චීන ස්මාට්ෆෝන් මේතරම් මිල අඩුවට දෙන්නේ කොහොමද?

How Chinese smartphone so cheap

චීනයේ නිශ්පාදනාගාර වල නිපවෙන ජංගම දුරකථන ගතහොත් ලොව භාවිතා වන ස්මාට්ෆෝන් අතරින් 90%කට වඩා නිපදවෙන්නේ චීනයේ. ඇපල් වැනි සමාගම් සිය පර්යේෂණාගාර ඇමරිකාවේ පිහිටුවා තිබුනත් ඔවුන්ගේ නිශ්පාදන සිදුවන්නේ චිනයේ අඩු මිල ශ්‍රමය යටතේ. ස්මාට්ෆෝනයක් නිපදවීමේ දී චීනය මග හැර එය නිපදවීමේ හැකියාව ඇත්තටම අඩුයි. වෙනත් රටක අභිමානවත් නිපැයුමක් ලෙස දැක්වූවත් ස්මාට්ෆෝනයකදී ප්‍රොසෙසර්, නිමාව, ඩිස්ප්ලේ, බැටරි, කැමරා, ආදී කුමන හෝ කොටසක් චීනයේ නිපදවා හෝ එකලස් කර තිබීමේ හැකියාව බොහෝම වැඩියි.

අන්තර්ජාලයේ ඊබේ, එලි එක්ස්ප්‍රස්, බෑංග්ගුඩ්, ගියර්බෙස්ට් වැනි අඩවිවල දැකුම්කළු දර්ශනීය මනා නිමාවකින් යුතු චීන දුරකථන විවිධ නම්වලින් තිබෙනවා. ඒ අතර Meizu,Xioami, Elephone, Hamtom, Gionee, Doogee, Umi, Le Eco, Le Tv, Lenovo, ZTE, Huawei ආදී ජංගම දුරකථන තිබෙනවා. ඒ සෑම එකක්ම පාහේ ජාත්‍යන්තර වෙළදපොලේ ජනප්‍රිය සැම්සුන්, එල් ජී, සෝනි වැනි ජංගම දුරකථන වලට වඩා මිලෙන් අඩුයි. ඇත්තටම කොහොමද ඒ තරමට මිල අඩුවෙන් චීනේ ජංගම දුරකථන හදන්නේ

අපි ඒ ගැන හොයාබලමු.

 

1. ලාබ කෑලි ඒත් වැඩ..

How Chinese smartphone so cheap

Source – androidheadlines.com

Xioami, හුවාවේ, Lenovo, ZTE, කියන්නේ චීනේ මෙන්ම චීනයෙන් පිටත් බොහෝම ජනප්‍රිය වූ ජංගම දුරකථන මාදිලි හදුන්වාදුන් සමාගම්. ඒවායේ දී නම් භාවිතා වන  ඉහල මට්ටමේ ඩිස්ප්ලේ, ප්‍රොෙසසර්, මෙටලින් නිමාව ආදී කාරණා වලදී ඒ ප්‍රකට චීන සමාගම් විශිෂ්ඨ ලෙස ජංගම දුරකථන ඉදිරිපත් කරන්නට සමත් වී තිබේ.

ඔන්ලයින් ස්ටෝරු වල අඩුවට තිබෙන වර්ණවත් ස්මාට්ෆෝන් වල පවා ඉහල මට්ටමේ පහසුකම් ඇති බැව් බැලූ බැල්මට පෙනේ. බොහෝ අඩු මිල ස්මාට්ෆෝන් සදහා චීනයේදී භාවිතා කරන්නේ මීඩියාටෙක් ප්‍රොසෙසර වේ. මීඩියාටෙක් චිප්සෙට් වල මිල ගණන් ස්නැප්ඩ්‍රැගන් ක්වල්කොම් වලට වඩා සැලකිය යුතු ලෙසින් මිල අඩුය. චීනයේ ස්මාට්ෆෝන් රැසකම ඇත්තේ සැම්සුන් හෝ සෝනි කැමරාය. එම කැමරා කට්ටල වඩාත් අඩුමිලට ලබාගැනීමට චීනය සමත්ය.  ඩිස්ප්ලේද ඉහල රෙසලූෂන් සහිත එහෙත් තත්වයෙන් මඳක් අඩු ඩිස්ප්ල් බොහෝවිට චීන ස්මාට්ෆෝන් සදහා භාවිතා කරනු ලැබේ. ස්මාට්ෆෝනයක් නිපදවීමට අවශ්‍ය බොහෝ අයිතම කොටස් වල අයිතිකරුවන් වෙන රටවලද සිටිය හැකි වුවත් නිශ්පාදනය සිදු වන්නේ චීනය තුලදීමය. තනි රටකදි නිපදවෙන නිසා නැව් ගාස්තු, ප්‍රවාහන ගාස්තු , අමතර බදු ආදියෙන් තොරව රට තුලදීම සම්පූර්ණ ස්මාට්ෆෝනයම නිපදවාගැනීමට හැකිවීම ස්මාට්ෆෝන වල මිල අඩුකරගැනීමට චීනාට ඇති තවත් මහත් වාසියකි.

 

2. චීප් ලේබර් ඇන් ප්‍රඩක්සන් කොස්ට්

How Chinese smartphone so cheap

Source – verge.com

ලොව පුරා තාක්ෂනික නිමැවුම් වල නිශ්පාදනාගාරය බවට දකුණු චීනයේ ගුවාංශු පලාත පත් වී තිබෙන්නේ ආශ්චර්යයකින් නොවේ. නිශ්පාදන වියදම අඩුවෙන් පවත්වාගෙන යෑම කෙරෙහි බලපාන අඩුමිල ශ්‍රමය, ලාබදායී ප්‍රවාහන පහසුව, කර්මාන්ත ඇරඹීමේ පහසුව ,ඉඩ වෙන්කරගැනීමේ පහසුව ආදී බොහෝ කාරණා වලදී දකුණු චීනය නිෂ්පාදකයින්ට වාසි ගෙන දේ. එම පසුබිම යටතේ නිපදවෙන හෙයින් චීනය තුලදී වෙන්ත රටවල තාක්ෂණික නිශ්පාදන වලට මෙන්ම චීනයේම නිපදවෙන ස්මාට්ෆෝන සදහාද සැලකිය යුතු වාසියක් ලාබයක් ලැබේ.

 

3. සුපිරී ඒත් අලුත්ම දේවල් නෙමෙයි

How Chinese smartphone so cheap

Source – callphoneforums.net

ස්මාට්ෆෝන් යනු නිතර අලුත්වෙන තාක්ෂණික ක්ෂේත්‍රයකි. එහිදී හුවාවේ, ස්යමි, ලෙනවෝ වැනි දැවැන්ත චීන ස්මාට්ෆෝන් සමාගම් හැරුණු කල අනෙකුත් නිෂ්පාදන සමාගම් පර්යේෂණ වලට කරන ලබන ආයෝජන අඩුය. එම නිසාම චීන ස්මාට්ෆෝන් බොහොමයක කල්පැවැත්ම පිළිබඳ ඇත්තේ ගැටළුකාරී තත්වයක් සෑම කලකදීම පවතී.

* ෆෝන් එක අනවශ්‍ය ලෙස රත්වීම.

* සම්බන්ධ කරන චාජ් පින් ඕඩියෝ ජැක් ආදිය ඉක්මනින්ම සවුත්තු වීම.

* සුළු ගැස්සීමක් වැටීමක් හමුවේ වුව ඉක්මණින් කැඩී බිදී යෑම.

* දෝෂ සහගත තත්වයන් ඉක්මණින්ම ළඟාවීම

වැනි දොස් චීන ස්මාට්ෆෝන් වෙත ලෙහෙසියෙන් ලගා විය හැකිය.  සෑම සියලු චින ස්මාට්ෆෝනයක්ම මෙසේ නොවන අතර විශාල මිල අඩුවිමක් පෙන්නුම කර විකුණුම් කරන ෆෝන් මෙවන් දෝෂ සහගත තත්ව කෙරෙහි ඉක්මණින්ම ලගා වේ.

 

4. මාකටින් කොස්ට් එක අඩුයි ඔන්ලයින් මාකට් තියෙන්නේ

How Chinese smartphone so cheap

Source – itvoice.com

ක්සයමි වැනි සමාගම් ඉන්දියාවේ සිය නිශ්පාදන ව්‍යාප්ත කරන්නට භාවිතා කළේද ඔන්ලයින් මාකට් ක්‍රමවේදයයි. එහිදී ඔන්ලයින් කටයුතු කිරීමේදී අමතර නිෂ්පාදන ධාරිතාවයක් නගරබද ස්ටෝරුවල ගබඩාකර තැබීමට යන වියදම අඩු වේ. විකුණුම් ක්‍රියාවලියේදි සමාගමින් පසු ඔන්ලයින් ඒජන්තයෙකු හරහා පාරිභෝගිකයෙකු වෙත කෙලින්ම සමීප කිරීමට චීන ස්මාට්ෆෝන් ක්‍රියාකරනු ලැබේ. එය අතරමැද ඇති බෙදාහැරීම් ජාලයටම යන වියදම අඩුකරගත හැකි දියුණු ක්‍රමවේදයකි. චීන සමාගම් බොහොමයක් කුඩාවට ඔන්ලයින් අඩවි හරහාම මාකට් වැඩ කරන මුත් රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත් ආදී මාධ්‍යයන් හරහා කරන ප්‍රචාරන කටයුතු අඩුය. උදාහරණ ලෙස ලංකාවේද යම්තාක් දුරකට ජනප්‍රිය වී ඇතත් ක්සයමි, වන්පල්ස් වැනි ජංගම දුරකථන සඳහා පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි වෙළඳ දැන්වීම් ඇත්තේම නැති තරම්ය.

 

5. ලිමිටඩි ප්‍රඩක්ෂන් ලිමිටඩ් ප්‍රාග්ධනය

ඔන්ලයින් සේල්ස් සිදුකිරීමේ ඇතිවන තවත් වාසියක් නම් අවශ්‍ය ප්‍රමාණයට පමණක් නිෂ්පාදනය කරගැනිමේ හැකියාවයි. මෙය පාරිභෝගිකයාට නම් එක්තරා ලෙසකින් වදයකි. මුලින් ඇණවුම් කර පසුව නිෂ්පාදනය කරන විට ඇතැම්විට මාසයක් දෙකක් ෆෝන් එකක් වෙනුවෙන් බලා සිටින්නට වෙන අවස්ථාද උදා වේ. එහෙත් නුවමනා පරිදි නිපදවා නාස්ති කරන්නේ නැතිව අවශ්‍ය ප්‍රමාණය පමණක් නිපදවා ප්‍රාග්ධනය ඉතිරි කරගන්නට මේ හරහා අවකාශ ලැබේ.

 

6. ඩියුරබිලිටි වොරන්ටි  ( කල්පැවැත්ම, වගකීම)

How Chinese smartphone so cheap

Source – unlockscope.com

අසල කඩමන්ඩියෙන්  මිලදී ගත් ජංගම දුරකථනයක් යම් දොසක් ඇති වුණොත් නම් “ මේ මල්ලි මේක හොඳයි කියල දුන්නට කෝ? මේං වැඩ නෑනේ “ යැයිකියමින් අපිට ගොස් පැමිණිලි කොට වගකීම් සහතිකය අනුව එයට වෙනත් ෆෝන් එකක් ලබාගැනීමට හෝ  නොමිලේම අලුත්වැඩියා කරගැනීමට හැකිය. එහෙත් චීනයෙන් තැපෑලෙන් ගෙන්වාගන්නා ජංගම දුරකථන වල අවුලක් වුවහොත් නැවතත් චීනයටම භාණ්ඩය යැවිය යුතුය. එහිදි බැටරි ආදිය නැවත යැවීමේ කරදර , නැවත යැවීම් තැපැල් ගාස්තු, තැපෑලෙන් ෆෝන් එක ගොස් නැවත ඒමට අඩුතරමේ මාස දෙකක් වත් ගතවීම වැනි විශාල කරදර රාශියකට මුහුණ දෙන්නට පාරිභෝගිකයාට සිදු වේ.

කලින් කීවාක්මෙන් ඉහල මට්ටමේ යම් යම් නවාංග තිබුණද මෙම චීන ෆෝන් වල ලාබ මාදිලි ඉක්මනින්ම දෝෂ වලට ලක්වීමේ අවධානම වැඩිය. එසේ අවධානමට ලක් වුවද නැවත නිවැරදි කරගැනීම වඩාත් අපහසු කාර්යයකි. අනෙක් අතින් ගත් කල ප්‍රකට සැම්සුන් වැනි ජංගම දුරකථනයක ඩිස්ප්ලේ එකක් බැටරියක් සවුත්තු වුවහොත් හංදියේ කමියුනිකේශන් එකේ අයියා ගාවද එහි කොටස් විකිණීමට තිබේ. එහෙත් චීන අඩුමිල ස්මාට්ෆෝන් වල උපාංග නැවත චීනයෙන්ම ගෙන ආයුතුය.

 

7. ආෆ්ටර් සර්විස්

How Chinese smartphone so cheap

Source – techcrunch.com

මේ ආකාරයේ අලෙවියෙන් පසු සේවාව කෙරෙහි දක්වා ඇති අඩු අවධානය හේතුවෙන් පාරිභෝගිකයින්ට වන්නේ නොමඳ හිරිහැරයකි. එහෙත් සැලකිය යුතු ලෙසින් චීන ස්මාට්ෆෝන වල මිල අඩුවන්නට එක පැහැදිලි හේතුවක් වන්නේද මෙම අලෙවියෙන් පසු සේවාවට වැඩි වියදමක් දැරීමට සිදු නොවීමයි.

ලෝක ඉලෙක්ට්‍රොනික නිශ්පාදනාගාරයේ විශාල පදාසයක් චීනය තුල පිහිටා තිබේ. නවීන තාක්ෂණය සමග ඔන්ලයින් වෙළඳාමේදීද ජයකෙහෙලි නැංවීමට චීනයේ අලි එක්ස්ප්‍රස් වැනි සමාගම් සමත්ව තිබේ. යමක් සැලකිය යුතු මිල අඩුවෙන් ලබාගත හැකි විට ඒ සමගම යම් අවාසිදායක දේද පැමිණිය හැකි බැව් “ ලාභ බඩුවේ හිලක් තිබෙනවා “ යැයි කියන පැරණි කියමනින් අනාවරණය වේ. කලාතුරකින් විය හැකි අවධානම මග හැර සාපේක්ෂව සැලකිය යුතු ලෙස අඩු මිලට කල එලි ඇති ෆෝනයක් මිලදී ගෙන චීන ස්මාට්ෆෝන් කෙරෙහි ලොබ බඳින්නෝ ලොව පුරා මිලියන සිය ගණනින් සිටිති. අලුත්ම තාලෙට කියනවා නම් ලාබ චීන ස්මාට්ෆෝන් වලත් ලල් එකක් තියෙනවා. ඒක වෙනම ආතල් එකක් මචං.

 
Cover Image Source – tatacliq.com
 

zvr
Your Reaction

Comments