ස්මාට්ෆෝන් එකක අමතර ප්‍රයෝජන

Smartphone Uses you never knew

ස්මාට්ෆෝන් එකක ප්‍රයෝජන මොනවද කියල ඇහුවොත්, දැන් ගමනක් යද්දි කැමරා අරගෙන යන්න ඕන නෑ, හදිස්සි වැඩකට කම්පියුටර් ඕන නෑ, ගේම් ගහන්නයි, සින්දු අහන්නයි, වීඩියෝ බලන්නයි, ඔක්කොටම එකයි. හදිස්සියෙ ඉගෙන ගන්න වැඩකටත් එච්චරයි. පොත් කියවන්නත් ෂෝක්. හැබැයි ඔන්න ඔය විදියට දෙන උත්තර අතරෙ අපි නොහිතන දේවල් ටිකකටත් කට්ටිය ස්මාට්ෆෝන් පාවිච්චි කරනවා. මේ කියන්න යන්නෙ ඒ ටික ගැනයි.

 

1. ප්‍රශ්න විසඳන්න

Smartphone Uses you never knew

Source – media.giphy.com

මේකනං ස්මාට්ෆෝන් විතරක්ම නෙමෙයි. කොයි එකෙනුත් කරන්න පුළුවන්. වාත ඩයල් ඉස්සරහට එද්දි කනේ තියාගෙන බොරුවට ෂේප් වෙන්න පුළුවන්. වාත ඩයල් එකක් කතාවට සෙට් වුණොත් හොරාට සින්දුවක් ප්ලේ කරලා ඒක පෝස් කරගෙන කනේ තියං යන්න පුළුවන්. එහෙම බලද්දි ප්‍රශ්න මගාරින්න කියාපු භාණ්ඩයක් තමයි ස්මාට්ෆෝන් කියන්නෙ.

 

2. අවට කතා

Smartphone Uses you never knew

Source – rd.com

මේක හරියන්නෙ ඉතිං ඔෆිස්වලට. දැන් තමුන් වැඩ හෝ තමුන්ට මොකුත් ඇහෙන්නෙ නෑ කියල හිතාගෙන වටේ පිටේ කියන කතා මොනවද කියල අහගෙන ඉන්න මේක හොඳ ක්‍රමයක්. ස්මාට්ෆෝන් ‍එකට ඉයර්ෆොන් දෙක ගැහුවම හැමෝම හිතන්නෙ ඔයා සින්දු අහනවා කියලයි. ඉතිං ඒ අය, ඒ අයගෙ කතාව කරගෙන යනවා. තමුන්ටත් බනිනවද කියල ලයිවු අහගෙන ඉන්න තවත් විදියක් මොකටද?

 

3. සාක්කි!

Smartphone Uses you never knew

Source – gadgethacks.com

දැන් ඔය ඕපදූප කියෝන ඩයල් ඉන්නවනෙ. මේ අය ඔයා එක්ක ඇවිල්ල ඕපදූප කිවුව වගේම, ඒ කියෝපු ටික ඔයා කිවුවයි කියල වෙනිං කෙනෙක් එක්ක කියන්නත් මාර දක්ෂයි. අන්න ඒ නිසා එහෙම මිනිස්සු එක්ක කතා කරද්දි රෙඩි පිට ඉන්න එක හොඳයි. ඒ වෙලාවට ෂේප් එකේ ඒ කියන කතා ටික රෙකෝඩ් කරන්න පුළුවන්නං ගොඩම තමයි. ස්මාට්ෆෝන් එකෙන් රෙකෝඩ් කරද්දි සද්ද එන්නෙ නැති නිසා කිසි ගින්නක් නැතුව වැඩේ කරන්නත් පුළුවන්. තමුන්ට හානියක් වෙන්නෙත් නෑ.

 

4. හදිස්සි නෝට්

Smartphone Uses you never knew

Source – androidcentral.com

ලෙක්චරර් බෝඩ් එකේ ඇඳපු ටික මකන්න හදද්දි ටක් ගාලා නෝට් එක දාගන්න හොඳම විදිය මොකද්ද? ලෙක්චර් එකට ගිය ගමන් කලින් දවසෙ ලියාගන්න බැරිවෙච්ච නෝට් ටික අනිත් යාළුවගෙ පොත නොගෙන තමුන්ට අරගන්න ලේසිම විදිය මොකද්ද? මේ ප්‍රශ්න දෙකටම උත්තරේ ස්මාට්ෆෝන් කැමරාවෙ සැඟවිලා තියෙනවා.

 

5. යාළුවෙකුට සප් එකක්

Smartphone Uses you never knew

Source – imore.com

මේ වැඩේ නං හැමෝම කරන්නෙ නෑ. කොල්ලො ටික කොහේහරි සෙට් වෙද්දි කොල්ලොන්ට අනිවා එන කෝල් විශේෂයක් තියෙනවා. එක්කො අම්මගෙන්. එක්කො කෙල්ලගෙන්. අන්න ඒ විදියට කෝල් එක එන්නෙ තව බීපං කියල කියන්න නෙමෙයි. ඔය ඇති දැන් වරෙන් කියල කියන්නයි. අන්න ඒ වෙලාවට උදවුවක් කරන්න ස්මාට්ෆෝන් තියෙන යාළුවන්ට පුළුවන්. ඒ තමයි තමුන්ගෙ ෆෝන්වලින් වැස්ස වහින ගොරවන ටෝන් එකක් දාලා අර යාළුවගේ කෝල් එක ගාවට අල්ලන එක. දැන් ඉතිං තමුන්ගෙ ‍කොල්ලා ඉන්නෙ හෙල්ලෙන්නවත් බැරි පරිසරේක කියල ගර්ල්ෆ්‍රෙන්ඩ් විශ්වාස කරනවාමයි.

 

6. නෝ කතා!

Smartphone Uses you never knew

Source – pintarest.com

දන්නවනෙ ඉතිං වයිෆ්ලා කිවුවම. කියෝන එකම තමයි වැඩේ. ගමනක් ගියත් කචකචේ ඉවරයක් නෑ. අන්න ඒ කියවිල්ල නවත්තන්න පුළුවන් ගැජට් එකක් තමයි ෆ්‍රන්ට් කැමරා එක කියන්නෙ. වයිෆ් කතාව පටන් අරගෙන ටිකක් වෙලා ගිය ගමන් ගන්න සෙල්ෆියක්. එයා ඔක්කොම කතා අමතක කරලා අතේ වෙලිලා ඔයා ගාව හිනා වෙලා පූසි පැටියා වගේ ඉඳීවි.

 
Cover Image Source – videoblocks.com/ imore.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *