වන්ප්ලස් 5 ඇවිත් මාස පහ හයකින් දැන් වන්ප්ලස් 5T ත් ඇවිත්. මේක ඇමරිකානු ඩොලර් 500ක මුදලකට තමයි අන්තර්ජාතික වෙළඳපොලේ මිල නියමවී තිබෙන්නේ. ලංකාවේ මුදලින් ගතහොත් රු 77,000 කට ආසන්නයි. ඇත්තේන්ම මේ මුදල දැන් දැන් අන්තර්ජාතික වෙළදපොලේ සැලකෙන්නේ මැද මට්ටමේ ඉහල ෆෝන් එකක් විදියට. වන්ප්ලස් 5ට වඩා 5T මිල වැඩි වන්නේ දිවා ආහාරවේල දෙකක මුදල හෙවත් ඩොලර් 20කින් කියලා සැන්ෆ්රැන්සිස්කෝ වල වෙබ් අඩවියක තිබෙනවා. ඒ කියන්නේ සැන් ෆ්රැන්සිස්කෝ වල සාමාන්‍ය මිනිහෙක් දවාලට කන්න රුපියල් 1500ක් විතර වියදම් කරනවා. ඒ අනුව බැලුවාම නම් ඩොලර් පන්සීයේ වන්ප්ලස් ඇමරිකන් කාරයාට නම් මිඩ් රේන්ජ් වන්නට ඇති.
1. ලොක් නෑ කඩන්න ඕනි නෑ ගත්ත ගමන් වැඩ

Source – android authority
වන්ප්ලස් ෆොන් කියන්නේ චීන සමාගමකින් හදන ඉහලම මට්ටමේ ෆෝන් එකක්. අයිෆෝන් එකක් මිලදී ගන්නා විට අඩුවට ගන්නනම් අපි කොහේ හරි පාවිච්චි කරපු එකකට සෙට් වෙන්න ඕනි. ඒම අඩුවට පලතුරු ෆෝනක් ගත්තා වුණත් ඉතිං ඒකේ ලොක් කඩලා, ඇපල් අයි ඩී හදලා යම් කිසි වැඩකොටසක් කරන්නට ඕනි. ඒ වගේම හදිස්සියට අපේ චොයිස් එකට අනුව ෆෝන් එකට දාගෙන ෆිල්ම් එකක් බලාගන්න සිංදුවක් අහගන්නත් ඇපල් එකකදි ටිකක් අමාරුයි. ඉහල මට්ටමේ හාඩ්වෙයාර් භාවිතා කරලා හදන නියම ඉහල නිමාවෙන් යුත් වන්ප්ලස් එකකදි කිසිම අවුලක් නැතුව ගත්ත ගමන් පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. වන්ප්ලස් අලුත්ම 5T එක ඇන්ඩ්‍රොයිඩ් 7 මෙහෙයුම් පද්ධතිය සුලු වෙනස්කම් වලට ලක්කොට ඔක්සිජන් ඕ එස් නමින් ඇතුලත් කොට තිබෙනවා.
2. ෆේස් රෙකග්නිෂන්

Source – techbuffolo.com
වන්ප්ලස් 5T එකේදි ෆේස් රෙකග්නිෂන් මගින් ස්ක්‍රින් අන්ලොක් කරගන්න හැකියි. සරලව කීවොත් අර ඉස්සරහ හෝම් බටන් එකට එන ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර් එකට අමතරව කෙලින්ම ෆෝන් එකට මුහුණ පෙන්වීමෙන් ෆෝන් එක අන්ලොක් කරගන්න හැකියාව වන්ප්ලස් 5T වලදී උදාවෙනවා. සන්ග්ලාස් දාගෙන ඉන්න වෙලාවක වුණත් මූණ හඳුනාගෙන ඒ අනුව ෆෝන් එකේ ස්ක්‍රින් එක අන්ලොක් කරගන්න හැකියාව වන්පල්ස් 5T වල තිබෙන බවයි ආරංචිය.
3. බලගතු හාඩ්වෙයාර් ඒත් බැටරි බලය සුපිරි

Source – phandroid.com
වන්ප්ලස් වල අඩංගු වන්නේ ක්වල්කොම් ස්නැප්ඩ්‍රැගන් සීරියස් එකේ බලගතුම ප්‍රොසෙසරයක් වන ස්නැප්ඩ්‍රැගන් 835කියන චිප් සැට් එක. ඒ වගේම ඇතුල රැම් එකම6ක්, රොම් එක 64 සහ 128 කියල වර්ෂන් දෙකකින් එනවා. අමතර මෙමරි කාඩ් ගහන්න හැකියාවක් නැති මෙම වන්පලස් ෆෝන් එක හරහා දැනට ලෝකයේ තිබෙන ඕනෑම මොබයිල් ගේමක් අවුලක් නැතුව ප්ලේ කරන්නට අවකාශ ලැබී තිබෙනවා. මේ හැම දේම තියනවිට එන ප්‍රධාන පස්නයක් තමයි බැටරිය. සාමාන්‍ය භාවිතයේදී සියලු ඇප්ස් ඇතුලත්ව මෙම වන්ප්පල් 5T වල බැටරි හැකියාව සැම්සුන් එස් 6 එල් ජී 6 සහ පික්සල් පවා ඉක්මවා යන ආකාරයක් පෙන්නුම් කරනවා.
4. පෙනුම නිමාව සහ ස්ක්‍රින් එක

Source – verge.com
ෆෝන් එක චීනෙදි නම් තද රතුපාට ලාවා රතුපාට කියලා පාටකින් ආවත් අන්තර්ජාතිකව එන්නේ කලුපාට ෆෝන් එක පමණයි. වන්ප්ලස් 5ට වඩා අගල් බාගෙකින් පමණ තිරෙන් විශාල වෙන වන්ප්ලස් 5T ෆෝන් එක අගල් 6ක ස්ක්‍රීන් එකකින් සමන්විතයි. වන්ප්ලස් 5ට වඩා අලංකාර නිමාවක්ද වන්ප්ලස් 5T වලට ඇතුලත්.
5. කැමරාව

Source – androidcentral.com
ඇන්ඩ්‍රොයිඩ් කැමරා ෆෝන් අතර අග්‍රස්ථානයේ සිටින්නේ ගූගල් පික්සල්. ගූගල් පික්සල් 2 ඇමරිකාවේ ඇමසන් අඩවියේත් ඇමරිකානු ඩොලර් 800කට වඩා මිල වැඩියි. ඉතිං මිල මට්ටම අනුව බැලුවාම ඩොලර් 500 ෆෝන් එකෙන් 800++ ෆෝන් එකක කොලිටිය බලාපොරොත්තු වන්නට අමාරුයි. සූමින් වලදී පොඩ්ඩක් විතර තත්ත්වය අඩු වුණත් ලෝ ලයිට් හෙවත් අඩු ආලෝකයේදී නම් සුප්පර් ෆොටෝ අරං දෙන්නට වන්ප්ලස් 5T සමත්.
6. ඩුවල් ඇප්ස්

Source – pcworld.com
අපිට ලැප්ටොප් එකක් හෝ ඩෙක්ස්ටප් එකකින් ට්විටර්, ෆේස්බුක්. ඉන්ස්ටා ලොග් වෙද්දි එකවුන්ට් අපිට කැමති ගානක් තබාගන්නට හැකියි. එහෙත් ෆෝන් එකකදි ඇප් පාවිච්චි වන නිසා අපි බොහෝවිට එක් එකවුන්ට එකක් පමණක් ෆෝන් එකේ තබාගන්නට කටයුතු කරනවා. එහෙත් නම් කිහිපයකින් එකවුන්ට කිහිපයක් විවිධ වැඩවලට තබාගන්නට ආස අයට වන්ප්ලස් වලින් හොද ආරම්භයක් ලබා දී තිබෙනවා. වන්ප්ලස් 5T වල ඇප් එකකින් එකවුන්ට් දෙකක් භාවිතා කරන්නට පහසුවෙන්ම හැකියි.
7. චීන උනත් කොලිටි වන්ප්ලස්

Source – dbrand.com
අයි ෆෝන් ඩිසයින් කරන්නේ ඇමරිකාවේ වුනත් හැදෙන්නේ චීනයේදී. චීනයේම නිෂ්පාදනය වන වන්ප්ලස් එක හාඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් අතින් ඉහලින්ම තියෙන ෆෝන් එකක්. සැම්සුන්, එල් ජී වගේ ඉසේ කෙස් ගානට ලෝකේ රීජන් එකෙන් රීජන් එකට ෆෝන් ගහන්නේ නැති වන්ප්ලස් එක කාලසීමාවකදී මාකට් එකේ බොහෝවිට තිබෙන්නේ ඔවුනගේ හොඳම ෆෝන් එකක් පමණයි. මේ හරහා හොඳට අධ්‍යයනය කරලා පාරිභෝගිකයාට වඩාත්ම අවශ්‍ය දේ මැනවින් ලබාදෙන්නට සමාගමට හැකියි කියලා තමයි වන්ප්ලස් කියන්නේ. වන්ප්ලස් 5T ලංකාවට ගෙන්වාගැනීම නම් අලි එක්ස්ප්‍රස්, බෑංගුඩ්, ගියර්බෙස්ට් හරහා කරගන්නට හැකියි.
ෆෝන් එකක් මිලදී ගන්නාවිට රැල්ලට ගොස් ඉතා ඉහල මිලකට පාවිච්චි කළ ෆෝන් එකක් මිලදී ගන්නවාට වඩා වන්ප්ලස් 5T එකක් මිලදී ගැනීම අලුත්ම හයි එන්ඩ් ෆෝන් එකක මිහිර ඔබ වෙත ලංකරාවි. ඒ වගේම ස්ක්‍රින් එක විශාල වැඩිනම්, චීන ෆෝන් එක්ක පොඩි අවුලක් හිතේ තියෙනවා නම්, සමාජය පිලිගත් ෆෝන් එකක් පාවිච්චි කරන්න ඕනි නම් ඒසඳහාත් සැම්සුන් ගැලක්ස් එස් 8, එල් ජී ජී 6, ඇපල් අයිෆෝන් ආදී හොඳ ෆෝන් රැසක්ම වෙළඳපොලේ පොඩ්ඩක් විතර වන්ප්ලස් 5T වලට වඩා වැඩි මිලට ලබාගන්නට තිබෙනවා.
Cover Image Source – techarena.co.ke
Leave a Reply