හරිම සරලව කියන්නම් මෙහෙම. ඔයා උදේ ඔෆිස් එකට ගියාම දකින්න අකමැති දේවල් මොනවද? අපි කියන්න යන්නෙ ඒ ගැන. ඒ විදියෙ අකමැති දෙයක් උදේම දකිනවා කියන්නෙම දවසම අවුල් යනවා කියන එක. ඒ අවුල ලේසියෙන් හිතෙන් කැඩෙන්නෙ නෑ වගේම හිත එක අරමුණක තියාගන්න දෙන්නෙත් නෑ. අන්න ඒ නිසා ඒ අවුල් ගැන දැනගෙනම ඔෆිස් යන එක හොඳයි.
1. නෑ නෑ දැන් එයා මෙහේ නෑ

Source – gettyimage.com/ 123rf.com
ඔෆිස් එකට හැමදාම යන්න එක හොඳ හේතුවයි තිබුණෙ. ඒ තමයි ඔෆිස් එකේ කොනකට දාපු අලුත් මේසෙ වාඩි වෙලා ඉන්න සුදු නංගියා. ඒත් අද සුදු නංගියා නෑ. මගේ මූණ විතරක් නෙමෙයි. ඔෆිස් එකේ ගොඩක් මූණු මැලවිලා ගිහින්. සුදු නංගියාව ට්‍රාන්සර් කරලලු. ඔය ට්‍රාන්සර් එකට අස්සන කරපු හැම අතකම බිබිලි දාන්න ඕන. අපි දැන් දුකෙන් ඉන්නව වගේම වෙනිං ඔෆිස් එකක එවුන් සතුටෙන් ඉන්නවා ඇති. සංසාරේ.
2. මීටින් පිට මීටින්

Source – Forbes.com
ලොක්ක අපේ ටීම් එකට මීටින් එකක් අරං. මං දැන් පරක්කු පිට ඇවිල්ල ඇතුළට ගියොත් මට බැනගෙන බැනගෙන යයිද? මේ මිටින් එක ගන්නෙ මගේ වැරැද්දක් කියන්නද දන්නෙ නෑ. මට කැපිලි දාන එවුන් ටීම් එකේම හෙනට ඉඳිද්දි මං එළියට වෙලා ඉඳල හරියනවද? මුං මොනව කියනවද දන්නෑ. අන්තිමට මම පරක්කු වෙලා හරි ඇතුළට ඔලුව දැම්මෙ නෑ කියල මට බැනලා දායිද දන්නෙත් නෑ.
3. ජංජාලේ

Source – img.memecdn.com
ඔෆිස් එකේ එවුන් කවදාවත් නැතුව පත්තර බලනවා. ඇයි දන්නෙ නෑ. යකඩෝ ඉන්ටර්නෙට් නෑ නේද? ඉන්ටනෙට් නැති ඔෆිස් එකකින් වැඩක් තියෙනවද? ගොසිප් සයිට් ටික බලලා දවස පටන් නොගන්න ඇස්වලින් වැඩක් තියෙනවද? මේ විදියට ඉන්නවට වඩා හොඳයි ගෙදර නැවතුනා නං. කීය වෙද්දි ඉන්ටනෙට් හරිස්සයිද දන්නෙ නෑ.
4. අවුලෙන් අවුලට

Source – smithsonianmag.com
මොකද්ද යකෝ මගේ මේසෙට වුණේ? කෝ මගේ මේසෙ? මේක උඩ කොල වපුරලනෙ. ඊයෙ යද්දි අස් කරල ගිය මේසෙ. මුං නත්තල් සැරසිලි කරල කරල ඒක දැන් නිකං විකාරයක් වගේ වෙලා. කපපු නත්තල් සැරසිලි ඔක්කොම මේසෙ උඩ වපුරලා. දැන් ඉතිං ආයෙ කරපන්කො.
5. කලින් කියන්නට තිබුණා

Source – Techzette.com
ඊයෙ කට්ටිය කිවුවෙ හෙට රෑට අඩියක් ගහමු කියල. ඔෆිස් එකට හැම්පර් වලින් හම්බෙච්ච සුපිරි බෝතල් තුන මගේ මේසෙ යට තියල තිබ්බෙත්. ඒත් අද ඒ ටික කෝ? මුං ඒ ටික වෙනිං කොහෙන් හරි තියලද දන්නෑ. හත්දෙයියනේ මේ තියෙන්නෙ ඉවර වෙච්ච බෝතල් තුන නේද? ඒ කියන්නෙ මුං ඊයෙ රෑ බීලා. මං අද මෙච්චර උද්යෝගෙන් ඔෆිස් ආපු එකෙන්වත් වැඩක් නෑ ඉතිං.
6. කෝ සතුරෝ

Source – balance.com/pngall.com
කෝ යකෝ මගේ එහා පැත්තෙ හිටපු සූකිරි බෝලෙ. වෙනදට එතන තියෙන ලස්සන නිල් පාට හෑන්ඩ් බෑග් එක වෙනුවට මොකද්ද මේ තියෙන උලවු බැක්පැක් එක. දෙයියනේ මේකිව මාරු කරල නේද වෙනිං එකෙක් ගාවට? මගෙන් කරදරයි කියල කිවුවද දන්නෑ. දැන්නං ඉතිං ඉඳල වැඩකුත් නෑ.
7. බෝනස්

Source – youtube.com
මේ දේ නං උදේ විතරක් නෙමෙයි කොයිම මොහොතකවත් දකින්න හොඳ නැති දෙයක්. අද වෙනසකටත් එක්ක ඔෆිස් එකට ආවෙ පස්ස දොරෙන්. ලන්ච් රූම් එකෙන් එද්දියි දැක්කෙ, මේසෙ උඩ තියෙන ලොකු පෙට්ටිය. ඒක හිස්. මොනවද මේ කුඩු. දෙයියනේ වැලි තලප. කවුද යකෝ මට නොදී වැලි තලප කෑවෙ? මුං රෝල් වගේ දෙයක් කෑවනනං හිතේ දුකට කඩෙන් රෝල් කාගෙන කාගෙන යන්න තිබ්බ. ඒත් දැන් කොහෙන්ද වැලි තලප හොයන්නෙ?
Cover Image Source – adevee.com
Leave a Reply