වැඩක් කරගෙන යද්දී ඒකට වළ කපන ඊර්ෂ්‍යා කාරයෝ ටොන් ගාණෙන් අපිට හම්බෙනවා. ඔෆිස් එකේදි, යාළුවන්ගෙන්, අසල්වාසීන්ගෙන් මෙන්ම සමහරවිට ගෙදර තුළිනුත් අපිට ඊර්ෂ්‍යා කරන අය මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් අපි බලමු එයාලාගෙන් බේරිලා අපේ වැඩටික කරගන්නේ කොහොමද කියලා.
1. ගෙදර අයව ආදරයෙන් ගොඩදාන්න

Source – thoughtco.com
ඔබව ලෝකෙට පොරක් වුණාට ගමේ අයටයි, ගෙදරටයි තාම ඔබ හිච්චි දුව හෝ පුතා වන්නට පුළුවන්. එවිට ඔවුන්ගෙන් ඔබේ ඉදිරි වැඩවලට ලැබෙන උදව්ව ටිකක් මදි වෙන්න පුළුවන්. මොකද, එයාලා හිතන්නේ ඔයා කියන්නේ මෙලෝ වැඩක් බැරි එකෙක් හෝ එකියක් කියලානේ. සහෝදර සහෝදරියන් වුණත් අපිට වළ කපන වෙලාවල් තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ නිතර යහළු යෙහෙළියන් හමුවන, ලස්සන කෙල්ලො කොල්ලෝ ටිකක් ඉන්න ඔෆිස් එකක වැඩ කරනවා නම් බිරිඳ හෝ සැමියා එකිනෙකාව සැක කරන්නට සහ ඊර්ෂ්‍යා කරන්නට පුළුවන්. දෙන්නාගේ සැලරි එක වෙනස් කියලා ඒකටත් ජෙලවුණු නෝනලා, මහත්තුරුත් නැතුව නොවෙයි.
ඉතින් මෙහෙම අයට සැරවැර වෙලා නම් කවදාවත් ප්‍රශ්න විසඳන්න බැහැ. එයාලාට ඔබ වෙනදා වගේම ආදරය කරන්න. ඒ අයගේ ජීවිතවල නව පැතිකඩ දකිමින් එයාලාගේ ජීවිතය සාර්ථක කරගන්න උදව් කරන්න. දවසක් ඒවි එයාලා ඔයාව හඳුනාගන්නා දවසක්. එහෙම නැති වුණත් ඉතින් පවුලේ අයනේ. මොන දේ වුණත් අන්තිමට මිනියට කර තියන්න ඉන්නේ උන් ටික විතරයි. ඒ නිසා එයාලා එක්ක තරහ වෙලා අනාගතය අවුල් කරගන්න සහ ඔබේ වැඩවලට බාධාවක් කරගන්න එපා.
2. ෆේස්බුක් කමෙන්ට් අමතක කරන්න

Source – holykaw.altop.com
ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි ෆොටෝ එකක් දාලා, ඒකට වැඩිය ලයික් ආවේ නැති වුණාම: මම ලස්සන නැහැ, අහවලා ලයික් කරලා නැත්තේ ඇයි? ආදී වශයෙන් සහ යාළුවෝ දාන අන්ධභූත කමෙන්ට් ගැන හිතලා හිතලා තමන්ටම වළ කපා ගන්නවා. ඊට පස්සේ ලයික් කරපු නැති අය ගැන අවුල් අරගෙන වැඩකට නැති තරහා ඇති කර ගන්නවා. සමහරවිට එයාලා දකින්නත් නැතුව ඇති. මොකද, මේ වෙද්දි අපි දාන හැම එකම හැම කෙනෙක්ටම ෆේස්බුක් එකේ පෙනෙන්නේ නැහැ නවතම ඇල්ගොරිතම වල වැඩකිඩ නිසා. කොහොම නමුත්, තමන්ගේ ඉලක්කයට යද්දී වටපිටාවේ ප්‍රතිචාර වලින් නම් තමන්ගේ ගමන් මට්ටම ගැන ඇගයීමක් ගන්නට එපා. ගමන යද්දී ඍණ ප්‍රතිචාර දෙන අයව, “අපෝ ඕවා කොහෙ කොරන්නද?” ආදී වශයෙන් කියන ඒවා අමතක කරලා දාන්න. ඔබ ඔබේ ගමන දිගටම යන්න.
3. ඔබේ ඉලක්කය හැම විටම යළි සිහිපත් කරන්න

Source – thebalance.com
ඔබේ හිතේ පුංචි කාලේ ඉඳලාම හීනයක් තියෙන්න ඇති. එහෙමත් නැත්නම් පසුකාලීනව සිදුවුණ බාධක එක්ක නැගිටලා නව ඉලක්කයක් ලබාගන්න ඇති. ඒක ප්‍රමෝශන් එකක්, වාහනයක්, නිවසක් වගේ දෙයක් වුණත් මේ අතර තියෙන්නට පුළුවන්. නමුත් මේ ඊර්ෂ්‍යා කරන අය ඔබට විටින් විට කරන දේවල් (මොනවාද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ) නිසා ඔබේ සිත නිතර රිදෙන්නට පුළුවන්. හැබැයි ඒවායෙන් මානසිකව වැටිලා තුවාල කරගෙන එයාලාට අවශ්‍ය දේ කරලා දෙනවා වෙනුවට ඔබේ ඉලක්කය හැමදාම නිදාගන්න කලින් සහ උදේ නැගිට්ට ගමන් කල්පනා කරලා ඒ වෙනුවෙන් උද්යෝගය ඇති කරගත්තොත් දවස තිස්සේ එයාලා කරන දේවල් වලින් බේරෙන්න හැකියාව ලැබෙනවා.
4. කපන්න බැරි අතක් වෙන්න

Source – theatlantic.com
වැඩ හොඳට කරගෙන ඉහළට යද්දී එක මට්ටමක් එනවා මෙයාලා ඊර්ෂ්‍යා කරන එක නවත්තලා “බලන්න අරයා හරි උනන්දුවෙන් වැඩ කරනවා.” “මිනිහා නියම පොරක්. ඔව්, මගේ යාළුවෙක් ඉස්සර ඉඳලාම” “නැත්තං! අපේ ගමේ බුවෙක් නේ” කියලා ඔබේ සපෝට් එකට අනිත් අයත් එක්ක ලොකුව කියන්නටත් පටන් ගන්නවා. මෙන්න මෙතනට ඔබට එන්න පුළුවන් වුණොත් හිතාගන්න ඔන්න වැඩේ හරි කියලා. හැම කෙනෙක්ගේම හිත දිනාගත්තාට පස්සේ මේ ඊර්ෂ්‍යා කරන අයට අපිව කපන්න ක්‍රමයක් නැති වෙනවා. මොකද, ඊර්ෂ්‍යා නොකරන සෙට් එක දන්නවා අපි කියන්නේ කවුද කියලා. ඉතින් අරගොල්ලොත් කරගන්න දෙයක් නැති කමට එයාලාට එකතු වෙලා ගුණ ගායනා කරද්දි ටික කාලයක් ගියාම එයාලත් අපේ පැත්තටම හේත්තු වෙනවා. අන්න එදාට, එයාලාව හලන්න එපා. හැටි දැනගෙන පුළුවන් උදව්වක් කරන්න.
5. නිහතමානී කෙනෙක් වෙන්න

Source – goodnet.org
ඉලක්කයකට යනවා කියලා අනිත් අයව කපාගෙන, හොර වැඩ කරගෙන යන ගමනට වැඩි ආයුෂ නැහැ. ඒ නිසා හැමවිටම සිත් දිනාගැනීම යන කාරණය අමතක කරන්න එපා. ඔබට හැකි හැමවිටම අනිත් අයට උපකාර කරන්න. ඊර්ෂ්‍යා කරන අයටත් අමුතුවට සලකන්න එපා. එයාලා වළ කපන බව දැනගෙන ඒවායෙන් බේරිලා ෂේප් එකේ ඉන්න. හැබැයි එයාලා ගැන තැන තැන වැරදි කියන්නයි, එයාලාට ගේම් අදින්නයි ගියොත් ඔයාගෙයි එයාලගෙයි වෙනසක් නැති වෙනවා. ඒ නිසා උන් ඕන මගුලක් කරපු දෙන් කියලා හොඳ කෙනෙක් විධියට හැකි පමණින් ආධාර කිරීම්, ශ්‍රමදාන, ප්‍රසිද්ධ අවස්ථා ආදී හැම එකකටම සහභාගී වෙලා නිහතමානී කෙනෙක් බවට පත් වෙන්න. ඒ අවස්ථාවන්හිදී ඔබේ ගතිගුණ දැකලා ඉදිරි මඟ සලසා ගන්න අත දෙන අයත් සමහරවිට මුණ ගැහෙන්න පුළුවන්. අනෙක, හැම කෙනෙක්ගේම ආශීර්වාදය ලැබෙද්දී එක්කෙනෙක් දෙන්නෙක්ට මොන දේ කළත් අපිව වට්ටන්න නම් හිතන්න වත් බැරි වෙනවා. හිතන්න නෙවෙයි, ඇත්තටම ඒක කරන්න බැරි වැඩක්.
Cover Image Source – pintarest.com
Leave a Reply