ඔයාටත් දොර ලොක් කරාට ලොක්ද? කියලා ෂුවර් නැද්ද? හැම තිස්සෙම ෆෝන් එක සාක්කුවෙ තියෙනව කියල චෙක් කරන්න ඕනද? ඒක ඉතිං සූටි කේස් එකක් වුණාට එහෙම අමතක කරල දාන්න පුළුවන් සීන් එකක් නෙමෙයි. මේක කොහොම හෝ තමන් විසින් ගොඩ දාගත යුතු කේස් එකක්. අපි අද කියන්නෙ මේ කේස් එක තමුන්ටත් තියෙනවද කියල අඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් ගැන. මේවයින් එකක් හෝ කිහිපයක් ඔබ තුළත් තිබෙනවානම් ඔබ තුළ මේ රෝග ලක්ෂණය තියෙනවා විය හැකියි.
1. සාමාන්‍ය තත්ත්වය

Source – ravishly.com
අපි හැමෝම ඇතැම් අවස්ථාවල පොඩි කලබලයකට හිත බයකට ලක්වීම සිද්ධ වෙනවා. එක් ක්ෂණික මොහොතකට ඒක ඇතිවී නැතිවෙන්නත්, ප්‍රසිද්ධ ස්ථානයක කතාවක් කිරීමේදී, ආර්ථික අපහසුතාවයක සිටින විට එය ඔබ තුළ ඇති වෙන්නට ඉඩ තියෙනවා. නමුත් මෙය දිගින් දිගටම ගෙවෙන බොහෝ මොහොතවල සිදුවී ඔබේ ජීවිතයම මේ වෙත නතුවෙන්නටද ඉඩ තිබෙනවා.
ඒ නිසා මේ කතාව ඔයාට මට එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය විදියට හැදෙන මේ තත්ත්වය ආබාධයක් දක්වා දුරදිග යන්නෙ කොහොමද කියලයි. ඇන්සයිටි විවිධ විදිවලට ඔබව ආක්‍රමණය කරන්නට ඉඩ තිබෙනවා. ක්ෂණිකව සිදුවන කැළඹීමක්, ෆෝබියාවක් විදියට මේ තත්ත්වය ඇති වෙන්නට පුළුවන් වගේම සාමාන්‍ය තත්ත්වය සහ ආබාධය මේ යැයි කියා වෙන්කර ගන්නට එකවර අපහසු වෙන්නටත් ඉඩ තිබෙනවා.
2. අධික කණස්සල්ල

Source – mynd.works
අධික කණස්සල්ල සැළකිය යුතු රෝග ලක්ෂණයක් ලෙසින් හැඳින්විය හැකියි. එදිනෙදා ජීවිතයේ සිද්ධ වෙන්නට ඉඩ තියෙන හැම දෙයක් ගැනම ඕනවට වඩා වද වීම සහ කනස්සල්ලට ලක්වීම එම තත්ත්වයයි. මේ තත්ත්වය නිසා ඔබ දැඩි තෙහෙට්ටුවකට ලක්විය හැකියි. බොහෝවිට ඔබ සිටින්නේ කනස්සල්ලෙන් නම් තත්ත්වය එසේ විය හැකියි.
3. නින්දේ වගතුග

Source – ashtonpark.net
නින්දට වැටීම සහ නින්දේ සිටීම යන කාරණා දෙකට අර්බුද තියෙනවානම් එයට මෙම තත්ත්වය ඔබට බලපා ඇති බවට හොඳ රෝග ලක්ෂණයක්. නමුත් එය පසුදිනට තියෙන ස්පීච් එකක් ජොබ් ඉන්ටවිවු එකක් නිසා වුවත් ඇති වෙන්නට පුළුවන් සාමාන්‍ය තත්ත්වයක්. කෙසේ හෝ දිගින් දිගටම ඔබ ඇඳ මත අපහසුවෙන් සිටිමින් මුදල් හෝ එවැනි දීර්ඝකාලීන ප්‍රශ්නයක් පිළිබඳ සිතමින් සිටිනවානම් ඔබව තරමක් රෝගී අතට හැරී තිබෙන්නට හැකියි.
4. අතාර්කික බියක්

Source – woodcockpsychology.com
සමහර අය සමහර දේවල්වලට දක්වන බියත් අපිට මේ තත්ත්වයටම අදාළ කර සළකන්න පුළුවන්. විශාල ජනකායන්ට, උස ස්ථානවලට, සතුන්ට වගේ දේවල් ඒ අතර විය හැකියි. ඒ වගේම ඇතැම් අවස්ථාවක් එනතෙක් ඔබට මේ බිය ඉහළට මතු නොවන්නත් පුළුවන්. උදාහරණයකට ඔබ විශාල කතුරු ඔංචිල්ලාවක යන්නට බිය වන්නට ඉඩ තිබුණත් ඔබටත් නොදැනී එය මගහැරී තිබිය හැකියි. නමුත් යම් දිනෙක ඔබේ දරුවා කතුරු ඔංචිල්ලාවක යන්නට ඉල්ලා සිටියොත් ඔබට ඔබේ වියවුල පැහැදිලි වේවි.
5. ජීර්ණයේ අවුල්

Source – hercampus.com
ඔබේ ආහාර ජීර්ණයේ වියවුල් තිබිය හැකියි. උදාහරණයකට ගෑස් තත්ත්වයක්, බඩ කොරවීමක්, පාචන තත්ත්වයක් වුවත් දිගුකල් තිබෙනවානම් එය රෝගී ලක්ෂණයක් වන්නට ඉඩ තිබෙනවා. නමුත් මේ සියල්ල නිසැකව ඇන්සයිටි හා බැඳී පවතින්නේ නැහැ.
6. සමාජෙ එපා වෙලාද?

Source – lifehacker.com.au
සාමාන්‍යයෙන් සමාජ භීතිකාවක් ඇති අයෙකුට හැරෙන්නට සාමාන්‍ය පුද්ගලයෙකුට ප්‍රසිද්ධ වේදිකාවක කතා කිරීමට ඇති බිය කෙටි කලක් පුහුණු වූ පසු නැති වී යනවා. නමුත් ඔබ එම රෝගී තත්ත්වයෙන් පෙළෙනවානම් ඔබ කොතරම් පුහුණු වුවත් ඔබ ඒ පිළිබඳව දීර්ඝ කාලීනව සිතමින් පසුතැවිලි වීම නවතින්නේ නැහැ.
7. ඇයි මේ?

Source – stagefrightaway.com
මේක කුඩා කණ්ඩායමක් අතර සිටියදී දැනෙන්නට ඉඩ තිබෙන තත්ත්වයක්. ඒ මොහොතේදී ඔබ විසින් ඔබ තුළ ඇති අවුල වටහාගත යුතුයි. දාඩිය දාන්න ගන්නවා, ඔබ දෙස කවුරුන් හෝ බලා සිටිනවා යැයි නිතර සිතෙනවා, ඇතැමෙකු ඔබට ඉඟි කරන වගක් දැනෙනවා, මෙම තත්ත්වය ආයතනගත රැකියාවකදී, මෙන්ම සබඳතා ගොඩනගාගැනීමේදී බාධාවක් වේවි.
8. දැඩි භීතියක්

Source – pintarest.com
පැනික් ඇටෑක් එකක් තරමක භයානක අත්දැකීමක් විය හැකියි. උදාහරණයකට එක්වරම අන්ත අසරණ වුනු දැඩි භීතියක් ඔබේ සිත තුළ මිනිත්තු කිහිපයකට හටගත්තොත්. හුස්ම ගැනීමේ අපහසුතාවයක්, දාඩිය දැමීමක්, හද ගැස්ම ඉහළ යෑමක් අත් වෙවුලීමක්, බඩේ අමාරුවක්, දැඩි සීතලක් හෝ රස්නයක් සමග මෙම තත්ත්වය ඇති විය හැකියි. පැනික් ඇටෑක් එකක් එන හැම කෙනාම ඉන්නෙ ඇන්සයිටි ඩිසෝඩර් එකක නෙමෙයි.
9. අතීතයෙන් ඔබ වෙත

Source – businessinsider.com
ඔබ අතීතයේ මුහුණ දුන් භයංකර සිද්ධියක් යළි යළිත් සිහියට නැගෙනවාද? එසේනම් ඔබ යම් තරමකට මානසික උවදුරකට ලක්වී තිබෙනවා. මෙය උච්ඡ අවස්ථාවකට පත්වුණු විට ඔබ එම භයංකර අවස්ථාව සිහිපත් කරවන්නට ඉඩ ඇති දේ පවා මගහරින්නට පෙළඹේවි. උදාහරණයකට එම භයංකර අවස්ථාවේ ගිනි අවියක් භාවිතා වුණානම් ඔබ ක්‍රියාදාම සහ යුද්ධ චිත්‍රපට මගහරීවි.
10. පරිපූර්ණතාවාදය

Source – huffingtonpost.com
පර්ෆෙක්ෂනිසම් කියන්නෙ නිකං ලෙඩක් නෙමෙයි. පට්ට විදියට මහන්සි වෙන්නට සිද්ධ වෙන අවුලක්. ඔබේ මේසය මත ඇති පැන්සල් පෙළෙහි සමබරතාව බිඳිමින් එක් පැන්සලක් ඇද වී ඇතිවිට එය සකසන්නට ඔබේ සිත ඔබට දිගින් දිගටම බල කරනවාද? සමහරු ඉන්නව හරියටම හරියනකං පැය තුනක් විතර මේකප් කරන. ඒකත් මේකම තමයි.
11. අත්හල නොහැකි පුරුදු

Source – huffingtonpost.com
දිගින් දිගටම අත් හෝදනවාද? හැම දෙයක්ම කෙලින් තියලා සකසනවාද? එසේනම් ඔබ ඇන්සයිටිවලින් පීඩා විඳිනවා විය හැකියි. මෙය භෞතික ලක්ෂණයක් පමණක් නොව මානසිකවද සිදුවෙනවා. උදාහරණයකට සෑම විටකම ඔබ ඔබේ සිතට හෑම දෙයක්ම හරියාවි යැයි කියාගන්නවාද? ත්‍රී ඉඩියට්ස්ලගෙ ඕල් ඊස් වෙල් කියන්නෙත් ඒ අවුලම තමයි.
12. තමන් ගැනම සැකයක්

Source – imagewire.com
ඇයි තමන්ට තමන්වම සැක? ඔවු එසේ වෙන්නටත් ඇන්සයිටි හේතුවක් විය හැකියි. මම ආදරේ කරන තරම්ම මගේ වයිෆ් මට ආදරෙයිද? හෙට ඔෆිස් එකේදි මගේ වැඩ අවුල් යයිද? මට ඇයි මගේ ගර්ල්ෆ්රේන්ඩ්ට ආදරේ නොහිතෙන්නෙ? මම ගේ ද?
Cover Image Source – everydayhealth.com
Leave a Reply