ඉතාම මෑතකදී වට්ස්ඇප්වල අපි යවන මැසේජ් එකක් අපට පමණක් නොව අනිත් පාර්ශවයටත් බලන්නට නොහැකි වන සේ මකා දමන්නට පුළුවන් හැකියාවක් ගෙන දුන්නා. නමුත් අපිට ආපු මැසේජ් එකක් බලද්දී ඒකෙ This Message was deleted කියලා පෙන්නද්දි අනේ දෙයියනේ මෙකේ මොනවා තියෙන්න ඇද්ද කියලා පපුව හෝස් ගාලා යනවානේ. විශේෂයෙන් වැදගත් කෙනෙක්ගෙන් ආපු එකක එහෙම එකක් තිබුණොත් අපිට කොහොමත් කුතුහලය වැඩි වෙනවා. මේ නිසා එහෙම මකපු ඒවායේ මොනවා තිබුණාද කියලා බලා ගන්න ක්‍රමයක් තමයි ජීවිතේටම වටිනා දේවල් ගෙන එන Lifie හරහා ඔබව දැනුවත් කරන්නේ.
මැසේජ් එකක් මකන හැටි
WhatsApp වලින් ඔබ යවපු මැසේජ් එකක් මකන්න දන්නේ නැත්නම් මුලින්ම ඒක දැනගෙන ඉන්න එක වටිනවානේ. බොහෝ වෙලාවට අපි අකුරු වැරදිලා යවපු එකක් තවත් මැසේජ් එකකින් නිවැරදි කරන්න පුළුවන් වුණාට වැරදිලා යවපු ෆොටෝ එකක් හෝ ටික වෙලාවකට විතරක් මැසේජ් එක/ෆොටෝ එක පෙන්නලා ඊට පස්සේ ඒක අයින් කරන්න පුළුවන් ක්‍රමයක් වට්ස්ඇප්වල තවම නැති නිසා මේ ඩිලීට් කරන්න පුළුවන් වෙන එක ගොඩක් වටිනවා.
මේ සඳහා කළ යුත්තේ ඔබ යවපු මැසේජ් එක උඩ ටික වෙලාවක් ටැප් කරගෙන (ඇඟිල්ල තියලා තද කරගෙන) ඉඳලා තිරය ඉහළ තීරයේ මතුවන කුණු බාල්දි (delete) බට්න් එක ක්ලික් කරන එකයි. එවිට මැසේජ් එක මැකිය යුත්තේ අපිට පමණ ද නැත්නම් අනිත් අයටත් එක්කදැයි විමසන අතර ඔබ ඉන් Delete for everyone යන්න තේරූ විට මැසේජ් එක ඉවත්වී ඒ වෙනුවට This Message was deleted ලෙස පෙන්වනු ලබනවා.
ඇන්ඩ්රොයිඩ්වල නෝටිෆිකේෂන් පද්ධතිය
වින්ඩෝස් 10 එක්ක පරිගණකයට නෝටිෆිකේෂන් ලැබුණත්, ඊට කලින් ඉඳලා ෆේස්බුක් එකේ, ඊමේල්වල අලුත් තොරතුරු ගැන අපි දැනගත්තේ ෆෝන් එකේ නෝටිෆිකේෂන් හරහායි. අපිට මෙහෙම එක එක ඇප්ස් වලින් නෝටිෆිකේෂන් එද්දි ඒවා ඒ ෆෝන් එකේ නෝටිෆිකේෂන් තීරයේ පෙන්වන්නේ ඇප් එකෙන් නෙවෙයි, ඇන්ඩ්‍රොයිඩ් සිස්ටම් එකෙන්. ඒක ක්ලික් කළාම තමයි ඇප් එක ඕපන් වෙන්නේ.
ඒ කියන්නේ, කිසිම ඇප් එකකට ෆෝන් එකේ නෝටිෆිකේෂන් සිස්ටම් එක බයිපාස් කරන්න බැහැ. අපිට අන්න ඒකේ වාසිය මේ වැඩේට පාවිච්චි කරන්න ගන්න පුළුවන්. වට්ස්ඇප් එකෙන් එන මැසේජ් එකක් නෝටිෆිකේෂන් එකට ආපු ගමන් එක බලාගත්තොත් එක ඩිලීට් කරන්නට පසුව එන රික්වෙස්ට් එකට කලින් ඒකෙ තිබුණ දේවල් දැකගන්න පුළුවන්.
මෙහෙම කරන්න
වට්ස්ඇප්වල අපි නෝටිෆිකේෂන් චෙක් කරන්නත් කලින්ම මැසේජ් එකක් ඩිලිටී කළොත් ඒක නෝටිෆිකේෂන් වලත් අප්ඩේට් වෙනවා. මේ නිසා පහසුම ක්‍රමය තමයි මේ වැඩේ ඔටෝම කෙරෙන්න උගුලක් අටවලා තියන එක. අපිට මේකට Notif Log notification history කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක අවශ්‍ය වෙනවා. එය ඔබට මෙතනින් ප්ලේ ස්ටෝර් එකෙන් බාගත කරගත හැකියි. (ඒකෙ පෙනුමට කැමති නැත්නම් Notification History Log ඇප් එකත් මරු)
ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කළාට පස්සේ නෝටිෆිකේෂන් බලන්න එයට permission දෙන්න ඕන. ඇප් එකෙන්ම ඒක ඕපන් කරලා දුන්නාම ඔබට තිබෙන්නේ සෙටිංස්වල ස්විච් එක ඔන් කරන්න විතරයි. ඔන්න එතැන් පටන් ඔබට එන හැම නෝටිෆිකේෂන් එකක්ම මේකේ සටහන් වන නිසා මැකුවාට පස්සෙත් ඒවා ඔබට බලාගන්න පුළුවන්. හැබැයි අවුලකට තියෙන්නේ ෆොටෝ එකක් එවලා ඒක මැකුවොත් තමයි.
Cover Image Source – telegraph.co.uk
Leave a Reply