එක් එක් රටවල් සංචාරයේදී වඩාත් ජනප්‍රිය වී ඇති කරුණු කාරණා තිබේ. ඒ අතර තායිලන්තය ජනප්‍රිය වී ඇත්තේ අඩුමිලට කම් සැප ලබාගත හැකි සෙක්ස් ඩෙස්ටිනේෂන් එකක් ලෙසය. ඊට අමතරව තායිලන්තය යනු සුන්දර වෙරළ තීරයන්ගෙන්ද නිල් පැහැයෙන් වැටුණු කඳුබිම් වලින්ද, ශතවර්ශ ගණනාවක් තිස්සේ බෞද්ධ උරුමයෙන් පොහොසත් වූද රටකි.
1. එය ඒ කර්මාන්තය සදහා ජනප්‍රිය වී තිබීම

Source – theblaze.com
පිටකොටුවේ වුවද යම් භාණ්ඩයකට සේවාවකට ප්‍රසිද්ධ වීදියකදී එම භාණ්ඩය හෝ සේවාව අනෙක් තැන්වලින් මිලදී ගන්නවාට වඩා මිල අඩුවෙන් මෙන්ම විවිධාකාර තත්ව හෝ මාදිලි වලින්ද මිලදී ගැනීමේ හැකියාව තිබේ. පෙර සිට පැවත ආ පරිදි සහ වියට්නාම යුද්ධයේදී ඇමරිකන් සෙබලුන්ගේ කම්සැප නිවීම නිසාම ජනප්‍රිය වූ තායිලන්තයේ කම්සුව විදීමේ පහසුව අද වනවිට ඒ පැත්තෙන් වඩාත් ඉදිරියට පැමිණ තිබේ. එනම් සුලභතාවයද තත්වය ඉහල ගොස් ඇත. එහි යන අයෙක්ට තමුන් වියදම් කරන්නට කැමති මුදලට අවශ්‍ය ලෙසකට ඒ අවශ්‍ය ලිංගික සුව අවශ්‍ය ආකාරයට ලබාගැනීමේ හැකියාව ලැබී තිබේ.
2. සංචරණය සදහා වැයවන මුදල් අඩුවීම

Source – you tubes
ගණිකාවන් සහ ලිංගික ක්‍රියා සදහා ප්‍රසිද්ධ වී ඇත්තේ තායිලන්තය පමණක් නොවේ. නෙදර්ලන්තය වැනි දියුණු රටවල් පවා මෙම කම්සුව පිණිස පතල වී තිබේ. තායිලන්තය යුරෝපීයයන්ට මෙන්ම ජපාන කොරියා, ඔස්ට්‍රේලියා, නවසීලන්තය ආදී රටවලටද ගාස්තු අඩු තැනකි. ගුවන් ගමන් අංශයෙන් අග්නිදිග ආසියාව යනු ලොව ගුවන් ගමන් සදහා අඩුම මිල කලාපයකි. කාමර ගාස්තු ප්‍රවාහන ගාස්තු රට තුලදී ආහාර පාන වියදම් ආදී බොහෝ අමතර වියදම් තායිලන්තයේදී සැලකියයුතු ලෙසින්ම අඩුය. එය ලිංගික සුව සඳහා තායිලන්තයට පිවිසෙන සංචාරකයින්ටද නොමඳ අත්වැලකි.
3. සංස්කෘතිකමය බාධාව අඩු වීම

Source – orientalescape.com
යාබද ඉන්දුනීසියානු රටද තායිලන්තය මෙන්ම අලංකාර භූමි දර්ශන ඇති රටකි. එහෙත් ඉන්දුනීසියාව මුස්ලිම් රටක් වන හෙයින් ඇතැම් තැනක දැඩි සංස්කෘතික පීඩනයක් සංචාරක කර්මාන්තය කෙරෙහි එල්ල වේ. මාලදිවයින, ඉන්දියාව වැනි රටවල පවා මෙම සංස්කෘතික වටපිටාව මගින් කාම ක්‍රීඩාවන්, ගණිකා වෘත්තිය ආදිය කෙරෙහි ඇති ප්‍රතිරෝධය වැඩිකර තිබේ. තායිලන්තය බෞද්ධ රටක් වුවද එහි ගණිකා වෘත්තිය නීතියෙන් නාමිකව තහනම් වුවද එහි දී සංචාරකයින් ලිංගික සුව මුදලට සෙවීම යනු අරුමයක් නොවේ. එය ඒ සමාජයට දැන් ඇතුලත් වී ඇති අංගයක්ම වී තිබේ.
4. අවශ්‍ය අයට අවශ්‍ය දේ

Source – shbarcelona.com)
ලිංගික සුව සැපයීම යනු සෑම විටම ගණිකා මඩම් හරහා ගණිකාවන් සැපයීමම නොවේ. ඇතැමෙක් නටමින් කා බී විනෝද වෙමින් යුවතියන් සමග කල් ගත කිරීමට කැමතිය. තවත් අය මසාජ් ස්පා වැනි ශරීරය සන්තර්පනය කරන මාර්ග ඔසසේ කාම රසය විඳගැනිමට කැමතිය. තවත් විෂම ලිංගික ආසාවන් ඇත්තෝ ගෑණු ද පිරිමිද නොවන ලේඩිබෝයි නැමැති අය හා එකතු වීමට කැමතිය. ඇතැම් විදෙස් වැඩිහිටි කාන්තාවෝ ගිලිහීගිය තමුන්ගේ තරුණ වියේ සුව තායිලන්තයේ කොල්ලකු හා එකතුව විඳගැනීමට කැමතිය. එසේ විවිධ වූ රුචිකත්වයනට ගැලපෙන දේ තායිලන්තයේදී පහසුවෙන් සොයාගත හැකිය. ලොව මීට කලකට පෙර සමලිංගිකත්වය මහා වරදක් ලෙස ලොව බොහෝ රටවල හැඳින්වෙනු ලැබීය. එහෙත් එය දැන් දැන් එය වරදක් වත් විකෘතියක් වත් නොවේ.
5. අනෙකුත් සංචාරක ආකර්ශණයන්

Source – youtube.com
තායිලන්තය ආහාර පාන සදහාද ජනප්‍රිය රටකි. අපරටද ජනප්‍රිය ෆ්‍රයිඩ් රයිස් චයිනීස් වලට වඩා තායි ආභාෂය ඇතැයි මතයක් පවතී. සොබාව සෞන්දර්යය අතින්ද තායිලන්තය දර්ශනීය නිවර්ථන දිවයිනකි. බෞද්ධ උරුමයන් සහ නටබුන්ද තායිලන්තයේ ස්ථාන රැසකම නැරඹීමට තිබේ. එනම් තායිලන්තය කරා ඇදෙන අයෙක්ට ලිංගික සුව ලාබෙට පමණක් නොව ඇවැසි නම් වෙනත් දේද දැකබලාගෙන සැහැල්ලුවෙන් කාලය ගතකිරීමේ අවස්ථාවද තිබේ. අහි අනෙක් අතට වන්දනාවකට හෝ සොබාසිරි විදින්නට තායි ගිය අයෙකුට අඩු මිලට විශ්වාසයෙන් ලෝකාස්වාද රතියේ නිරත වී ඒමට පහසුකම තායිලන්තයේදී උදා වේ.
6. ආරක්ෂාව මුලට

Source – aljazeera
මුදලට ලිංගික සුව විකිණෙන ලාබදායි ස්ථාන වටා නිතරම ලිංගිකව සම්ප්‍රේෂණ වන රෝගාබාධ ඇතිවීමේ අවධානමක් තිබේ. අප්‍රිකානු රටවලටවඩා තායි හිදී ලිංගාශ්‍රිත රෝග සම්ප්‍රේෂණ අවධානම අඩු වුවද ආරක්ෂා සහිත වීම වඩාත් යෝග්‍ය වේ. ලිංගාශ්‍රිත රෝග බොහොමයකින් වැළකීමට කොන්ඩම් මහෝපකාරී වේ. තායි යුවතියන්ද දැන් දැන් ඒ ගැන දැනුවත්ව කොන්ඩම් භාවිතය කෙරෙහි වඩාත් යොමුවී තිබේ. ආත්මාරක්ෂාව පිණිස ආයුධයක් ලෙස හෝ මෙම ජනප්‍රිය ජාත්‍යන්තර ලිංගික තිප්පොල වලදී කොන්ඩම් භාවිතා කිරීම කළ යුතුම දෙයකි.
Cover Image Source – youtube.com
Leave a Reply