ලංකාවට Google SEX සෙවුම් වල පළමු තැන අහිමි වෙයි

Sri lanka places at first for searching sex

“ගූගල් එකේ වැඩියෙන්ම Sex සර්ච් කරලා තියෙන්නේ ලංකාවලු”  ඔය කතාව මුලින්ම ඇහුණේ 2012 අවුරුද්දේ. මේක ඇත්තටම සමීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට ලැබෙන පිළිතුරක්. වාර්ෂිකව කෙරෙන මේ සමීක්ෂණයේ දත්ත ඕනෑම කෙනෙක්ට Google හරහා බලාගන්න පුළුවන්. නොකඩවා අවුරුදු කිහිපයක් ලංකාව මේ Sex Search ලයිස්තුවේ පළමුවැනියා වුණාට 2017 අවුරුද්දෙනම් ලංකාවට ලැබිලා තියෙන්නේ තුන් වැනි තැන. ඒ ගැන කතා කරන්න කලින් අපි බලමු මොකක්ද මේ Google Trending කියන්නේ කියලා.

 

1. මොකක්ද මේ Google Trending?

Trend එකක් කියන්නේ “රැල්ලක් වගේ”  කියල අදහස් කරන ඉංග්‍රීසි වචනයක් නේ. Google Trending වලදීත් කරන්නේ ඔවුන්ගේ සෙවුම් යන්තරේ භාවිතා කරලා මිනිස්සු වැඩිපුර හොයපු දේවල්, කරුණු වල සුවිශේෂී රටාවල් හඳුනාගන්න එක. උදාහරණයක් විදිහට අවුරුද්දේ වැඩිපුරම සෙවීමට ලක්වුණු පුද්ගලයන්, ක්‍රීඩකයින්, චිත්‍රපට ආදී වූ දේවල් ගැන ලැයිස්තු ගත කිරීමක් ඔවුන් විසින් සිද්ධ කරනවා. ඕක තමයි සරලවම Google Trending කියන්නේ. මීට අමතරව යම් කිසි වචනයක් ඇතුලත් කළාම ඒ අවුරුද්දේ ඒ වචනය වැඩිපුරම Search කරපු රට මොකක්ද ඒ රටේ මොන පළාතේ මොන නගරවල මිනිස්සුද වැඩිපුරම ඒ වචනය හොයල තියෙන්නේ වගේ සුවිශේෂී තොරතුරු හොයාගන්න Google Trending හරහා අපිට හැකියාව ලැබෙනවා. මේක අපූරු වෙබ් නිපැයුමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

 

2. මොකක්ද මේ Sex Search කියන්නේ?

Sri lanka places at first for searching sex

Source – abc.co.au

ඇත්තටම මේ Sex Search කරනවා කියන්නේ “Sex” කියන වචනය Google වල ටයිප් කරලා Enter බටන් එක ඔබන එක. එතනින් එහාට ලිංගිකත්වය හොයපු, වැඩිපුරම අසභ්‍ය වීඩියෝ බලපු වගේ දේවල් මේ Sex Search කියන එකෙන් අදහස් වෙන්නේ නෑ. මොකද මේ වචනය ටයිප් කරලා ඒ වචනෙට අදාල තොරතුරු ග්‍රාහකයාට ලබා දුන්නට පස්සේ Google සෙවුම් යන්ත්‍රයේ ජොබ් එක ඉවරයි. එතනින් එහාට වැඩේ තියෙන්නේ ඉතුරු වෙබ් අඩවි අතේ, කොහොම වුණත් අනිත් වෙබ් අඩවි මෙහෙම දත්ත යොදාගෙන සමීක්ෂණ කරන්නේ නෑ. ඒ හන්ද මේ වගේ අන්තර්ජාල සමීක්ෂණයකට කියල අපිට දැනට තියෙන්නේ Google Trending තමයි.

 

3. ලංකාව මේ අවුරුද්දේ එක නෙමෙයිද?

Sri lanka places at first for searching sex

Source – trends.google.com

Google සෙවුම් යන්ත්‍රයේ වැඩිපුරම මේ අවුරුද්දේ Sex කියන වචනය හොයල තියෙන්නේ බංගලාදේශය. දෙවැනි තැන අරගෙන තියෙන්නේ ඉතියෝපියාව. ලංකාවට මේ අවුරුද්දේ  මේ ලැයිස්තුවේ ලැබෙන්නේ තුන් වැනි ස්ථානය. අපි මේ තොරතුරු වලින් ටිකක් එහාට ගිහින් හොයලා බැලුවේ ලංකාවේ කොහේ කොහේ අයද වැඩිපුර මේ වචනය හොයලා තියෙන්නේ කියලා.

පළාත් විදිහට ගත්තම උතුරු මැද පළාත තමයි ලංකාවෙන් වැඩිපුරම මේ වචනය හොයලා තියෙන්නේ. දෙවැනි තැන යන්නේ උතුරු පළාතට. තෙවැනි තැන ඌව පළාතට හිමිවුණා.

උතුරු මැද පළාතේ “රාජාංගනය” ප්‍රදේශයේ අය තමයි ඒ පළාතේ වැඩිපුරම මේ වචනය හොයලා තියෙන්නේ. උතුරු පළාතේ “කරුප්පද්දමුරිප්පු” කියන ප්‍රදේශයේ අයගෙත් “උරුත්තිරපුරිස්වරම්” කියන ප්‍රදේශවල අයගෙත් මේ වචනය Google හරහා සෙවීම ඉහල අගයක් ගන්නා බව පේනවා.

ලංකාව Google Web Search එකේ තුන් වැනිය වුණාට මේ වාර්තාවට අනුව ලෝකේ වැඩියෙන්ම You tube එකේ Sex කියන වචනය හොයල තියෙන්නේනම් මේ අසිරිබර සිරි ලංකාවේ උදවිය කියන එකත් අමතක කරන්න එපා.

ඒ වගේම Google Image Search එකේ වැඩිපුරම Sex කියන වචනය හොයපු රටවල් අතරේ හයවැනි තැන ලංකාවට හිමි වෙලා තියෙනවා.

 

4. ඕවා හොයපු කාල පරාසය හොයන්න බැරිද?

Sri lanka places at first for searching sex

Source – wikimediacommons.org

බැරි නෑ. මෙහි ඒ පහසුකමත් සපයා තියෙනවා. දැන් කියන්න යන්නේ ඒ ගැන. ලංකාවේ මේ වචනය හොයපු අය දිහාවට අවධානය යොමු කළොත් වැඩිපුර මේ වචනේ හොයල තියෙන මාස දෙකකට අවධානය යොමු වෙනවා. පුදුමේ කියන්නේ ඒ මාස දෙකේම තමයි ලංකාවේ පාසල් යන ළමයින්ගේ අවුරුද්දේ මුල් නිවාඩු මාස දෙක. අප්‍රේල් මාසය සහ අගෝස්තු මාසය. අප්‍රේල් මාසයේත් අප්‍රේල් 16 ඉඳන් 22 වෙනකන් සතිය තුල තමයි වැඩිපුරම මේ වචනය සෙවීමට ලක්වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අලුත් අවුරුද්ද ඉවර වෙලා ගෙවෙන සතිය.අගෝස්තු මාසෙත් අගෝස්තු 6 ඉඳලා 12 වෙනකන් සතිය ඇතුලත තමයි වැඩියෙන්ම Sex Searches කරල තියෙන්නේ.

2004 ඉඳන් මේ ගැන බැලුවොත් අපිට පෙන්න තියෙන කරුණක් තමයි 2008, 2009 වගේ අවුරුදු වල ඉඳල මේ වචනය සෙවීම ශීඝ්‍ර ලෙස වැඩි වෙලා තියෙන බව. 2016, 2017 වෙද්දී ඉහල ලෙස මේ වචනය සෙවීම වැඩි වෙලා තියෙනවා.

 

5. මේකෙන් පේන්නේ මොකක්ද..?

Sri lanka places at first for searching sex

Source – search4divinity.com

ඇත්තටම ලංකාව ලයිස්තුවේ තුන වෙලා කියල රටක් විදිහට සතුටු වෙන්න අපට බැහැ. මොකද මේ සංඛ්‍යාලේඛන දිහා බැලුවම පේන කාරණයක් තමයි මේ ලයිස්තුවේ මුල් රටවල් අතර ඉන්නෙ තුන් වැනි පන්තියේ රටවල් වීම. ඒ වගේම අපි වගේ පෙරදිග රටවල සංස්කෘතිය හුවා දක්වමින් පාසල් දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා නොදීමත් මෙයට හේතුවක් විදිහට අපට දකින්න පුළුවන්. පාසල් නිවාඩු කාල තුල මේ Google සෙවුම් වැඩිවීම තුලින් පේන්නේ ළමයින් බොහොමයක් මේ සෙවුම් වල නිරත වෙලා ඉන්න බව. ඉතින් රටක් හැටියට බොහොමයක් කාරණා අපට මේ Google Trending වල Sex Searches  ලැයිස්තුව මගින් කියාදෙනවා නේද?

 
Cover Image Source – google.lk / youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *