වැහි දවසක ගෙදර ඉන්න ඔබට කරන්න පුළුවන් දේවල් පහක්

Five things we can do during rain

දෙසැම්බර් කියන්නේ වැහි දෙයියෝ ලොස් නැතුව අපි දිහා බලන කාලේ. දෙයියනේ කියලා රෙද්දක් වේලන්නවත් බැරි, උදේට නැගිට්ටම මූණ හෝදාගන්නත් යෝධ බල යෝධ ශක්තිය ඕනි කරන අරුම පුදුම කාලයක් මේක. මේ කාලේ විතරක් වහින වැස්සට නැතුව හැම වැහි දවසකම ඔබට කරන්න පුළුවන් දේවල් කීපයක් තමයි මේ.

 

1. උණුසුම් පානයක් බොන ගමන් පොතක් කියවන එක

Five things we can do during rain

Source – pintarest.com

ප්ලේන්ටියේ ඉඳන් කැපුචිනෝ දක්වා උණු ඩ්‍රින්ක් පාරක් දාන ගමන් බ්ලැන්කට් එකක් අස්සේ රෝල් වුණාම පොතක් කියවන මූඩ් එක ඉබේම පහළ වෙනවා. ජීවිතේට පොතක් දිහා බලන්නෙවත් නැති අයෙක්ට වුණත් පොතක් කියවන්න ආසා හිතෙන විදිහේ දෙයක් තමයි වැස්ස කියන්නේ. අඳුරු ගතියත් එක්ක කැපුණු සීතලට හොඳට ම සෙට් වෙන්නේ අබිරහස්, හොල්මන් නැත්තම් ප්‍රේමණීය කතා පොතක් තමයි.

 

2. කෑමක් හදන එක

Five things we can do during rain

Source – Digitaldistrict.ca

එළියට ගිහින් කරන්න දේකුත් නැති නිසා වැහි දවස් මළ කම්මැලියි. ඒ වගේ වෙලාවට තමන්ගේ ඇඟ ඇතුළේ ඉන්න පබිලිස් සිල්වාව එළියට ගන්න පුළුවන්. වැස්ස නිසා ගෙදර හැමෝමත් ඉන්න එකේ එයාලා සතුටු කරන්න හදන රොටියක් වුණත් වටිනවා. ලුණුමිරිස් පාරක් එක්ක රොටියකුයි ප්ලේන්ටියකුයි බිව්වම වැස්සේ අගේ සර්වාංගෙටම දැනෙනවා.

 

3. කවියක් කතාවක් ලියලා චිත්‍රෙකුත් අඳින එක

Five things we can do during rain

Source – daysoftheyear.com

වැස්ස කියන්නෙ ගොඩක් සාහිත්‍ය නිර්මාණවලට හේතු වුණ මෙව්වා එකක්. කුඩලිගමගේ වැස්ස එහෙම කට්ටියට මතක ඇතිනේ. ආය ඉතින් වැස්ස ගැන විතරක් නෙවේ. ඕනිම මාතෘකාවක් ගැන හිතලා නිර්මාණයක් කරන්න ඕනි කරන පසුබිම වැස්ස හදලා දෙනවා. වැඩිපුර ප්‍රේමණීය හැඟීම් එහෙමත් පහළ වෙන්නේ වැස්ස වෙලාවට කියලා කියනවානේ.

 

4. ගෙදර අය එක්ක චැටක් දාන එක

Five things we can do during rain

Source – irishtechnews.ie

දැන් අර ඉස්සෙල්ලා කිව්වත් වගේ උණු රොටී කාලා ප්ලේන්ටී බොන ගමන් ගෙදර අය එක්ක සුහද සාමීචියක යෙදෙන්න පුළුවන්නේ. වෙන වෙලාවක අල්ලගන්නවත් බැරි අයියලා අක්කලා වුණත් පූස් පැටව් වගේ ගේ අස්සට වෙලා ගුලි වෙලා ඉන්නේ. ඉස්සර සිදුවීමක් ගැන මතකාවර්ජනයක් එහෙම කරන්න වැහි දවසක් හැරෙන්න වෙන හොඳ දවසක් තියෙයිද?

 

5. නිදාගන්න එක

Five things we can do during rain

Source – self.com

ශ්‍රී ලංකාවාසීන්ට මේක වෙනම පොයින්ට් එකක් දාලා උලුප්පලා කියන්න තරම් දෙයකුත් නෙවෙයි. වැහි නැති දවසටත් නිදාගැනීමේ කාපර්ලා වැස්ස දවසට තමයි පිහාට්ටක් උඩ නිදාගන්නේ. රෑට නිදාගන්න එක අනික් පහුවෙනිදා මහදවල් වෙනකන් නිදාගන්න පුළුවන්. සුව නින්ද මනුස්ස ශරීරෙට හොඳයි කියනවනේ. වෙනදට නින්ද යන්නැතුව නිදිපෙතිත් බොන අයියලා නින්දෙයි සැප නින්දෙයි වෙනස දකින්නේ මෙදාට තමයි.

 
Cover Image Source – self.com/ youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *