ඩෙඩ්ලයින් සහ අපේ කතා

Deadlines 101

ඩෙඩ්ලයින් කියන්නෙ මොනවද කියල නොදන්න මිනිස්සු මේ සටහන නොකියෙවුවත් කමක් නෑ. නමුත් ඔෆිස් එකක අදාළ වැඩකටයුත්තක් ඉවර කරන්න නියම වුණු වෙලාව වගේම, බොහෝ රැකියාවන්වලට අදාළ කටයුත්තක් නිම කරන්නට දිනයක් සහ වේලාවක් තියෙනවා. ඉතිං මේ ඩෙඩ්ලයින් නිසා මිනිස්සුන්ගෙ හිතට තියෙන අර්බුදකාරී තත්ත්වය වගේම, ඩෙඩ්ලයින්වලට වැඩ නොකරම ඇතිවෙන අර්බුද ගැනත් අපි කියන්නෙ යන්නෙ ඩෙඩ්ලයින් තියාගෙන වැඩ කරන මිනිස්සු වෙනුවෙන්මයි. එනිසා මෙය මම වගේම ඩෙඩ්ලයින් තියාගෙන වැඩකරන මිනිසුන් වෙනුවෙන් උපහාරයක් වේවා.

 

1. ඩෙඩ්ලයින් දැක්කම

Deadlines 101

Source – Youtube.com

ඩෙඩ්ලයින් දැක්ක ගමන්ම හිතට එන පොදු හැඟීමක් තියෙනව. අපෝ මේක පට්ට ලේසි කේස් එකක්නෙ, මේ වැඩ ටික කරන්න සතියක් හොඳටම වැඩියි. දවස් තුනක් හොඳටම ඇති. මේ ටිකේ ෆුල් සැපේ ඉඳලා දවස් තුනක් තියෙද්දි වැඩ පටන්ගන්නව.  ඔන්න ඔහොම හිතාගෙන ඉඳලා වැඩ පටන්ගන්න හිතන එක තමයි මේ ඩෙඩ්ලයින් සාර්ථක නොවෙන්න බලපාන ප්‍රධානම කාරණය. ඇයි ඉතිං පටන් ගැම්මෙදිම කම්මැලි වෙලානෙ. මම මේ ලේසි වැඩ ටික ඉක්මණට කරලා දාලා ඉතුරු දවස් ටික හිතේ නිදහසේ ඉන්නවා කියල කවදාවත් හිතන්නෙ නෑ. ඉතිං කොහොම හරියන්නද මහත්තයො.

 

2. ඩෙඩ්ලයින් සහ අතුරු ප්‍රශ්න

Deadlines 101

Source – strategicjuju.com

ඔන්න ඔය විදියට හිතලා ඩෙඩ්ලයින් එකට වැඩේ ගොඩදාන්න හිතාගෙන දවස් ගාණක් පහු කරලා වැඩේ පටන් ගත්තට මොකද, ඊට පස්සෙ එනව ප්‍රශ්න ටිකක්. කලින් දවස් තුනේ ආමාශයට දීපු වද වල හැටියට ආමාශෙන් රිටර්න් එක දෙන්න පටන්ගන්නව, ඔලුව කැරකෙනවා, නිදිමත එනවා, ඒ අස්සට නොරොච්චෝලෙ ඩෝං වෙලා කරන්ට් නැතුව යනව, කලුවරේ යන්න ගිහින් වැටිලා අත පය ඇමැට්ටි වෙනවා වගේ ඇබැද්දි සිද්ධ වෙන්න පටන්ගන්නවා. ඇයි ඉතිං ඩෙඩ්ලයින් ඉවර කරන්න හදිස්සියනෙ.

 

3. ඩෙඩ්ලයින් ලංවෙද්දි

Deadlines 101

Source – cardiffmummysays.com

ඔන්න මහත්තයො අපි මුලින් කියපු ඇබැද්දි ටිකට දවස් ගණන් වෙන්වෙලා ගිහිල්ල ඩෙඩ්ලයින් එකට කිට්ටුම වෙලා එක දවසක් විතර ඉතුරු වෙලා තියෙද්දි තමයි පශ්චාත් බාගෙ කඩි කන ෆීලින් එක එන්නෙ. දැන් ඉතිං කඩි කෑවා කියල හරියන්නෙ නෑ. මුලින්ම හිත ධෛර්යමත් කරන ෆීලින් එක ගන්න ට්‍රයි එක්ක දෙනවා. ඇයි ඉතිං මේක දවසෙන් ඉවර කරන්න පුළුවන් කියලා අපි අපේම හිත රවට්ට ගන්න එපැයි. කොහොමහරි ඔය කරන අමතර වැඩ ටිකත් කරලා අදාළ වැඩේට අත තියද්දි පැය පහක් විතර තමයි ඉතුරු වෙලා තියෙන්නෙ

 

4. ඩෙඩ්ලයින් පහුවුනාම

Deadlines 101

Source – medium.com

මෙතනදියි අවුල ඇතිවෙන්නෙ. ඩෙඩ්ලයින් පහුවුනාම අපි ඒ ගැන වගකියන්න බැඳී සිටින පාර්ශවය අපෙන් කරුණු විමසනවා. සමහර පාර්ශව මේ ගැන හොඳින් විමසුවත් හැම පාර්ශවයම ඒ වගේ හොඳ නැහැ. එතකොට ඒ ඒ පාර්ශවයන්ට අදාළ විදියට උත්තර දෙන්න සිද්ධ වෙනවා. සමහරු කරන්නෙ ඒ අයට අහන්න තියෙන ඉඩ වහන එක. ඒ කියන්නෙ ෆෝන් ආන්සර් නොකරන එක. එහෙම නැත්තං ඉතිං ඇත්ත හෝ බොරු කියන්න සිද්ධ වෙනවා. කකුල කැඩුනා, වතුර ගැලුවා, ආච්චි තුන්වෙනි පාරටත් මළා වගේ දෙයකින් මේක වහලා දාන්න සිද්ධ වෙනවා.

 

5. ඩෙඩ්ලයින් නිසා අනෙකාට

Deadlines 101

Source – media.giphy.com

ඇත්තටම අපි ඩෙඩ්ලයින්වලට වැඩ නොකරාම අනෙකාට සිද්ධ වෙන්නෙ මොනවද? අනෙකාට එය බළනොපානව කියල අපි හිතුවත් ඒක එහෙම නැහැ. අපි ඩෙඩ්ලයින් වලට වැඩ නොකිරීම අපෙන් උඩ සිටින පිරිසට වගේම අපි සමග සිටින පිරිසටත් ප්‍රශ්නයක් වෙනවා. අපි සමග සිටින කණ්ඩායමට අපේ බරත් එක්ක ඇදගෙන යන්න වෙනවා. අපේ උඩින් සිටින පාර්ශවයට එයාලටත් උඩින් සිටින පාර්ශවයෙන් අපි නිසා දොස් අහන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඩෙඩ්ලයින් පැන්නිල්ල නං ලොකු අවුලක්.

 

6. ආයෙත් ඩෙඩ්ලයින්

Deadlines 101

Source – media.giphy.com

ඔය විදියට ඩෙඩ්ලයින් පහුවුන ගමන් අපි හිතින් අපිට දාගන්නව අලුත් කොන්දේසියක්. ඒ තමයි අපිට පහුවුනු වැඩේ ඉවර කරන්නත් අයෙත් අලුත් ඩෙඩ්ලයින් එකක්. ඇත්තටම නං අපිට යම් වැඩක් අතපසු වුනොත් හැකි ඉක්මණින් ඒකට ප්‍රමුඛත්වය දීලා ඒ දේ ඉවර කරනව හැරෙන්න ඒකටත් ටයිම්ටේබල් දාගන්න එක විහිළුවක්. මේ විදියට ඩෙඩ්ලයින් දෙකක් දාගත්තම කිසිම ඩෙඩ්ලයින් එකක් සපිරෙන්නෙ නැහැ.

 

7. ඩෙඩ්ලයින් ගැන අලුත් බළාපොරොත්තු

Deadlines 101

Source – parade.com

ඩෙඩ්ලයින් පැනලා ගිහිල්ලා වැඩෙත් ඉවර කරාට පස්සෙ ආයෙත් ලැබෙන ඩෙඩ්ලයින් ගැන කට්ටිය අලුත් බලාපොරොත්තු තියාගන්නවා. ඒ තමයි ඊලඟ පාරනං ලොවෙත් ඩෙඩ්ලයින් නොබලා වැඩේ කලින්ම ඉවර කරනවා, ඊටපස්සෙ නිදහසේ ඉන්නෙ නැතුව ඊලඟ සතියටත් වැඩ ඉවර කරලා දානවා, මීටපස්සෙ නං වැඩ ඉවර කරලා මිසක් නින්දක් දාන්නෙ නෑ, සති දෙකක් යනකං බොන්නෙ නෑ . හැබැයි ඉතිං ඔවුව කොච්චර කල් පවතිනවද කියල දැනගන්න අදාළ වැඩේ පටන්ගන්න තියෙන දවස වෙනකං ඉවසලා බලාගෙන ඉන්න වෙනවා. එදාට තමුන්ට තමුන්ගෙ තරම තේරේවි.

 
Cover Image Source – planplusonline.com
 

zvr
Your Reaction

Comments