වයිෆ් එක්ක වලියක් දාගන්න හස්බන්ඩ්ලට සිද්ධ වෙන පාඩු ටිකක්

Disadvantages for husbands after a fight

කසාද ජීවිතේ ඉඳහිටලා සිද්ධ වෙන අඬදබර ඉතිං බත් හැලිය ඉදෙනකං විතරයි වගේ කතා කියල නවත්තන්න පුළුවන් ඒව නෙමෙයි. ඒවට බත් හැලිය ඉදෙනවට වඩා කල් යනව ෂේප් වෙන්න. ඒ වගේම ඒවයින් පොඩි පොඩි පාඩුත් සිද්ධ වෙනවා. ඉතිං අපි මේ කියන්න යන්නෙ හස්බන්ඩ් වයිෆ් අතරෙ සිද්ධ වෙන වලි වලින් හස්බන්ඩ්ට සිද්ධ වෙන පාඩු ගැනයි. මේව ඇහුවම දුක හිතෙයි. හැබැයි මේ ඇත්තයි. හබියලට මේ සිද්ධ වෙන පාඩු මහමෙරක් තරං දැනෙනවා.

 

1. උදේ තේක

Disadvantages for husbands after a fight

Source – asphotoofwhimsy.com

උදේම අවුලක්. කලිං දවසෙ වලියට පොඩ්ඩක් කෑ ගහගත්තු හින්දා හිතේ කේන්තියෙන්ම නිදියගත්තෙ. හැමදාම අපිට පුරුදු තේකක් බීලම දවසෙ වැඩ පටන්ගන්න. ඒත් අද තේක බොන්න උදේ ඇහැරුවේ නැත්තෙ ඇයි කියල බැලුව. ඒ ඇහැරුනේ දිව ගිලෙන්න තිබහක් ආපු හින්දා. ඇහැ ඇරලා බලනකොටම තේක හදලා තියල තියෙනව වෙනදට පුරුදු තැනම. ඒත් කිවුවෙ නෑ. තේ උගුරක් බිවුව. හොඳටම නිමිලා. කේන්තියකුත් ඇවිල්ල ඇයි ඇහැරුවේ නැත්තෙ කියල අහන්න කුස්සියට යන්න හදද්දි තමයි මතක් වුණේ ඊයෙ රෑ වලිය ගැන. ඔය තියෙන්නෙ හොඳ හේතුවක්.

 

2. අද හාෆ් ඩේ

Disadvantages for husbands after a fight

Source – thoughtsmylifeandlove.com

ඔන්න වැඩේ. මේ සමාජෙ හස්බන්ඩ්ස්ලා වර්ග දෙකක් ඉන්නව. උදේ තේක බීලා දවසෙ වැඩ ටික කරන්න සෙට් වෙන අය සහ උදේ තේක බීලා ආයෙ චුට්ටක් නිදාගන්න අය. ඔන්න ඔය විදියට උදේ තේක බීලා ආයෙ නිදාගන්න අයව ඇහැරවන්න ස්මාට්ෆෝන් එලාම්වලට හෝ කඩෙන් ගන්න පත ඔරලෝසුවලට බෑ. ඒකට ඕන නියම කටක් තියෙන වයිෆ් කෙනෙක්. අනේ ඉතිං කලින් දවසෙ තරහ වෙච්ච නිසා වයිෆ් ඇහැරුවේ නැත්තං ඉතිං දුක තමයි පුතෝ. කෙලිම්ම හාෆ් ඩේ දාන්න තමයි සිද්ද වෙන්නෙ.

 

3. මේස් ‍කෝ

Disadvantages for husbands after a fight

Source – twitter.com

කතාවට කියනවනෙ මෙහෙම. හස්බන්ඩ්ලා ඉතිං ඔය පොඩි පොඩි දේවල් ගැන හිතන්නෙ නෑ. පොඩි පොඩි දේවල් ටික ගොඩ දාන්න තමයි වයිෆ් ඉන්නෙ. හබියා සපත්තු දෙක ගැන හිතුවට මේස් ගැන හිතන්නෙ නෑ. කලිසම ගැන හිතුවට යටිතල පහසුකම් ගැන හිතන්නෙ නෑ. එවුව ඉතිං වයිෆ් තමයි උදේට ලඟට කරල තියන්නෙ. නොතිබ්බොත් ඉතිං තමුන්ගෙ මිනිහා සිවිල් පිට. ඔන්න පුතෝ වලි රැයකට පසුදින උදෑසන වෙනද වගේ අයන් කරපු ඇඳුම් එක්ක මේස් දෙකත් සුන්දරව තියෙයි කියල හිතනවද? ඒයි කෝ මගේ මේස් කියල රෙද්දක් ඇඳගෙන ලැජ්ජ නැතුව අහන්න පුළුවන්ද?

 

4. සෝක් එකට ලුණු

Disadvantages for husbands after a fight

Source – youtube.com

ඉස්කෝලෙන් අවුට් වෙලා ඔෆිස් ගියාට මොකද තාම ඒ කාලෙ පුරුදු ඒ විදියටම තියෙනව. ඉතිං ඔෆිස් ගිහිල්ලත් කන්නෙ කට්ටියත් එක්ක වටවෙලා.  කට්ටිය එක්ක වටවෙලා කද්දි ඉස්සර අම්මල උයල දෙන කෑම වගේ නෙමෙයි, වයිෆ්ලා තාම බිස්නස් එකට අලුත් නිසා කොල්ලො එක එක කතා කියනව කෑමවලට. ලුණු අඩු වුණොත්, අලු කෙහෙල් තිබ්බොත් වගේ කොල්ලන්ට කතා අහල ඉවරයක් නෑ. ඔන්න ඉතිං තරහ වෙච්ච දවසට යාලුවො එක්ක කන්න හොද නෑ. කෑම එකට ලුණු නෑ වගේ අබ්ලික් සිද්ධ වෙන්න හොඳටම ඉඩ තියෙනවා.

 

5. නිදහසේ ෂොට් එක

Disadvantages for husbands after a fight

Source – xe.hu

වයිෆ් එක්ක කලින් දවසෙ වලියක් ගියාම හබියකුට තියෙන අනිත් අවුල තමයි හිතේ ලෙඩේ. මම බැනපු එක හොඳ මදියි නේද? මට ඉවසන්න තිබුනා වගේ සිතුවිලිවලින් හබියෙකුගෙ ඔලුවට ඇටෑක් කරනව. ඒ අස්සෙ වයිෆ් කඳුළු සැලුවොත් ඒ දුකත් පොලී වෙලා හිතට එන්ටර් වෙනවා. ඒ හින්දා නිදහසේ හවස් අතේ යාලුවෙක් එක්ක අඩියක් ගහන්න හිටියනං ඒ සිහිනය කැන්සල් වෙනව. මොනව කරන්නද ඉතිං කියල කොල්ල අහල බලාගෙන හිනා නොවී ඉන්න හරි ගෙදර එනව.

 

6. බොරු කෝල්

Disadvantages for husbands after a fight

Source – thoughtco.com

වයිෆ් තරහ වුනාම ඉතිං වයිෆ්ගෙ හිතටත් අවුල්. හැබැයි එයා සටන පාවා දෙන්න සූදානම් නෑ. එයත් ගේමෙන්මයි ඉන්නෙ. ඒ හින්දා කතා නොකරට කතා නොකර ඉන්නමත් බෑ. හදිස්සියෙවත් වැඩ වැඩි නිසා හස්බන්ඩ් එන්න පරක්කු වුනොත් එයාට තවත් අමාරුයි. ඔන්න ඉතිං දෙනව බොරු කෝල්. අන්න අද කුස්සියට මීයෙක් රිංගල, ඇවිල්ල පොඩ්ඩක් බලන්න.

 
Cover Image Source – calgarycouncillers.com/ gettyimages.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *