ෆෝන් එකක් ගැනීමේදී බැටරිය පරීක්ෂා කරන හැටි

How to check battery before buying a phone

ස්මාට්ෆෝන් එකක් දියුණු කිරීමේදී තාක්ෂණිකව මුහුනදෙන ප්‍රදානතම ගැටළුවක් ලෙස බැටරි තාක්ෂණය දැක්විය හැකිය. කොච්චර ෆෝන් එක වැදගත් බඩුවක් වුනත් හදිස්සියට බැටරිය බැස්සාම නම් ෆෝන් එක තවදුරටත් ඉතිං ගඩොලකට වඩා වටින්නේ නැතිම තරම්. මේ නිසාම දැන් දැන් ෆෝන් සමාගම් අලුතින් එන ෆෝන් උදෑසන සිට රෑ නින්දට යන තෙක් පාවිච්චි කරන්න පුලුවන් ආකාරයට නිපදවා තිබෙනවා. ඉහල මට්ටමේ සුපිරි අත්දැකිම් තිබෙන ස්මාට්ෆෝන් මිලදිගන්නට හැකියාවක් තිබෙනවා නම් බැටරිය ගැන බොහෝවිට දෙවරක් හිතන්නට අවශ්‍ය නැහැ. මොකද  සුපිරිම ෆෝන් වල බැටරිය ආයුකාලය ගැන විශේෂයෙන්ම හිතලා තිබෙන නිසා. ඒත් සාමාන්‍යයෙන් පාවිච්චියට ෆෝන් එකක් ගනිද්දි අපි මොනවද මේ බැටරිය ගැන හිතන්නට ඕනි. ඒ ගැන ටිකක් සොයාබලමු.

 

1. බැටරියේ බලය

How to check battery before buying a phone

Source – adorama.com

මේ යුගයේදී නම් ස්මාට්ෆෝන් එකක මිලි ඇම්පියර් පැය 3000ක් කියන්නේ සාමාන්‍ය අගයක්. එම මිලි ඇම්පියර් තුන්දාහකට වඩා වැඩි බලයෙන් යුතු බැටරි සහිත ස්මාට්ෆෝන්ද වෙළඳපොලේ තිබෙනවා. ඒවා යොදාගත්විට ඉක්මණින් බැටරි බැසීමක් නොමැති නම් සාමාන්‍යයෙන් දවසින් චාජ් කරන්න වෙන ෆෝන් එක කිසි අවුලක් නැතුව දවස් එකහමාරක් දෙකක්හෝ නොඑසේනම් දවස් දෙක තුනක් වුවද පාවිච්චි කරන්නට හැකියි. ලිතියම් අයන බැටරි වල ජිවිතකාලය තිබෙන්නේ චාජ් කිරීම් 300-500 අතර. බැටරි බලය විශාල වෙනවා කියනනේ අපිට ෆෝන් එක දවස් දෙකතුනක් තියාගන්න හැකි එක චාජ් එකකින්. වක්‍රාකාරයෙන් ෆෝන් බැටරිය රීප්ලේස් කරන්න යන කාලෙත් වැඩියි බැටරිය විශාල ෆෝන් එකක් මිලදි ගතහොත්.

 

2. ෆෝන් එකේ හාඩ්වෙයාර්

How to check battery before buying a phone

Source – youtube.com

ෆෝන් බැටරියේ විශාල කොටසක් වැය වන උපාංගය ලෙස ඩිස්ප්ලේ එක දැක්විය හැකියි. රෙසලූසන් 1080p හෝ ඊටත් වඩා වැඩි ෆෝන් දැන් දැන් පහල මට්ටමේ ස්මාට්ෆෝන් කරාද ඇවිත්. එසේම ඩිස්ප්ලේ එකේ වර්ගය අනුවත් බැටරි බැසීම තීරණය වනවා. සැම්සුන් සමාගම නිපදවන ඉහල මට්ටමේ ෆෝන් වල තිබෙන ඇමලෙඩ් ඩිස්ප්ලේ එක බැටරි බලය අඩුවෙන් යොදාගන්නා ඩිස්ප්ලේ එකක්. මොබයිල් ෆෝන් එක ඇතුලේ තිබෙන චිප් සෙට් එකත් බැටරි ආයුකාලය කෙරෙහි සැරට බලපානවා. මෑතක් වනතුරුම ෆෝන් එකේ බැටරි ගිලින දෝෂයක් බොහෝමයක් ලාබදායී මීඩියාටෙක් චිප්සැට් වල තිබුණා.

ක්වාල්කොම් සමාගමේ ස්නැප්ඩ්‍රැගන් චිප්සෙට් බැටරි භාවිතය අතින් අඩු අගයක් ගන්නා ඒවා. හුවාවේ සමාගමේ ක්‍රින්, සැමිසුන් සමාගමේ එක්සිනස් වැනි මොබයිල් චිප්ද ඒ ඒ මාදිලි අනුව බැටරි බැසීමේ ආයුකාලය වෙනස් වෙනවා. ෆෝන් එකක් මිලදී ගන්න කලින් ඒකේ චිප් සෙට් එක, ඩිස්ප්ලේ එක පොඩ්ඩක් ඉන්ටනෙට් එකේ සොයා බලලා. ඒවායේ බැටරි භාවිතය පිළිබද ටිකක් හොයලා බලලා ගියොත් ෆෝන් එකේ බැටරිය ගැන වැඩි අවබෝධයකින් ෆෝන් එක මිලදී ගන්නට හැකියි.

 

3. ෆාස්ට් චාජින්

How to check battery before buying a phone

Source – samsung.com

ෆෝන් එකක් හදිසියේ බැස්ස වගේම චාජ් කරගන්න එකත් වැදගත් කාරණාවක්. අද වනවිට ෆාස්ට් චාජ්, ක්වික් චාජ්, පම්ප් එක්ස්ප්‍රස්, බූස්ට් චාජ්, ටර්බෝ චාජ් ආදි විවිධ නම් වලින් හැදින්වෙන ඉක්මණින් චාජ් වෙන චාජින් තාක්ෂණයන් ෆෝන් වලට එනවා. ඒ ඇතැමකදී විනාඩි 20ක් තුල ෆෝන් එකේ බැටරි බලයෙන් 50%ක් චාජ් කරගන්නටද හැකියාව තිබෙනවා. මෙම ෆාස්ට් චාජින් කියන්නේ ඕනෑම චාජර් එකකින් ගැහුවම ෆෝන් එක සුස් ගාල චාජ් වෙන හැකියාවක් නම් නෙමෙයි. ඒ අදාල වැඩි ඇම්පියර් අගය තිබෙන චාජර වලින් චාජ් කළොත් විතරයි මේ ඉක්මන් චාජ් පෝන් සුටුස් ගාල චාජ් වෙන්නේ.

 

4. ෆෝන් එකේ ඕ ඇස් එක

ඇපල් ෆෝන් භාවිතා කරන අයට ළගකදී  මුහුණ දෙන්නට වුණු එක අලකලංචියක් තමයි අප්ඩේට් එකෙන් පස්සේ ෆෝන් එකේ බැටරි වේගයෙන් බැසීම. ෆෝන් එකේ බැටරිය කෙරෙහි යොදාගෙන ඇති මොහෙයුම් පද්ධතියෛන් සැලකිය යුතු දායකත්වයක් ලැබෙනවා. වැඩිය හාඩ්වෙයාර් හෝ සොෆ්ට්වෙයා ගැන නොහිතා පෙනුම ගැන පමණක් හිතලා හදන ඇතැම් චීන ස්මාට්ෆෝන් වල හැඩවැඩ තිබුනත් බැටරිය වැඩිකල් තබාගන්නට බැහැ.  ෆෝන් එකේ තාක්ෂණික දත්ත එක්ක තිබෙන බැටරි ආයුකාල වලින් වැඩි අදහසක් ගන්නට අමාරුයි. ඊට වඩා භාවිතා කරන හෝ කරපු එය ඒ ෆෝන් එක ගැන කියපු දේවල්, අන්තර්ජාලයේ සුලබව ඇති යූ ටියුබ් විඩියෝ තාක්ෂණික පෝරම වල කියපු දේවල් අනුව ෆෝන් එක බැටරි ආයුකාලය වැඩි එකක්ද? ඒ කේ ඕ ඇස් එක බැටරි ආයුකාල ගැන හිතලා තිබෙනවාද කියාල සරල අවබෝධයක් ගත හැකියි.

පනින්ට පෙර සිතාබලනු කියන්නේ ඉස්සර කාලේ කියමනක්. ඕනෑම බඩුවක් ගන්නට ගිය විට වෙළඳ සේවකයින් ඒ පාරිභෝගිකයින්ගේ හිත ගිය බඩුවක් වෙත් වෙත්නම් එහි නුගුණ ගැන කියන්නට සැරසෙන්නේ නැහැ. ඔවුන් කියන්නේ හොදම පමණයි. එහෙත් අන්තර්ජාලය තුල ගූගල් සෙවුම් පිටු දෙක තුනක් පෙරළා බලන්නට හැකි නම් ෆෝන් එකේ තත්ත්වය ගැන ලොව වටා භාවිත කරන්නන් කියා ඇති කරුණු ගැන සැලකිය යුතු අවබෝධයක් ලබාගන්නට හැකියි. ස්මාට්ෆෝන් එකක් මිලදි ගැනීමේදීත් කරුණු දැන ගියොත් අමාරුවේ නොවැටී ෆෝන් එකේ බැටරි එක ගැන වාත නොවී ෆෝන් එක කාලයක් පාවිච්චි කරන්නට හැකියාව ලැබේවි.

 
Cover Image Source – fonpit.de
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *