හොඳම යාළුවො ඔබ වෙනුවෙන් කරන නොකරන දේවල්

How to identify Best Friends

තරුණ කාලයේ ගොඩක් ඉන්න, ලොකු උනාම ඇත්තෙම නැති හෝ ඉතා අඩුවෙන් ඉන්න හොඳම යාළුවො ඔයාලා වෙනුවෙන් කරන නොකරන දේවල් ලියන්න වෙබ්වල ඉඩ මදියි. හොඳම යාළුවො කියන්නෙ ඉතා කලාතුරකින් හම්බෙන, මනුස්සයෙක් දිහා සම මට්ටමෙන් හිතන කෙනෙකුට. තමුන්ගෙ මට්ටමට බැහැලා හිතන යාළුවෙක් කියන දේ සමහර විට අම්මලා තාත්තලාගෙන් හෝ සහෝදරයින්ගෙන් සිද්ධ වෙන්නෙ  නෑ. ඒනිසා හොඳම යාළුවෙක් අඳුරගන්න. අපි මේ කියන්නෙ හොඳම යාළුවො ඔයාලා වෙනුවෙන් කරන නොකරන දේවල් ගැන.

 

1. උදවු

How to identify Best Friends

Source – nextmeshup.com

හැම මිනිහටම ප්‍රශ්න තියෙනවනෙ. ඒ ප්‍රශ්න මිනිස්සුන්ව හුඟක් පහලට ඇදලා දානවා. සමහර මිනිස්සු තනියෙම්ම අවුලෙන් ගොඩ එනවා. තවත් සමහර අය ඒ අවුලෙන් ගොඩ එන්න උදවු ගන්නවා. ඒත් සමහර මිනිස්සු නොදැනිම තමුන්ගෙ ප්‍රශ්නෙන් ගොඩ එනවා. අන්න ඒ වගේ වෙලාවට ඒක පිටිපස්සෙ හොඳම යාළුවෙක් ඉන්න පුළුවන්. හොදම යාළුවෙක් කවදාවත් උදවුවක් කළොත් කියවන ජාතියෙ කෙනෙක් නෙමෙයි. එහෙම කෙනෙක් හම්බෙන්නෙ හුඟක් කලාතුරකින්. ඒ නිසා තමුන් ගාවත් එහෙම හොඳ යාළුවෙක් ඉන්නවා ද කියලා හිතලා බලන්න.

 

2. හොඳ සහ නරක

How to identify Best Friends

Source – copywritematters.com

හොඳම යාළුවෙක් කවදාවත් ඔබේ හොඳක් මූණට කියන්නෙ නෑ. කියන්නෙ නෑ කියන්නෙ.. කියන්නෙ නෑම තමයි. ඒ වෙනුවට හැම මොහොතකම අහන්න වෙන්නෙ වැරදි. කිසිම මනුස්සයෙක් සර්ව සම්පූර්ණ නැති නිසා එහෙම වැරදි තියෙන්න පුළුවන්නෙ. අන්න ඒ නිසා එහෙම දේවල් අහන්න වෙනවමයි. හැබැයි ඔබේ හොඳම යාළුවෙක් ඔබ නැති තැනකදි කියන්නෙ ඔබේ හොඳම විතරයි. ඔබේ මූණට හොඳයි කියල, නැති තැන බනින මිනිස්සු අතරින් හොදම යාළුවා තෝරගන්න.

 

3. විශ්වාසය

How to identify Best Friends

Source – donmerican.wordpress.com

ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම දේකට විශ්වාසය තියන්න පුළුවන් කාවද? ඒ අයුරින්ම ඔබව විශ්වාස කරන්නේ කවුද? ඒ ප්‍රශ්න දෙකටම පිළිතුර එකම නමක් නම් ඔබට හොද යාළුවෙක් මුණගැහිලා වෙන්න පුළුවන්. ප්‍රශ්නයක්, ලෙඩක් දුකක් වගේම පවුලේ ප්‍රශ්නයක් වුනත් හිතේ බයක් නැතුව කියන්න වගේම, ඒකට විසඳුමක් හොයන්නත් ඕනම වගකීමක් භාරදෙන්නත් පුළුවන් එහෙම යාළුවෙකුටම තමයි.

 

4. තේරුම් ගැනීම්

How to identify Best Friends

Source – drropra.com

ඕනම මිනිහෙකුට අපහසුතා තියෙනව. ඒ අපහසුතා තවත් කෙනෙකුට නොදැනෙන්නෙ ඒ අය අදාළ ප්‍රශ්නය තියෙන මනුස්සය ඉන්න තැනට සමපාත නොවෙන හින්දා වෙන්න පුළුවන්. නමුත් හොඳම යාළුවෙක් තමුන්ගෙ යාළුවා ඉන්න ප්‍රශ්නෙ ඉක්මණින් තේරුම් ගන්නවා. ඒ වගේ අවස්ථාවක්, ප්‍රශ්නයක් තියෙන මනුස්සයෙකුට සිත් රිදීම් අඩුකරගන්න හුඟක් වටිනවා. ඇත්ත වශයෙන්ම කොල්ලෙක් නං දන්නව ඇති, තමුන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හෝ වයිෆ්ට වඩා හොඳට තමුන්ගෙ යාළුවා තමුන්ගෙ ප්‍රශ්නයක් තේරුම් ගන්න විදිය. ඒකට කාලයක් තිස්සෙ පවතින යාළුකම් සහ අත්දැකීම් බලපානවා.

 

5. භයානකම දේ

How to identify Best Friends

Source – iknow.media

කිසිම කෙනෙක් තමුන්ගෙ හොඳම යාළුවා තරහ වෙනවට අකමැති හේතු තියෙනවා. ඒ අතරින් එක් හේතුවක් ඉහළින්ම දක්වන්න පුළුවන්. ඔයාලටත් ඔයාලගෙ හොඳම යාලුවා එක්ක තරහ වෙන්න බැරි හේතු අතරින් මේක ඉහළින්ම තියෙනව ඇති. ඒ තමයි තමුන්ගෙ හොඳම යාළුවා තමුන් ගැන ඒනවටත් වඩා දැනගෙන සිටීම. විශේෂයෙන්ම නරක දේවල්. මෙහෙම උදාහරණයක් බලන්නකො. ඔෆිස් එකේදි හොඳම යාළුවො දෙන්නගෙ වාදයක් ගියොත් වටපිටාවෙ ඉන්න අයට කොච්චර ආතල්ද? ඇයි ඉතින් දෙන්න දෙන්නගෙ හොඳම කතා ටික එළියට දානවනෙ. අන්න ඒ නිසා හොඳම යාළුව එක්ක තරහ වෙන්න නං හිතන්නවත් එපා.

 
Cover Image Source – vacayholics.com / theoddessyonline.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *