හස්බන්ඩ් එක්ක වලියක් දාගත්තු වයිෆ්ලට සිද්ධ වෙන පාඩු ටිකක්

Disadvantages for wives after a fight

හබියා එක්ක වයිෆ් කෙනෙක් වලියක් දාගන්න එක හරිම සුලබ දෙයක්. හැබැයි සුලබයි කියල ඒ දේවල් සරළ නෑ. පට්ට සංකීර්ණයි. හස්බන්ඩ්ලට මෙහෙම වෙලා තියෙන ප්‍රශ්න වගේම දේවල් වයිෆ්ලටත් වෙනව මචං. එවුව ගැන හිතන එකත් වෙනමම අාතල් එකක්. ඉතිං අපි මේ කියන්නෙ වයිෆ් කෙනෙකුගෙයි හබියෙකුගෙයි වලියකට පස්සෙ වයිෆ්ගෙ හැසිරීම ගැන සහ මූලිකවම එයාට සිද්ධ වෙන පාඩු ටික ගැන. මේ පාඩු ටික ඔයාලට පොඩියට පෙනුනට වයිෆ් කෙනෙකුට නං මේව හොඳට දැනෙන පාඩු තමයි.

 

1. ඕප මිසින්

Disadvantages for wives after a fight

Source – Picsser.com

ඔෆිස් එකේ ඕපයක් අහන්න නැති වුනාම වයිෆ් කෙනෙකුට මාර හිතට අමාරුයි. ඊටත් වඩා අමාරුවෙන සිද්ධිය තමයි හස්බන්ඩ් ඊයෙ බාගෙට කියල නැවතිච්ච ඔෆිස් එ‍කට අලුතෙන් ආපු කෙල්ලගෙ කතාව අහගන්න වෙන්නෙ නැති එක. ඔය ප්‍රශ්නෙ වයිෆ්ගෙ ඔලුව ඇතුළෙ දරුණුවටම දුවන්නෙ හබියා මොකක් හෝ ඕපයක් ෆෝන් එකෙන් කියනව ඇහුනොත් තමයි.

 

2. ගෙදර ෂොපින්

Disadvantages for wives after a fight

Source – pymnts.com

අතේ ලොකුවට සල්ලිත් නැති වුනත් වලිය නිසා ෂොපින් යන්න හබියගෙන් සල්ලි ඉල්ලන්නත් මොකද්ද වගේ. ඒ වුනාට යාළුවො ඔක්කොම ෂොපින් කරනගමන් කෝල් දෙද්දි කාලයක් රෙදි කඩයක් දැක්ක නැතුව ඇඟ හිරි වැටිලා යනව අමුතු හැඟීම එන්න පටන්ගන්නව. ඒත් ඉතිං කරන්න දෙයක් නෑ. ඒ නිසා ෂාපින් ත්‍රිල් එකම නැතත් ඊබේ එකේ රවුං ගගහ යනව. ඇඳුම් ගන්නත් බයයි ඉතිං. මොකද සායක් කියල ෂෝටක් එවන වැඩත් ඉඳලා හිටලා පත්තු වෙනවනෙ.

 

3. හේතු නෑ

Disadvantages for wives after a fight

Source – businesscarmanager.co.uk

ඉස්සරනං හස්බන්ඩ් කොච්චර ලොකු කතාවක් කෙටියෙන් කියල මාරු වෙලා යන්න හැදුවත් වයිෆ්ට පුළුවන් වුනා දිගින් දිගටම සිදුකරන ප්‍රශ්න කිරීම්වලින් වැඩේ කොනක ඉඳන් හබියගේ කටින්ම වමාරගන්න. ඉස්සර මං අද හවස් වෙයි කිවුවොත්, ඇයි? කොහෙද යන්නෙ? මොකද කරන්නෙ? කාත් එක්කද? බොනවද? එන්නෙ බස් එකේද? බස් තියෙයිද? වගේ ප්‍රශ්න දාහක් එයා ඇහුවනෙ. දැන් එවුව නෑ. මං යනව කිවුවම හා කියනව ඇරෙන්න වෙනිං දෙයක් අහන්න බැරි තරමට කට ‍‍ගොලුයි. වයිෆ් කෙනෙක් කියන්නෙ ඔහොම වචන හිර කරන් ඉඳලා පුරුදු ජාතියක් නෙමෙයිනෙ ආයුබෝං!

 

4. බනින්න විදියක් නෑ

Disadvantages for wives after a fight

Source – cheetsheet.com

අම්මෝ ඉස්සර අනවශ්‍ය දෙයක් ගත්තම වයිෆ් හස්බන්ඩ්ට දීපු ටෝක්ස් ගොඩ. එයත් හැමදාම අනවශ්‍ය‍ දේවල් ගත්තට බලන්න එපැයි හදිස්සියෙවත් හබියා අනවශ්‍ය දෙයක් ගත්තොත් අහන්න වෙන කත්දර කන්ද. ඇයි ඕක ගත්තෙ? ඕක කොච්චර බාලයිද? අනික කොච්චර ගනන් වැඩියිද? ඔයා කලින් ගත්තුවත් තිබුන නේද? ඕනම කඩකාරයෙකුගෙ බොරුවලට ඔය විදියට රැවටෙන්න එපා. වගේ කතන්දර ගොඩයි. දැන් ඒ කතා නෑ. හබියා රජා වගේ ඉන්නව. හැබැයි ඉතිං වයිෆ් ඇඟ ඇතුළෙන් පුපුර පුපුර ඉන්නෙ මොකුත් කියාගන්න බැරුව.

 

5. හොඳක් නෑ

Disadvantages for wives after a fight

Source – money.howstuffworks.com

රන්ඩු නොවී ප්‍රශ්න නැතුව ෆුල් ආතල් එකේ ඉන්න කාලෙ වයිෆ් පොඩි දෙයක් කළත් හබියා අගය කලා. කොටිම්ම සම්බෝලෙට දෙහි ටිකක් දැම්මත් ෂහ් කියන තත්ත්වෙක තමයි හබියලා හිටියෙ. හැබැයි ඉතිං තරහ වුනාට පස්සෙ තෙප්පමක් හදාගෙන ෆිෂින් කරල ඇවිල්ල මාලු ඉවුවත් හොඳක් කියන තත්ත්වෙන් මිදෙන්න හබියලා දක්ෂයි. එහෙම වුනාම වයිෆ් කෙනෙකුට මාරු අමාරුයි. ඉස්සර හදිස්සියෙවත් මොකකටහරි හොඳ ක් නොකිවුවොත්, මේක හොඳයිද? කියල අහන වයිෆ්ලා තරහ වෙච්ච කාලෙට ඒකවත් අහගන්න බැරුව විඳින දුක නං මතක් කරද්දිත් පවු!

 
Cover Image Source – meditationoftucson.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *