මතකද දැන් ටික දවසකට උඩදි පෙට්‍රල් නැතුව අපේ අයියල දුකෙන් හිටියා. සමහරු කේන්තියෙන් හිටිය. සමහරු ගාණක්වත් නැතුව හිටිය. අන්න ඒ සීන් එක කාලෙ එක එක ඩයල් හැසිරිච්ච විදිය ගැන තමයි අපි මේ කියන්නෙ. සමහරු මේක කියවල ආතල් එකට ෂෙයා කරයි. සමහරු දැක්කෙ නෑ වගේ යයි. සමහරු අපිට බනියි. තවත් සමහරු වෙනිං උන්ව මේකට ටැග් කරයි. මොකක් කළත්, මොනව වුණත් අපි මේ ලියන්නෙ තෙල් ප්‍රශ්නෙදි ලංකාවෙ බොහොමයක් ජනයා අයිති වුණු කොට්ඨාස ටිකක් ගැන. ඒක තෙල් ප්‍රශ්නෙට වගේම හැම ප්‍රශ්නෙටම පොදුයි.
1. ආන්ඩු පක්ෂ
අම්බෝ! කොහෙද යකෝ තෙල් නැත්තෙ අපේ ෂෙඩ්වල තෙල් නිකනුත් ගහල දෙන තරමට තෙල් වගේ ටෝක් දෙන බුවාලා වගේම, තොපිටත් දවසක් දෙකක් තෙල් නැති වුනාම තමයි අවුල ඉස්සර ආණ්ඩුව කාලෙ කරපුවයෙ හැටියට මෙවුව මොනවද බං වගේ අහන බුවාලාත් ඇත. එසේම වහසිබස් දොඩන ප්‍රතිවාදියාව කෙලින්ම පහත හෙලන ආණ්ඩුපක්ෂ ප්‍රේමීන්ද ඇත. ඒ යකෝ බොරුවට පෙට්‍රල් ගැන කියව කියව ඉන්න කලින් මොටර් සයිකලයක්වත් ගනිං. නැත්තං උඹ පෙට්‍රල් ගහන්නෙ බඩටද? වගේ ප්‍රශ්න අහන බුවාලාය.
2. ප්‍රධාන විපක්ෂ
කොහොමද මහින්ද මහත්තය දක්වපු විරෝධෙ? මොකද්ද බං හරි හමං විදියට තෙල් ටිකක් බෙදාගන්න බැරි ආණ්ඩුවක් එක්ක කොහොමද බං රටක් කරන්නෙ? ඒ කාලෙ බාල තෙල් දුන්නට ඒ බාල තෙල් දීපු ඇමතිත් දැන් ඉන්නෙ උඹලගෙ කැබිනට් එකේමනෙ බං, තවත් බොරුවට කඩේ යන්නැතුව ජාතියෙ අප්පච්චිට ඡන්දෙ දියං බං ඔන්න විපක්ෂ මත. මෙයාලා ඉතිං මෙහෙම ප්‍රශ්නයක් ඇතිවෙනකං බලං ඉන්න ඈයො. ඉස්සර මේ අය බෝඩ් ටික ලියල අවුලක් යනකං බලාගෙන ඉන්නෙ පාරට බහින්න. දැන් මේ අය ස්ටේටස් ටික කොටල අවුලක් යනකං බලාගෙන ඉන්නෙ පෝස්ට් කරන්න.
3. වෙනත් පක්ෂ
යකෝ ඒකත් එකයි මේකත් එකයි. නිකං හරියට කැහි ගෑනි දීලා හොටු ගෑණි ගත්තවගේ. මොකද්ද කියහංකො වෙනස. උනුත් හොරු මුනුත් හොරු. උන්ට හොරු කිය කිය මුනුත් හොරකං කරනවා. මුන්ට හොරු කිය කිය උන් කරපුවැයෙ වැරදි වහගන්න හදනව. මිනිස්සුත් එවුවටම ඔලුව හදාගෙන ඉන්නෙ. හොරකං කළත් කමක් නැහැලු වැඩක් කරනවනං. මොන ගොං කතාවක්ද යකෝ ඒ. මං මේ නිකමට කියන්නෙ. එක පාරක් අපිට දීල බලනවකො රට ගොඩයන විදිය පෙන්නන්න. මේ අයට ප්‍රධාන පක්ෂ දෙකත් එක්කම ඇරියස් එකක් තියෙනව. තාම හරියට පුංචි ඡන්දෙක වැඩ පෙන්නගන්න බැරි වුණාට මොකද කට්ටියගෙ ලොරි ටෝක්.
4. දේශප්‍රේමී නිර්පක්ෂ
මෙන්න මිනිස්සු. එයාලට පක්ෂෙ වැඩක් නෑ, එයාලට ප්‍රශ්නෙ තමයි වැදගත්. එයාලා හිටපු පක්ෂ, ඉන්න පක්ෂ වගේම එන්න බලාපොරොත්තු වෙන පක්ෂවලත් පලු අරින්නෙ කිසිම හිරිකිතක් නැතුව. ඒ වගේ අය අරයට බැනපු වගේම මෙයාට බැනපු අවස්ථාත් තියෙන නිසා කවුරුවත් මේ අයට මොකුත් කියන්නෙ නෑ. මොකද ඒ අය දන්නව මොයාලා එයාල වගේ වාසි පිළට හෝ පුරුදු පිළට හෝයියා කියන ඩයල්ස් නොවන වග.
5. ගාණක් නැති ජනයා
මෙන්න ඉන්නව රටකට ඉන්න හොඳ නැතිම මිනිස්සු කොට්ඨාසයක්. ඒ අය ඉතිං ඒ අයගෙ ඇඟ තුවාල වෙනකං කිසිම ගාණක් නැතුව දෙන දේ කාලා වෙන දේ බලං ඉන්නව. පෙට්‍රල් නැත්තං බස් එකේ යනව. කන්න නැත්තං වතුර බොනව. රස්සාවෙන් අයින් කළොත් ගෙදරට වෙලා ඉන්නව වගේ සරල ඒත් මෝඩ උත්තර තමයි එයාලට තියෙන්නෙ.
Cover Image Source – newsfirst.lk/ newsline.asia
Leave a Reply