ඔන්න දෙසැම්බර් මාසේ දෙවැනි සතියේ රිදී තිරයට එකතු වෙන හින්දි සහ ඉංග්‍රීසි චිත්‍රපට පිළිබඳ තොරතුරුත් අරගෙන. කලින් සතියේ වගේම හින්දි නිර්මාණ වැඩිපුර දක්නට නොලැබුණත් ඉංග්‍රීසි නිර්මාණ නම් බොහොමයක් මේ සතියේ එලි දක්වන්න නියමිතයි. ඉතින් අපි බලමු මේ චිත්‍රපට මොනවද කියලා.
– හින්දි –
1. Monsoon Shootout
මේක නම් කරලා තියෙන්නේ Crime / Thriller Movie එකක් හැටියට. මේ චිත්‍රපටය දිවයන්නේ පොලිස් නිලධාරියෙකුගේ ජිවිතයේ සිදුවන යම් සිද්ධි දාමයක් වටා. ඔහු අපරාධ කරුවෙකු පසුපස හඹා යාම සහ ඒ අපරාධ කරු ඔහු අතින් මියයාම ගැන ඔහුගේ හිතේ එහෙට මෙහෙට විසිරෙන චංචල සිතුවිලි ගැන චිත්‍රපටයේ ගැඹුරින් සාකච්ඡාවට ගන්නවා. නවා සුද්ධින් සිද්දික් කියන ප්‍රකට චරිතාංග නළුවා මෙහි විශිෂ්ට රංගනයක නියැලෙන බව කිව යුතුමයි. සංගීතය ගින්ගර් ශංකර් සහ අතිෆ් අෆ්සාල් කියන සංගීත වේදීන් දෙදෙනාගෙන්.
අධ්‍යක්ෂණය : අමිත් කුමාර්
තිරගත වන කාලය : පැය 1 යි මිනිත්තු 55 යි
චිත්‍රපටය නිකුත් වන දිනය : දෙසැම්බර් 15
2. Kuldip Patwal: I Didn’t Do It!
මේක කතාංගමය චිත්‍රපටයක්. දේශපාලකයෙකුගේ ඝාතනයකට සැකපිට කුල්දිප් පට්වාල් නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනෙනවා. එහෙත් කුල්දිප් කියන්නේ මෙය ඔහු විසින් නොකළ බව. විවිධ නීති තර්ක සහ කුල්දිප්ට විඳින්නට සිදුවන තවත් සමාජයීය ගැටළු ඇසුරෙන් කතාව ඉදිරියට දිගහැරෙනවා. සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන මෙම සිනෙමා පටය නිමැවී ඇති බවයි පැවසෙන්නේ. දීපක් බොබ්රියල් නම් දක්ෂ චරිතාංගමය නළුවා මෙහි රංගනයේ යෙදෙනවා.
අධ්‍යක්ෂණය : රේමී කෝලි
තිරගත වන කාලය : පැය 2 යි මිනිත්තු 8 යි
චිත්‍රපටය නිකුත් වන දිනය : දෙසැම්බර් 15
– ඉංග්‍රීසි –
3. Star Wars: The Last Jedi
ලෝකයේ වැඩිම කාලයක් තිස්සේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් දිග හැරුණු චිත්‍රපට මාලාවක් වන Star Wars හි නවතම චිත්‍රපටයයි මෙලෙස දිගහැරෙන්නේ. ඔබට මේ කතා මාලාව මතකනම් රේ අමතක නැතුව ඇති. රේ විසින් ඇයට අලුතින් හිමිවී තිබෙන හැකියාවන් මෙම චිත්‍රපටයේදී වර්ධනය කරගන්නවා. ඒ ලූක් ගේ උදව් ඇතුව. සුපුරුදු පරිදි අභ්‍යවකාශ යුද්ධයකුත් මේ චිත්‍රපටය තුල දකින්න ඔබට අවස්ථාව ලැබේවි. කොහොම වුණත්, මේ සිනෙමා පටය ආදායම් වාර්තා පොත් අලුත් කරනු ඇතැයි විචාරකයන් දැන් සිටම අනාවැකි පළ කරනවා. සංගීතය සුප්‍රසිද්ධ ජෝන් විලියම්සන්ගෙන්. ඩේසි රිඩ්ලි, ජෝන් බොයෙගා ඇතුළු නළු නිලියන් රැසක් මෙයට රංගන දායකත්වය ලබා දෙනවා.
අධ්‍යක්ෂණය : රයන් ජොන්සන්
තිරගත වන කාලය : පැය 2 යි මිනිත්තු 32 යි
චිත්‍රපටය නිකුත් වන දිනය : දෙසැම්බර් 15
4. Ferdinand
ගමක ගොවිපලක හැදෙන ගවයෙක් ගැනයි මේ චිත්‍රපටයේ කියවෙන්නේ. මේ ගවයව අල්ලාගෙන යනවා ප්‍රසිද්ධ ගොන් පොර සඳහා ගවයන් සපයන ආයතනයක හිමිකරුවෙක්. මේ ගවයා එතනින් නිදහස් වී පැමිණීමේ කතාවයි Ferdinand කියන්නේ. මේක Animated Movie එකක්. ඒ වගේම ගොන් පොර ආදී තරග උදෙසා ගවයින් යොදා ගැනීමට එරෙහිව නිමැවුණු චිත්‍රපටයක් කිවුවත් වරදක් නෑ. අමතක නොකළ යුතු කරුණක් වෙන්නේ මේ සිනෙමා පටය ඉදිරිපත් කරන්නේ 20th Century Fox සමාගම සහ Ice Age නිර්මාණය කරන Blue Sky යන සමාගම් විසින්.
අධ්‍යක්ෂණය : කාලෝස් සල්දන්හා
තිරගත වන කාලය : පැය 1 යි මිනිත්තු 47 යි
චිත්‍රපටය නිකුත් වන දිනය : දෙසැම්බර් 15
5. Birdboy: The Forgotten Children
මේක ස්වාධීන චිත්‍රපට ශානරයට එහෙම නැතිනම් “Indie Movie” අයත් 2D Animated චිත්‍රපටයක්. කතාව ගැනනම් වැඩිය කියන්න දෙයක් නැහැ. නමුත් සතුන් පිරිසක් මුහුණ දෙන යම් යම් සිද්ධි සමුදායක් වටා තමයි කතාව දිග හැරෙන්නේ. 2011 ආපු චිත්‍රපටයක දෙවැනි කොටස විදිහට තමයි මෙය එලි දකින්නේ.
අධ්‍යක්ෂණය : ඇල්බටෝ වස්ක්වෙස් සහ පෙඩ්රෝ රිවේරෝ
තිරගත වන කාලය : පැය 1යි මිනිත්තු 20 යි
චිත්‍රපටය නිකුත් වන දිනය : දෙසැම්බර් 15
6. Permanent
මේකනම් හාස්‍යමය චිත්‍රපටයක්. අවුරුදු 13 ක පුංචි ගෑණු ළමයෙකුගේ වටා ගෙතුණ කතාවක් වුණු මෙය ඇය එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න කිහිපයකට විසඳුම් සොයන ආකාරය ඇතුලත් කරලා තියෙනවා. පැට්‍රිෂියා අක්වෙට්, රයන් විල්සන් සහ කයිරා මැක්ලින් රංගනයෙන් දායක වන මේ සිනෙමා කෘතියේ සංගීතය ක්‍රෙග් වෙඩ්රෙන් ගෙන්.
අධ්‍යක්ෂණය : කොලේට් බර්සන්
තිරගත වන කාලය : පැය 1 යි මිනිත්තු 33 යි
චිත්‍රපටය නිකුත් වන දිනය : දෙසැම්බර් 15
ඉතින් මේ චිත්‍රපට තමයි මේ සතියේ එළිදක්වන්න නියමිත වෙලා තියෙන්නේ. ඔබේ මිතුරන්ටත් මේ පිළිබඳ දැනගන්න මේ ලිපිය Share කරන්න. ඊළඟ සතියේ චිත්‍රපට වලින් නැවත හමුවෙමු.
Cover Image Source – ign.com/ imdb.com/ rottentomatoes.com
Leave a Reply