මාසයේ අන්තිම සතිය විතරක් නෙමෙයි අවුරුද්දේ අන්තිම සතියත් වුණු මේ සතියේ කල එලි බහින්න නියමිත චිත්‍රපට ගැන තොරතුරුත් අරන් ඔන්න අපි ආවා ඔබ ලඟට. මේ සතියෙ හින්දි චිත්‍රපටනම් එලි දකින්න නියමිත වෙලා නෑ. ඉංග්‍රීසි චිත්‍රපටනම් තියෙනවා කිහිපයක්ම. අපි බලමු ඒ මොනවද කියලා.
1. Molly’s Game
ඔලිම්පික් තරග සඳහාද සහභාගී වුණු හිම මත ලිස්සා යාමේ ශුරියක් තමයි මොලී බ්ලූම් කියන්නේ. ඇය පෝකර් කියන නිත්‍යානුකුල සුදූව සිදු කෙරෙන සමාජ ජාල කිහිපයක හිමිකාරියක්. කලක් යද්දී ඇතිවෙන යම් සිදුවීම් දාමයක් හේතු කරගෙන ඇය FBI ඔත්තු සේවයේ ඉලක්කයක් බවට පත් වෙනවා. ඇය විසින් ලියූ මෙනමින්ම ඇති කෘතියක් ඇසුරෙන් තමයි මේ සිනේරුව නිර්මාණය වෙලා තියෙන්නේ. ජෙසිකා කැස්ටින් මෙහි මොලී ගේ චරිතය රඟපානවා. ඒ වගේම මෙය ඉතා විශිෂ්ට නිර්මාණයක් බවට වූ විචාරක ඇගයීම් රැසකට පාත්‍ර වෙලා තියෙනවා.
අධ්‍යක්ෂණය : ආරොන් සෝකින්
තිරගත වන කාලය : පැය 2 යි මිනිත්තු 20 යි
නිකුත් වන දිනය : දෙසැම්බර් 27
2. All the Money in the World
මේකත් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වූවක්. ඔන්න මේ මාසය කතාංගමය චිත්‍රපට බලන්න කැමති අයටනම් කියාපු මාසයක්. මේකේ කතාව සරලවම මේකයි. අවුරුදු දහසයක කොල්ලෙක් පැහැර ගැනීමකට ලක්වෙනවා. ඔහු බේරන්න කප්පම් කරුවන් ඉල්ලන ගාණ තමයි ඩොලර් මිලියන 17 ක්. මේ කොල්ලගේ සීයා බිලියනපතියෙක් උනත් ඔහු මේ දරුවා බේරගන්න ඉදිරිපත් වෙන්නේ නෑ. මේ කතාව දිගහැරෙන්නේ මේ කොල්ලගේ මව ඔහුව බේරගන්න ගන්න ක්‍රියාමාර්ගත් එක්ක. මේකත් විශිෂ්ට සිනේරුවක් බවට විචාරක සම්මාන දිනපු චිත්‍රපටයක්. මිචෙල් විලියම්ස්, ක්‍රිස්ටෝපර් ප්ලමර් වැනි විශිෂ්ට චරිතාංග නළුවන් රැසක් මෙහි රංගනයෙන් යෙදෙනවා.
අධ්‍යක්ෂණය : රිඩ්ලි ස්කොට්
තිරගත වන කාලය : පැය 2 යි මිනිත්තු 12 යි
නිකුත් වන දිනය : දෙසැම්බර් 27
3. Phantom Thread
මේකත් කතාංගමය සිනෙමා පටයක්. 50 ගණන් වල හිටපු වයසක මෝස්තර නිර්මාණ ශිල්පියෙකුට තරුණියක් මුණගැහෙනවා. රූමත් තරුණියක්. ටික කලක් යනවිට ඇය ඔහුගේ පෙම්වතිය බවටත් නිරූපිකාවක් බවටත් පත් වෙනවා. තරුණියක් සමග පෙමින් බැඳෙන මහල්ලෙකු මුහුණ දෙන සමාජයීය ගැටළු දිහාවට ගැඹුරු වූ කෝණයකින් අවධානය යොමු කරන සිනෙමා පටයක් විදිහට Phantom Thread හඳුන්වන්න පුළුවන්. ඩැනියල් ඩේ ලුවිස්, විකී ක්‍රීප්ස් රංගනයෙන් දායක වෙන මේ සිනෙමා පටය සංගීතවත් කරන්නේ ජොනී ග්‍රීන්වුඩ් විසිනුයි.
අධ්‍යක්ෂණය : පෝල් තෝමස් ඇන්ඩසන්
තිරගත වන කාලය : පැය 2 යි මිනිත්තු 10 යි
නිකුත් වන දිනය : දෙසැම්බර් 27
4. In The Fade
තවත් කතාන්ගමය සිනෙමා පටයක්. කට්ජා කියන ගැහැණියට සිය සැමියා වෙච්ච නූරි සහ කුඩා පුතු රොකෝ අහිමි වෙන්නේ බෝම්බ ප්‍රහාරයක් නිසා. ඇයට නීතියෙන් හා සමාජයෙන් නිසි සාධාරණය හිමි නොවන තැන ඇය මෙම සිද්ධියේ ඇත්ත තතු සොයා යනවා. ඒ ගමන ගැන කියවෙන කතාවයි In The Fade. ඩයන් කෘගර්, ඩෙනිස් මොස්චිටෝ වැනි නළු නිලියන් මෙහි විශිෂ්ට රංගනයක නිරත වෙනවා. ජෝෂ් හෝම් විසින් මෙය සංගීතවත් කොට තිබෙනවා.
අධ්‍යක්ෂණය : ෆටී අකීන්
තිරගත වන කාලය : පැය 1 යි මිනිත්තු 46 යි
නිකුත් වන දිනය : දෙසැම්බර් 28
5. Film Stars Don’t Die in Liverpool
ග්ලෝරියා ග්රැහැම්. ඇය හොලිවුඩ් සිනෙමාවේ 40, 50 දශකය රජ කළ නිලියක්. ජිවිතයේ අවසන් කාලය ගත කරමින් සිටින විට වසරක් ලෙස කිවුවොත් 1978 දී ඇය හොලිවුඩයට එන නවක නළුවෙක් සමග පෙමින් බැඳෙනවා. ප්‍රශ්න දාහක් එද්දී ඔවුන් ඔවුන්ගේ ජීවිතය එකට ගෙනියනවා. 1981 ඔක්තෝබර් 5 ඇය මියයනවා. මේ සත්‍ය සිදුවීම් ගැන කියවෙන චිත්‍රපටය තමයි Film Stars Don’t Die in Liverpool කියන්නේ. ජෙමී බෙල්, ඇනට් බෙනින් මෙහි විශිෂ්ට රංගනයක යෙදෙනවා. J රැල්ෆ් විසින් සංගීතවත් කල මේ සිනෙරුව දැනටමත් සම්මාන බොහොමයකට නිර්දේශ වී අවසන්.
අධ්‍යක්ෂණය : පෝල් මැක්ගයිඩන්
තිරගත වන කාලය : පැය 1 යි මිනිත්තු 45 යි
නිකුත් වන දිනය : දෙසැම්බර් 29
ඔන්න ඔහොම කතාංගමය ගණයේ චිත්‍රපට කිහිපයක් එක්ක තමයි 2017 අවුරුද්ද ඉවර වෙන්නේ. 2018 අවුරුද්දෙත් හැම සතියෙම අලුතින් නිකුත් වන චිත්‍රපට ගැන ඔබ දැනුවත් කිරීමේ බලාපොරොත්තු ඇතිවයි අපි 2017 ට සමු දෙන්නේ. ඉතින් 2018 අවුරුද්ද සිනමලෝලී ඔබ හැමට සුභ අලුත් අවුරුද්දක් වේවා..!!
අනිත් යටත් දැනගන්න SHARE කරමු.
Cover Image Source – imdb / nofilemschool
Leave a Reply