අලුත් අවුරුද්දේ දී අපට අමතක කරන්න බැරි ඒත් අමතක කළ යුතු දේවල්

Things we should forget on new year

01. හරියට දිනය ලියන එක

Things we should forget on new year

Source – lifie.lk

හා හා පුරා කියලා අලුත් අවුරුද්දකට යද්දී ඉස්කෝලේ කාලේ ඉඳන් ම මේ අවුල තියනවා. දැන් 2018 ලබලා මාස දෙක තුනක් යනකන් ම කට්ටිය දිනේ ලියද්දී 2017 ලියන එක ලියනවාමයි.

 

02. නරක ඇබ්බැහිවීම්

Things we should forget on new year

Source – hearstapps.com

තනිකර අමද්‍යප වෙන්න පරණ අවුරුද්ද මුලත් ප්‍රතිඥා දීලා ජනවාරිය ඉවර වෙන්නත් කලියෙන් ඒක තනිකර කඩවුණු පොරොන්දුවක් වුණ අය ඉන්නවා. මේ වගේ දේවල් දිගට ම පවත්වාගෙන යන්න ඕනි කියලා හිතෙනවා නම් (ඒ කියන්නේ මෙහෙමයි – තමන්ට ම පොරොන්දුවක් දීලා ඒක කඩකරගෙන ආතල් ගන්න හිතන් ඉන්නවා නම්) ඒ මනුස්සයා සූදානම් වෙන්න ඕනි අලුත් අවුරුද්දට නෙවෙයි. දවසෙම ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගහන්නේ නැතුව අම්මට පොල් ටිකක් ගාලා දෙන්න, රෑට පාඩම් කරනවා කියලා ෆෝන් එක පොත අස්සේ හංගන් ටෙක්ස්ට් කරන එක නතර කරන්න, කලින් ම නැගිටලා වෙලාවට වැඩට යන්න වගේ නරක ඇබ්බැහිවීම් අමතක කරලා හොඳ මනුස්සයෙක් වෙන්න අලුත් අවුරුද්දකදී පුළුවන්.

 

03. පැරණි තරහ-මරහ

Things we should forget on new year

Source – blogger.com

ලාංකිකයෝ විදියට වලි කාපර්ලා නිසා කිසි ම තරහකාරයෙක් නැතුව අවුරුද්දක් ගෙවිලා යන එක අපේ ජීවිතවල වෙන්න බැරි දෙයක්. ඒත් අලුත් අවුරුද්දකට යද්දී ත් ඒ තරහා අරගෙන යන්න තරම් පීචන් වෙන්න කිසිම වුවමනාවක් නැහැ. ඕවා ඉස්සරහට අරගෙන කියලා දෙපාර්ශ්වයට ම කිසිම සෙතක් සැලසෙන්නේ නෑ. හැඟීම් ආවේග පාලනය කරගෙන අලුත් අවුරුද්දට ආයුබෝවන් කියන්න කොහොමහරි පරණ කුණුවලට ටටා කියන්න ඕනි.

 

04. තමන් අතින් වුණ වැරදි

Things we should forget on new year

Source – listcrown.com

අපි කවුරුත් සියයට සීයක් පිරිසිදු චේතනා තියන උදවිය නෙවෙයි. අවුරුද්දක් ඇතුළත අපේ අතින් වැරදි වුණේ නැත්තම් තමයි පුදුමේ. අපේ පවුලේ අයට, යාළුවොන්ට එහෙමත් නැත්තම් සමාජ කොටසකට අපේ අතින් දැන හෝ නොදැන වැරැද්දක් වුණා කියලා හිතමුකෝ. කවදාවත් ඒකෙන් කාවවත් වැරදි මනුස්සයෙක් විදියට හංවඩු ගැහෙන්නේ නැහැ. ඒත් ගොඩක් අය බයයි තමන්ට සමාව දෙන්න. හැබැයි ඒවාට සමාව නොදී ඉදිරියට යන එක නම් ගොඩක් අමාරු දෙයක්. ආයෙත් තමන් අතින් වැරැද්දක් නොවෙන්න නම් තමන්ට ම අඳුරු දේවල් වල දාන්න වෙනවා.

 

05. පරාජයන්

Things we should forget on new year

Source – jennifferleeinspiration.com

පරාජයන් අමතක කරනවා කියලා කියන්නේ ඒකෙන් පාඩම් ඉගෙන ගෙන ඒක අමතක කරනවා කියන එකයි. ඒක හරියට උක්ගස් කෑල්ලක හපය විසික් කරනවා වගේ වැඩක්. එක පාරක් පැරදුණා කියන එකෙන් කිසිම දවසක තමන් පරාජිතයෙක් වෙන්නේ නෑ. අලුත් අවුරුද්දේ දිනන්න නම් පරාජිත හැඟීම් ඔක්කෝගෙන් ම නිදහස් වෙන්න වෙනවා

 

06. අලුත් අවුරුද්ද ගැන කියන මෝඩ කතා

Things we should forget on new year

Source – facebook.com

දැන් ඔය බුකියේ පේජ්වල එහෙම ගොන් ආතල් එකක් තියනවා අලුත් අවුරුද්දෙන් වෙන ම ආතල් එකක් ගන්නවා. හොඳ මනුස්සයෙක් වෙන්න හිතන එකත් ජෝක් එකක් කරන් “මේ අවුරුද්දේ ඉඳන්වත් හොඳට හැදෙනවා” , “මං මේ අවුරුද්දේ හැදෙනවා හැදිල්ලක්” වගේ කියමන් ට්‍රොල් ෆේස් එකක් දාලා තනිකර විකාරයක් කරනවා. මේකෙන් වෙන්නේ අතින් පයෙන් නැතුව වචනයෙන් මිනිස්සුන්ගේ කොඳු කඩන එක. ආතල් ගැනීම පිණිස බුකියට ගොඩ වැදුණත් මේ වගේ දේවල් දැක්කම කරුණාකරලා ඒවා අමතක කරලා දාන්න.

 

07. වෙන්ඩ පණ්ඩිතයන්ගේ කතා

Things we should forget on new year

Source – freepik.com

මිනිස්සුන්ට අවවාද දෙන්න නම් කෙළකෝටියක් බහුශ්‍රැතයෝ පහළ වෙනවා හැබැයි කෙළ උනාම එකෙක්වත් නැහැ. පරණ අවුරුද්දේදීත් අපි යාළුවෝ කියලා සලකපු අය, නෑදෑයෝ සහ තවත් ගරු කරපු ගොඩක් වැඩිහිටි අයගේ ලොරි ටෝක්ස් හමුවේ හොම්බෙන් ගිය අවස්ථා අනන්තාප්‍රමාණ විදියට තියෙන්න පුළුවන්. දැන් නිකමට වගේ ෆේස්බුක් පැත්තේ ගියත් සෞදි අරාබියට බොරතෙල් පටවන සයිස් එකට උපදෙස් දෙන අය වැහිවැහැලා. නමුත් මේ ගොඩක් පණ්ඩිත කතන්දර ප්‍රායෝගික නැහැ. තමන්ගේ ජීවිතය තීරණය කරන එකේ අයිතිය තනිකර ම තමන්ගේ ම විතරයි. ඒක පොඩ්ඩක් ඔපමට්ටම් කරන්න සහය දෙන දෙමව්පියෝ සහ බොරු පඬියන් නොවන මිනිස්සුන්ව ළඟ තියා ගන්න එක නම් හරි ම වටිනවා.

 

සුබ අලුත් අවුරුද්දක් වේවා!

 

 
Cover Image Source – utoranto.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *