ. අධික වැඩ රාජකාරි සහිත ප්‍රසිද්ධ පුද්ගලයෙකුට වඩා ලෙහෙසියෙන් පහසුවෙන් සම්බන්ධ  කරගත හැකි අපි කෝල් 5-6ක් දුන් කල හෝ එය ආන්සර් කරන අයෙකු තෝරාගැනීම ගමේ සබාවට වැදගත්ය.

 

5. හතරමායිම දන්නා අයෙකු වීම

How to choose a proper leader

Source – post-journal.com

ඡන්ද අපේක්ෂකයින් ගම හෝ තමුන්ගේ පලාත ගැන එහි වැසියන් ගැන ස්වල්ප හෝ අවබෝධ්‍යක් තිබෙන අය වීම වැදගත්ය. ධීවර ගමක් නම් එගම ඇති ජනයාගේ ගැටළු, කුඹුරු ගොවිතැන් බහුල වූ පලාතක් නම් පෝර ගැටළු, වතුර ගැටළු ආදී ගැටළු ආදියගැන යම් අදහසක් හෝ තිබෙන අයෙකු පත්කරගැනීම වැදගත්ය. කොටින්ම පාලමක් බෝක්කුවක් හෝ කුණු කන්දක් ඇති තැනක් ගැන කියූ විට  එය පිහිටි දන්නා හෝ තැනැත්තෙක් සබාවේ අපේ නියෝජිත වීම අපිට වාසියකි. පිටතින් පැමිණ ගම සංවර්ධනය කරනවා යැ කියමින් කැලෑ කපමින්, පරිසරය වනසමින් කර්මාන්ත අරඹමින් වැඩ සිදු වන කල එය වෙනුවෙන් නියෝජිතයෙකු ලෙස යම් හෝ අදහසක් ඇතිවන්නේ ගම කුමක්දැයි වැටහෙන අයෙකුට පමණි.

 

6. දූෂණ වංචා ආදිය

How to choose a proper leader

Source – dailymirror.lk

දූෂණ වංචා නැතිකිරීම මනරම් වචන මාලාවකි. දැනටද අපේ නිවාස ප්ලැනක් සභාවකින් අනුමත කරවාගැනීමට ගොඩනැගිල්ලක් අනුමත කරගැනීමට යම් කිසි සන්තෝසමක් අපි සබාවට දිය යුතු අවස්ථා එමටය. කුණු ගෙනයාමට එන අයට පවා අපි ගාණක් අතමිට මිලවිය යුතු කලකි දැන් පැමිණ ඇත්තේ. දූෂණ භීෂණ නැතිකරනවා කියන මහා කතාන්දර ඇතුලේ අපිට එසේ අමතර ලෙස වියදම් සිදුවන වැඩකටයුතු ගැන කියා කලින් සභා මන්ත්‍රියෙක් නම් නම් ඒවාට තමුන් කුමක් කළේද කියලා විමසීම වගකීම ඇති පුරවැසියකුගේ වගකීමය.

ලොව ඇති සාධාරණතම නියෝජිතයින් පත්කරගැනීමේ ක්‍රමය අපට ඇති මැතිවරණ ක්‍රමය වේ. එයින් සෑම කලකම නුසුදුසු අය පිරිසක් අපි විසින්ම පත් කර ඉන් පසු සබාවලට පාර්ලිමේන්තුවලට බෝම්බ දමන්නට කතා කිරීම අමනෝඥ ක්‍රියාවකි. ඇත්තටම දැන් අපේක්ෂකයින්  කලිනුත් බලේ සිටියේ වී නම් ඔවුන් කළ කාර්යය මොනවාද? අලුත්ම අය නම් ඒ අයගේ වැඩපිලිවෙල සහ ඔවුන්ගේ හැකියාවන් මොනවාද? අපි ඒ ගැන තරමක් හෝ දුරට සිතා කතිරය සලකුණු කළහොත් පසුකාලීනව ඇතිවියහැකි සිත් වේදනා මඳකින් හෝ අඩුකරගත හැකි වනු ඇත.

 
Cover Image Source – jcrc.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *