දැන් කාලෙ මාධ්‍ය ආයතන කරන ලාබදායී CSR වැඩසටහන්

Low budget Media CSR

හරි! මේ කතාව ටිකක් රිදෙන්න ඉඩ තියෙන කතාවක්. රිදුනත් නැතත් මේ කතාව කිව යුතු කතාවක්. මොකද අපි හැමෝම මේ මොහොත වෙද්දි ඇන්දෙමින් සිටින තත්ත්වයේ එක් පැතිකඩක් ගැන අපි කතා කළ යුතුමයි. අපි කිවුවනෙ පේජ් කරන ඇඩ්මින් අයියල කරන පොඩි පොඩි බොරු වැඩ ගැන. මේ කියන්නෙ මීඩියා ආයතන වලින් කරන ඒ විදියෙ වැඩක් ගැන. මේක සිද්ධ වෙන්නෙ CSR වැඩ මුවාවෙන්. Corporate social responsibility කියන දේ මුවාවෙන් සිද්ධ වෙන මේ වැඩ ගැන ඔබ දැන සිටිය යුතුමයි. මොකද ඔබත් එයට හවුල්.

 

1. ඇයි අපි හවුල්?

Low budget Media CSR

Source – thebalance.com

මේකෙදි ටාගට් කරන්නෙ ප්‍රධාන පාර්ශව දෙකක්. ඒ තමයි සහන අවශ්‍ය පිරිස සහ සහන ලබාදෙන පිරිස. මුලින්ම සහන අවශ්‍ය පිරිසගේ ඉන්ටවිවු එකක් යනව. අපිට මේ දේ ඕන. අපිට මේ දේ නැතුව ජීවත් වෙන්න අමාරුයි. මේ උත්සව කාලෙට මේ ‍පොඩි දරුවා සෙල්ලං කාර් එකක් ලැබෙනවනං ආසයි වගේ දෙයක් ඒ ඉන්ටවිවු එක ඇතුළෙ තියෙනව. ඊලඟට සහන ලබාදෙන පිරිස විදියටත් ඉන්විවු ගන්නව. ඇයි අපිට ඒ අයට සහන දෙන්න හිතුනෙ. අපි කොච්චර අපේ රටේ මිනිස්සු ගැන හිතන ජාතියක්ද කියන දේ ඒ අයගෙ ඉන්ටවිවු එකෙන් ගන්නව. ඉතිං ඒ ප්‍රධාන පාර්ශව දෙකම අපි නිසා අපි මේකට හවුල්.

 

2. මාකටින් ක්‍රියාපටිපාටිය

Low budget Media CSR

Source – pramkajang.blogspot.com

මුලින්ම අර කිවුව සහන අවශ්‍ය අයගෙ ඉන්ටවිවු එක දුක මියුසික් එකක් බැක්ග්‍රවුන්ඩ් කරගෙන එඩිට් කරලා ඒක පබ්ලිෂ් කරනවා ප්‍රොජෙක්ට් එකේ මූලික පියවර හැටියට. ඊලඟට හිතට සිහිල දනවන මියුසික් එකක් එක්ක සහන ලබාදෙන පාර්ශවයෙ ඉන්ටවිවු එක දානව. ඊටපස්සෙ දානව මාකටින් පාර. මෙන්න මෙහෙම අයට උදවු ඕන, අන්න ඒකට මෙන්න මෙහෙම අය උදවු කරන්න ලෑස්තියි. ඒනිසා ඔයත් මේ වර්දි කෝස්  එකට දායක වෙන්න  කියල තමයි ඒ අයගෙ අරමුණ එළියට දාන්නෙ. ඒ අය කිසිම මොහොතක සහන අවශ්‍ය පිරිස ඉන්න තැන ගැන කියන්නෙ නෑ. ඒ අය කියන්නෙ එයාලගෙ කාර්යාලෙට සහන ගෙනැවිත් භාරදෙන්න කියලයි. අන්න එතනින් මේ වැඩේ අල්ල ගන්න පුළුවන් වෙන්න ඕන.

 

3. ඉතින් ඊට පස්සෙ?

Low budget Media CSR

Source – tnl.lk / gettyimages.com

ඉතිං ඊට පස්සෙ ප්‍රොජෙක්ට් එකට ලැබෙන මැසිවු ප්‍රතිචාර පෙන්නලා, ඒ ප්‍රොජෙක්ට් එකට ස්පොන්සර් කෙනෙක් අල්ල ගන්නවා. ස්පොන්සර් මහත්තයාට ගැරන්ටීඩ් ප්‍රචාරණයක් ආයතනය පාර්ශවයෙන් කොන්ට්‍රා ක්‍රමයට ලැබෙනවා. ඔන්න ඉතිං ඒ ස්පොන්සර් මහත්තයාගෙ ලේබල් අලවපු රථ පෙළපාලියක් මගින්(ඒ වියදමත් කට්), අදාල මීඩියා ආයතනේ නම් ගැසූ පෙට්ටිවල බහා අපි දීපු තෑගි එයාලගෙ වගේ අදාළ සහන අවශ්‍ය පාර්ශවවලට බෙදනවා. එහෙමයි කියල හැම පාර්ශවේටම බෙදන්නෙත් නෑ. එයාලට යන්න ලේසි දුරකට තමයි බඩු ලැබෙන්නෙ. ඒ වගේම එතනදි සහන අරගෙන සතුටෙන් ඉන්න අසරණයින්ව කැමරාවක් ඇතුළට ඔබාගෙන එන්නෙ පස්සෙ වෙලාවක පම්පෝරි ගහන්න ලේසි වෙන්නත් එක්ක.

 

4. එයාලට මොකද්ද ප්‍රයෝජනේ?

Low budget Media CSR

Source – khabaindia.in

මාධ්‍ය ආයතන ඇඩ්වලින් හම්බුකරන සඳ ගිනිගන්න සල්ලි ප්‍රමාණෙ නිසා එයාලට ආණ්ඩුවෙන් ටැක්ස් එකක් වදිනවා. මේ ටැක්ස් එක අඩු කරගන්න එයාලට මේ වගේ Corporate social responsibility ව්‍යාපෘති පෙන්වන්න පුළුවන්. අපිට මේක කරන්න මෙච්චර ගාණක් ගියා කියලයි කියන්නෙ. හැබැයි සහන මිනිස්සුන්ගෙ, අමතර වියදං ස්පොන්සර් මහත්තයගෙ, එයාලට දෙයියංගෙ පිහිටෙන් ටැක්ස් කට් එකක් අත්විඳින්න ලැබෙනවා.

 

5. ඒත් ඉතිං ඇයි?

Low budget Media CSR

Source – reliancefoundation.org

මේ දේවල් මිනිස්සු නොදන්නවා නෙමෙයි. මේ දේවල් මිනිස්සු දන්නවා. ඒත් මේ දේට මිනිස්සු සෙට් වෙන හේතු කිහිපයක් තියෙනව. එකක් තමයි ලේසිය. ගමේ ගොඩේ සෙට් එකක් සෙට් වෙලා මෙහෙම දෙයක් කරන්න කට්ටක් කනවට වඩා මේකෙන් වැඩේ ගොඩයාමේ ලේසිය සමහරු හේතුවක් කරගන්නවා. අනිත් හේතුව වෙන්නෙ මේකෙන් තමන්ට ලැබෙන පබ්ලිසිටිය. අපිත් ඉතිං බඩට හරියට කන්න නැතත්, අනුන්ගෙ දුකේදි හිත උණුවෙන් අය තමයි ආයුබෝං කියල කියාගන්න තියෙන උවමනාව.

 

6. හැමතැනම මෙහෙමද?

Low budget Media CSR

Source – prashant raipur

නෑ. සමහර මාධ්‍ය ආයතන මේ වගකීමට ඇත්තටම කරගහනව. ටයි දාපු මහත්තුරු වගේ නැතුව තමුන්ගෙ වගකීම කරල එනවා. වියදම ෂේප් කරගන්න ස්පොන්සර් කෙනෙක් හොයාගෙන මේ වැඩ සිද්ධ වෙනවා. හැබැයි වැඩේ මාකටින් කෑල්ල හලනවා. ‍මෙහෙම වැඩක් මාකටින් කෑල්ල හලල කරනවා කියන්නෙ එතන පොඩි අවංක කමක් තියෙනවා. මොකද බොහෝ වෙලාවට ප්‍රසිද්ධ ආයතනයක් මෙවන් අවස්ථාවක් ප්‍රයෝජනයට ගන්නෙ ලාභ ලැබීමට නොව මාකටින් අරමුණු මූලික කරගෙන වීම නිසා. ඒ නිසා එහෙම වැඩ කරන අයට සුබ පතන ගමන් මෙහෙම වැඩ කරන අයට අපේ හද පතුලෙන් එන කෝපය පිරිනමනවා.

 
Cover Image Source – indiancsr.in
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *