ඉතින් ඔන්න මේ සතියෙත් අපි ආවා අලුතින් එලි දක්වෙන්න තියෙන ෆිල්ම් ටික අරගෙන. මේ සතියේ හින්දි සිනේමාවේ නිකුත් වන චිත්‍රපට තියෙන්නේ එකක් පමණයි. ඉංග්‍රීසි චිත්‍රපටනම් කිහිපයක්ම මේ සතියේ නිකුත් වෙනවා. ඉතින් අපි බලමු මේ චිත්‍රපටි ගැන.
– හින්දි –
1. Tiger Zinda Hai
ඔබ Ek Tha Tiger බලපු කෙනෙක්නම් මේ කතාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ එහි දෙවැනි දිග හැරුම. ටයිගර් කියන ඉන්දියානු රහස් නියෝජිතයෙක් සහ සොයා කියන පකිස්තානු නියෝජිත වරියකගේ වීර වික්‍රමාන්විතයක් ගැන තමයි කතාව දිග හැරෙන්නේ. අමතක නෑනේ ඔබට මුල් චිත්‍රපටය අධික ලාභයක් ලබන්න සමත් වුණා. ඒ නිසා මේ චිත්‍රපටයත් Blockbuster එකක් වේවි කියලා තමයි විචාරකයින් කියන්නේ. සංගීතය ප්‍රකට ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරුන් වන විශාල් සහ ශේකර්ගෙන්. යාෂ් රාජ් චිත්‍රපට ආයතනය තමයි මෙහි නිෂ්පාදන කටයුතු සිද්ධ කරන්නේ. සල්මන් ඛාන් සහ සුරූපී කත්‍රිනා කයිෆ් ගේ රංගනයෙන් මේ චිත්‍රපටය හැඩ වේවි.
තිරගත වන කාලය : පැය 2 යි මිනිත්තු 45 යි
අධ්‍යක්ෂණය : අබ්බාස් අලි සෆාර්
නිකුත් වන දිනය : දෙසැම්බර් 22
– ඉංග්‍රීසි –
2. Jumanji: Welcome to the Jungle
නව යොවුන් ළමයි කිහිපදෙනෙක්ට ඉතා පැරණි Gaming Console එකක් හොයාගන්න ලැබෙනවා. ඔවුන් නොදැනුවත්වම ඔවුන් පිවිසෙන්නේ ඉතා අතීත කාලයකට. තරගයෙන් ජයග්‍රහණය කලොත් හැරෙන්නට සැබෑ ලෝකයට පිවිසෙන්නට ඔවුන්ට හැකියාවක් නැහැ. මේ අභියෝගය මේ ළමයින් සතර දෙනා ජයගනීවිද..? එය දැනගන්නට නම් ඔබට මේ චිත්‍රපටය නරඹන්නටම වෙනවා. ඩ්වේන් ජොන්සන්, කැරෙන් ගිලන් වැනි ජනප්‍රිය නළු නිලියන් රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය කොලොම්බියා ආයතනයේ නිෂ්පාදනයක්.
තිරගත වන කාලය : පැය 1 යි මිනිත්තු 59 යි
අධ්‍යක්ෂණය : ජේක් කස්ඩන්
නිකුත් වන දිනය : දෙසැම්බර් 20
3. The Greatest Showman
මේක සංගීතමය චිත්‍රපටයක්. සර්කස් කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතෙන්නේ. එහිදී එම කණ්ඩායමට මුහුණ දෙන්න වෙන අභියෝග ඇසුරෙන් චිත්‍රපටය නිර්මාණය වෙනවා. මෙහි ගීත කිහිපයක්ම අන්තර්ගතයි. සුවිශේෂී කාරණයක් වෙන්නේ මෙහි සියලු ගීත ලියන්නේ La La Land චිත්‍රපටය වෙනුවෙන් හොඳම ගීත රචකයාට හිමි සම්මානය දිනාගත් ජෙනී බ්ලික්ස් සහ බිල් කොන්ඩන් විසින් වීම. හියු ජැක්මන්, සැක් එෆ්රෝන් වැනි විශිෂ්ට රංග ධරයන් මෙහි රඟපෑම සඳහා එක්වී තිබෙනවා. නිෂ්පාදනය 20th Century Fox සමාගම විසිනුයි සිදු කරන්නේ.
තිරගත වන කාලය : පැය 2 යි මිනිත්තු 19 යි
අධ්‍යක්ෂණය : මයිකල් ග්‍රේසි
නිකුත් වන දිනය : දෙසැම්බර් 20
4. Hangman
දාම ඝාතකයෙක් පසු පස හඹා යන පොලිස් නිලධාරියෙකු වටා මෙම කතාව දිග හැරී තිබෙනවා. Hngman නැමැති කුඩා ළමුන් විසින් සිදු කරන ක්‍රීඩාවක් ආකාරයට සිදුකරන මිනීමැරුම් දාමයකට සම්බන්ධ මිනීමරුවා සොයාගැනීම සඳහා ඔහු දරන වෑයම සිනෙමා පටය පුරාවට අපුරුවට නිර්මාණය කර තිබෙනවා. අල් පසිනෝ, කාල් උර්බාන් ආදී නළුවන් සමග බ්‍රිටනි ස්නෝ, සාරා ශහි වැනි නිලියන් මෙහි රංගන දායකත්වය ලබා දෙනවා. මෙය සැබන් කැපිටල් ගෘප් ආයතනයේ බෙදාහැරීමක්.
තිරගත වන කාලය : පැය 1 යි මිනිත්තු 38 යි
අධ්‍යක්ෂණය : ජොනී මාටින්
නිකුත් වන දිනය : දෙසැම්බර් 22
5. Father Figures
මෙය හාස්‍යමය ගණයේ චිත්‍රපටයක්. මවක් සිය දරුවන්ගෙන් සැබෑ පියා කවුරුන්ද යන්න ඔවුන් වැඩිහිටි වියට පත් වන තෙක්ම සඟවා තබනවා. දිනක් මේ දරුවන්ට පියාගේ සහ මවගේ ඡායාරුපයක් හමුවීමත් සමග මේ බොරුව සඟවාගෙන ඉන්න මවට නොහැකි වෙනවා. මේ දරුවන් (සොහොයුරන් දෙදෙනෙක්) සිය පියා සොයා යන කතාවයි Father Figures චිත්‍රපටයෙන් කියවෙන්නේ. ඕවන් විල්සන්, එඩ් හෙල්ම්ස් රංගන දායකත්වය ලබාදෙන මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සුප්‍රකට වෝර්නර් බ්‍රදර්ස් සමගම විසින්.
තිරගත වන කාලය : පැය 2 යි මිනිත්තු 05 යි
අධ්‍යක්ෂණය : ලෝරන්ස් ශේර්
නිකුත් වන දිනය : දෙසැම්බර් 22
6. Happy End
ගැටළු ගොඩක් හමුවේ සිය නිවස අසල වන සරණාගත කඳවුරක අවශ්‍යතා ගැනද අවධානය යොමු කරන මධ්‍යම පාන්තික පවුලක් වටා මෙම සිනෙමා කෘතිය දිගහැරෙනවා. මෙය නිර්මාණය වන්නේ ප්‍රංශයේ කලයිස් නම් ප්‍රාන්තයේ සිදුවන සත්‍ය කතාවක් ඇසුරින්. ඉසබෙල් හපර්ට්, ජේන් ලුවිස් ට්‍රින්ටිග්නන්ට් වැනි විශිෂ්ට රංග ධරයන් රංගනයෙන් දායක වන මෙම සිනෙමා පටය විචාරකයන්ගේ නොමද පැසසුමට ලක්වූ චිත්‍රපටයක්. දැනටමත් මෙය පාම් ඩි ඕර් සහ කෑන්ස් යන සම්මාන උළෙලවල් වල සම්මාන රැසකට නිර්දේශ වී තිබීමත් සුවිශේෂයි.
තිරගත වන කාලය : පැය 1 යි මිනිත්තු 50 යි
අධ්‍යක්ෂණය : මයිකල් හෙනෙක්
නිකුත් වන දිනය : දෙසැම්බර් 22
මේ චිත්‍රපට තමයි මේ සතියේ නිකුත් වීමට තිබෙන චිත්‍රපට. දැනුමට යමක් එකතු උනානම් මේ අලුත් චිත්‍රපට ගැන ඔයාලගේ යාලුවනුත් දැනුවත් කරන්න මෙම ලිපිය Share කරන්න.
Cover Image Source – rotton tomatoes/ imdb.org/ timesofindia.com
Leave a Reply