ඇක්සිඩන්ට් එකක් වුනාම කලබල වෙන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න

When an Accident Happened

ඔයා කොච්චර හොඳ රිය පදවන්නෙක් වුනත් වාහනය මහපාරට දැම්මට පස්සෙ ඔයාට විවිධ රියපදවන්නො එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නෙ. ඒ අතරෙ සමහර අය දඩිබිඩියෙ ලේන් මාරු කරනව, සිග්නල් නෑ, මහපාරෙ රිවර්ස් කරනව, එකපාරටම නවත්තනව වගේ ලෙඩ ගොඩක්. ඒ නිසා හදිසි අනතුරක් සිද්ධ වෙන්න මහා ලොකු වෙලාවක් යන්නෙ නෑ.

මේ වගේ කරද‍රයකදි කලබල වුනොත් ඔයාගෙ කාලය සහ මුදල් නාස්ති වෙනවා වගේම අනවශ්‍ය වෙනත් ප්‍රශ්නත් ඇති වෙන්නට ඉඩ තියෙනවා.අන්න ඒ නිසා ඔලුව පැහැදිලිව තියාගෙන මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අපි මේ කියන පියවර අනුගමනය කරන්න.

 

1. ගේමට නං ගේම

When an Accident Happened

Source – facebook.com

ඔෆිස් එකේ පෑනක් නැතිවුනත් රණ්ඩුවට යන අපි කාර් එක ඇක්සිඩන්ට් වුනු ගමන් දොර ඇරගෙන එළියට බහින්නෙම වචන දහසකුත් එකක් හිතලා. ඉතිං අනිත් පැත්තෙ මනුස්සයත් එහෙමම කෙනෙක් වුනොත් එතන කෙලින්ම ඡන්ද සටන වගේ බොරු අනවශ්‍ය රණ්ඩුවක් පටන්ගන්නව. වටෙන් පිටෙන් අඩුපාඩුවට කට්ටියට මේ රණ්ඩුවට සෙට් වෙන නිසා මේක නරක අතට යනවා.

ඇත්තටම මෙතනදි තමන්ගෙ අතේ වැරැද්ද වහගන්න වැරදි පාර්ශවේ උත්සාහ කරනව වගේම, අනිත් පැත්ත ඒ අයගෙ වැරැද්ද කොහොමහරි බාරගනීවි කියල හිතාගෙන මේ පැත්තෙ අය ඔප්පු කිරීම් කරනව. එහමෙ වැඩකට ලේසිම විදිහ තමයි රණ්ඩුව. ඒ කොහොම වුනත් කේන්තිය පැත්තකින් තියල බැලුවොත් ඇක්සිඩන්ට් මහ පාරකදි කොහොමත් සිද්ධ වෙන නිසා මේ දේ ගහ බැණගෙන විසඳගන්න යන්නෙ නැතුව නිරවුල් මනසින්, අනික් පාර්ශවය රණ්ඩු වෙන්න ආවත් තමන්ගේ සන්සුන්කම තියාගෙන ඉස්සරහ වැඩ ටික ප්ලෑන් කරන්න.

 

2. වාහනයට පෙර මිනිසුන්

When an Accident Happened

Source – newtownabbeyintouch.co.uk

අපේ අය ඇක්සිඩන්ට් එකක් වුනාම මුලින්ම රණ්ඩු වෙන ටික ඔක්කොම ඉවර කරලනෙ අනිත් කාටවත් තුවාලද කියන දේ හොයන්නෙ. ඒ නිසා මෙන්න මේක හොඳින් මතක තියාගන්න. ඇක්සිඩන්ට් එකක් වාසනාව සහ රියදුරුගේ දක්ෂකම් මත වාහන වලට විතරක් අලාභ වෙලා නවතින්න පුලුවන්. හැබැයි සමහර විට වාහනේ හිටපු කෙනෙක්ට හෝ පාරේ හිටපු කෙනෙක්ට හෝ තුවාල හෝ අනතුරක් සිද්ධ වෙන්න පුලුවන්. මෙතනදී ඒ අදාළ තුවාලකාරයින්ට පිළියම් කරන්න ඔබ බැඳිලා ඉන්න වගේ සිහියේ තබාගන්න. ප්‍රථමාධාර දෙන්න අවශ්‍ය නම් ඒ වැඩ කටයුතු, රෝහල් ගෙනයාමට අවශ්‍ය නම් ඒ වගකීම් ඉෂ්ට කරන්න. වාහනයට පෙර මිනිස් ජීවිත ගැන සිතන්න. පිටතින් තුවාල හෝ වෙනත් ආබාධ කිසිවක් නොතිබුනත් වේදනාවක් හෝ ඇත්නම් ඉක්මනින්ම ඒ ගැන සැළැකිලිමත් වෙන්න.

 

3. ඔබේ ගින්නෙන් අනුන්ට රස්ණය නොදැනෙන්නට

When an Accident Happened

Source – guncollission.com

වාහනය ඇක්සිඩන්ට් වුනු ගමන්ම මුලින්ම රණ්ඩු කරලා, ඊටපස්සෙ ලැබෙන කෙටි විවේකයකදී පොලිසියට කෝල් කරලා, ආයෙත් පොලිසිය එනතෙක් රණ්ඩු කරන එක නෙමෙයි විදිය. ඒකෙන් ඔයා‍ලගෙ ඇක්සිඩන්ට් එක නිසා ලොකු ට්‍රැෆික් එකක් ඇතිවෙන්නට වගේම තවත් ඇක්සිඩන්ට් සිද්ධ වෙන්නට පුළුවන්.

ඒ නිසා ඒ විදිහට නැතුව මේ විදිහට කරන්න. වාහනවල රෝද පිහිටීම සහ වාහනයේ ඉදිරිපස පිටුපස පිහිටීම් ඒ අදාළ වෙනත් දේවල් පොලොවේ සළකුණු කරන්න. හැම අතකම ස්මාට්ෆෝන් තියෙන නිසා ඒ කැමරාවකින් වාහන දෙකම තියෙන විදිය හැම ඈන්ගල් එකකින්ම ඡායාරූප ගන්න. ඒ ඡායාරූපවල නම්බර් ප්ලේට්ස් හසු වෙන්නටත් පින්තූර ගන්න. වාහන දෙක දැන් පාරෙ අයිනකට කරලා පොලිසියට 119න් කෝල් කරන්න හෝ අසළ සිටින ට්‍රැෆික් පොලිස් මහත්මයෙකුට කතා කරන්න.

 

4. ඔයා කියන දෙයක් හරි අයියෙ

When an Accident Happened

Source – fthmb.tqn.com

මේ දේත් සිහි තබාගන්න. ඇක්සිඩන්ට් එකේ වැරැද්ද තනිකරම සිද්ධ වෙන්නෙ අනිත් පාර්ශවයනම්, එයා ලයිෆි කියවපු නැති හෝ යුක්ති ගරුක මනුස්සයෙකුත් නෙමෙයිනම්, එයා අනිවාර්යයනේම ඔයාව කටින් බය කරලා වැඩේ ෂේප් කරන්න උත්සාහයක් දරාවි.

එහෙමත් නැත්නම් ඒ වාහනේ එළවගෙන ඇවිත් තියෙන්නේ ලයිසන් නැති මනුස්සයෙක් එහෙම නං, වැඩේ වරදින නිසා ඩ්‍රයිවර්ලා මාරු කරන්න උත්සාහ කරන්න පුලුවන්. එක්කෝ පොලිසිය එන්න කලින් පැනලා යන්න උත්සාහයක් දෙන්න පුලුවන්. ඒ වගේම දන්න අඳුරන‍ ලොකු ලොක්කොන්ට කතා කරන්නත් ඉඩ තියෙනවා.

අපි ඉස්සෙල්ලා කියපු විදිහට වලි දාගන්න, ගේම ඉල්ලන්න යන්නෙ නැතුව කූල් එකේ වැඩ කරන්න කියන්නෙ මෝඩයෙක් වගේ අසාධාරණයන්ට ඔලුව නමාගෙන ඉන්න කියලා කියල නෙමෙයි. එනිසා අනික් පාර්ශවයෙන් එහෙම හොර වැඩක් කරන්න ගියත්, බලහත්කාරකමින් වැඩේ ක්ලෝස් කරන්න ගියත් වහාම ඒකට එරෙහි වෙන්නට සහ තමුන්ගේ අදහස් දක්වන්නට ඔබට අයිතිය සහ හැකියාව තියෙනවා. අදාළ නීති නිලධාරියෝ එතනට එනකල් තමන්ගේ ස්ථාවරයට බාධාවක් වෙන්න දෙන්න එපා.

 

5. වැ‍රැද්ද අපේ අතේ නම්

When an Accident Happened

Source – prosmiami.com

වාහන ඇක්සිඩන්ට් එකකදි තමන්ගේ අතේ වැ‍රැද්දක් තියෙනවා කියලා තමන් දන්නවා නම් ඒක පිළිගන්න. එහෙම තමුන් වැරැද්ද පිළිගත්තා කියලා අනික් පාර්ශවය ගහන බෙර පදයට නටනන්ට සූදානම් වෙන්න එපා. ඔවුන් ඉල්ලන ප්‍රමාණයක වන්දි මුදල් දෙන්න යන්න එපා. මේ විදිහෙ අවස්ථාවකදි වැ‍රැද්ද තියෙන පාර්ශවය බය කරන්න අනික් පැත්තෙන් කියන කතාවක් වෙන්නෙ “දැන් මට තුවාලත් වෙලා තියෙන නිසා පොලිසියෙන් ආවොත් කෙලින්ම ඔයාව ඇරස්ට් කරනව තමයි. ඒ නිසා මේක ගොඩින් බේරගමු” කියන එක. මේවගේ සිද්ධිවලට අහුවෙන්න යන්න එපා. වාහන අනතුරකදී මරණයක් වෙලා නම් මිසක් එහෙම ඇරස්ට් කරන්න බෑ. අනික නීති පද්ධතියක් රටේ තියෙද්දී මේ විදියට විසඳුම් හොයන්න ගිහින් පසුවට කරදරවලට පටලැවෙන්න පුලුවන්. අන්න ඒ නිසා පොලිසිය හරහා දේවල් විසඳගන්න. තමන්ගේ වැ‍රැද්දක් තියේ නම් ඒක පැහැදිලිව දක්වන්න. ඒ වගේම අත්තනෝමතික එහෙත් පහසු විසඳුම් පස්සෙ යන්නෙපා.

 

6. ඔබේ රක්ෂණ නියෝජිතයාට කතා කරන්න

කාටවත් තුවාලයක් මොකුත් සිද්ධ වෙලා නැහැයි කියලා සැක හැර දැනගත්තා නම්, හරි වැරදි බේරගත්තා නම්, වාහනයට සිද්ධ වෙච්ච අඩුපාඩුවලට අලාභය ක්ලේම් කරගන්නත් එපැයි. ඒකට තමයි රක්ෂණාවරණයක් දාන්න කියන්නේ. වාහනේක සම්පූර්ණ වටිනාකම ආවරණය වෙන විදියට රක්ෂණය කරලා තියෙනවා නම් මේ වගේ අවස්ථාවකදී ඒක ඔබට බොහොම පහසුවක් වෙයි. වාහන රක්ෂණාවරණයෙන් සල්ලි ගන්න දේ ක්‍රමාණුකූලව සිද්ධ වෙන ‍වැඩක්. ඒකෙ ආරම්භය වෙන්නෙ රක්ෂණ නියෝජිතයාට කතා කරන එක. එතනින් එහාට වැඩේ සිද්ධ වෙන විදිය ඒ අය කියයි.

ඔබට තියෙන්නේත් ජනශක්ති ෆුල් ඔප්ෂන් වගේ මෝටර් ඉන්ෂුවරන්ස් එකක් නම්, ඔවුන්ගේ “හයි ස්පීඩ් ක්ලේම්” කියන සිස්ටම් එකෙන් පියවර දෙකෙන් ඔබේ වැඩ තවත් පහසු වෙනවා. එය සිද්ධ වෙන්නේ මෙහෙමයි. පළමු පියවර තමයි තක්සේරුව. ඇක්සිඩන්ට් එක වුනහම ජනශක්ති නියෝජිතයා ඇවිත් සිද්ධ වෙලා තියෙන ඩැමේජ් එක නියමාකාරයෙන් තක්සේරු කරනවා. දැන් අපිට ඒ තක්සේරුවට එකඟ නම්, ඔන්න දෙවැනි පියවර – ATM මැෂින් එකෙන් කෙලින්ම අපි ඒ රක්ෂණ මුදල ලබා ගැනීම. ඒකට අපිට තක්සේරුවෙන් පස්සේ ලැබෙන PIN නම්බර් එකයි, ජාතික හැඳුනුම්පත් අංකයයි විතරයි උවමනා කරන්නෙ.

මේ විදියට ඇක්සිඩන්ට් එකක් සිද්ධ වුනාම අපිට ක්‍රියාකාරන්න පුළුවන් වුනත්, අපි ඇක්සිඩන්ට් එකක් ගැන පෙර සූදානමකුත් තියෙන් ඕන. ඒකට තියෙනව පියවර දෙකක්. ඒ තමයි පරිස්සම ගැන සිතමින් වාහනය පැදවීම සහ තමන්ට සරිලන ප්‍රතිලාභ ලැබෙන රක්ෂණ ක්‍රමයක් ඔබේ වාහනය වෙනුවෙන් තෝරාගන්න එක.

 
Cover Image Source – theurbantwistl.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *