ඔෆිස්වලට අවුරුද්දෙ මුල මැද අග කියල නැහැනෙ . කොයි කාලෙත් අලුතෙන් කට්ටිය එනව. ඒ අතරෙ කවුරුත් කතාවෙන්නෙ අලුතෙන් ඔෆිස් එකට එන කෙල්ලො ගැන තමයි. හැබැයි අපි මේ කියන්නෙ කොල්ලො ගැන. කොල්ලෙක් ඔෆිස් එකට ආවම ඒක ඔෆිස් එකේ අනිත් කොල්ලොන්ට සාමාන්‍ය සිද්ධියක් වුනාට, මතුපිටින් නොපෙන්නුවට කෙල්ලොන්ගෙ හිත් ඇතුළෙ මහා භූමි කම්පාවක් සිද්ධ වෙනවා. මේ කියන්න යන්නෙ ඒ භූමිකම්පාවෙ විවිධ අවස්ථා ගැනයි.
1. ජාතක

Source – meme faces / 123rf.com
කවුද එයා? කෙල්ලෙක් ඉන්නවද? කලින් වැඩ කරපු තැන කොහෙද? ඇයි එතනින් ආවෙ? ගම කොහෙද? සල්ලි තියෙනවද? වාහනයක් තියෙනවද? ඉස්කෝලෙ මොකද්ද? සහ රහස් ෆේස්බුක් සර්ච්, මූචුවල් ෆ්‍රෙන්ඩ්ස් විමසීම් වගේ විකාර ගොඩක් කරන ගෑනු සෙට් ඉන්නව. මේ අය මේව කරන්නෙ අපිට ඉතිං මේව කරන්න ඕන නෑ. ඒවුනාට ඉතිං නොකර හරි නැති හින්දා කරනව වගේ සීන් එකකින්.
2. වැඩ්ඩී

Source – girlsaskguys.com
කොල්ලා ඉස්සරහ වැඩ දැමීම. ඔෆිස් එකේම බර කරට ගැනීම. හදිස්සියෙන් ඇවිදීම, නිතර ලොක්කව මුණගැසීම, හතර අතට කෝල් ගැනීම, යාළුවන්ට කෝල් කර හොඳටම වැඩ අනේ මමම එපැයි මෙවුව කරන්න වැනි ටෝක් ඉෂූ කිරීම වැනි කටයුතු වැඩ්ඩී අතින් සිදුවෙයි. ඔෆිස් එකට උන්ගෙන් වැඩක් ගන්න පුළුවන් අලුතෙන් කොල්ලෙක් ආවම තමයි.
3. සීක්රට්

Source – dorkdiaries.com
ඔය අස්සෙ සීක්රට් එකේ කැමති කෙල්ලොත් ඉන්නව. කොල්ල කන්න ගියාම කන්න යනව. වොෂ්රූම් ගියාම වොෂ්රූම් පැත්තට යනව. ඇස් කතා කරනවා. බිම බලාගෙන හිනා වෙනව.ඒ අය ඉතිං මුළු ලෝකෙටම හොරෙන් ඔයා ගැන හොයලා හොයලා ඔයාගෙ කැමතිම පුංචි සීන් එකක් අල්ලගන්නව. ඊටපස්සෙ ඉතිං මං ඒ අයියගෙ වං ඇහේ තියෙන පොඩි වපරෙට හරිම ආදරෙයි වගේ හේතුවකට පිස්සු වැටිලා දිවි ගෙවනව.
4. ඕප්ස්

Source – psychologies.com
අනිත් සීන් එක තමයි කෙල්ලො අතරෙ සෙට් වෙලා කට්ටියගෙ අදහස මොකද්ද කියල දැනගන්න බැරුව ලත වෙන කෙල්ලො. උන් කියන්නෙ මෙහෙම. ඌනං බොනවද කොහෙද? සිගරට් පලනව ඇති. තොල් දෙක නිකං ගාලු පාර වගේ. ටෝක්ස් තමයි එයාලා ඉෂූ කරන්නෙ. එහෙම කියල බලන්නෙ අනිත් අය දන්න තරම දැනගන්න.
5. ආපෝ ඌ නම්

Source – youtube.com
තමුන්ගෙ සෙට් එකේ වෙනිං කෙල්ලෙක් ඒකිට කැමතියි නං ඒකිට ඇහෙන්න අරූගෙ වැරදිම කියන එක තමයි ඊලඟ සීන් එක. කාලා හමාරයි ඔහොම මරාලෙකට අහුවුනොත්. ඔය වගේ ඉරිසියාවක් වෙනුවෙන් උන් පුළුවන්නං ලොක්කට කියල කොල්ලව ඔෆිස් එකෙනුත් අයින් කරවාවි. අන්තිමට පොර ටෝක් දෙන්නත් ඉඩ තියෙනව මේ වගේ. අම්බෝ අපි තමයි අර කොල්ලගෙන් මේ කෙල්ලව බේරගත්තෙ වගේ ඒවා.
6. හොඳ බබා

Source – wikihow.com
ඔය අස්සෙ එක කෙල්ලෙක් කොල්ල එක්ක ෆිට් එකේ ඩිරෙක්ට් කතා කරනවා. ලවු සීන් නෙමෙයි. යාළු ෆිට් එකට. උඹ බං බොලං කියල කතාව ගියාට දෙන්න අතරෙ කෑවද බිවුවද කියල හොයන තත්ත්වයකුත් ආවම කාලා ඉන්න බැරි වෙන අනිත් කෙල්ලො කොල්ලට අර කෙල්ල ගැන නොහොඳ කියනව. ආපෝ ඕකි හැම එකා එක්කම සෙට් වෙලා යනව අනේ. අපිට ඕන ඔයාව බේරගන්න. ඔහොම මරාලෙකටනං කරගහන්නෙපා වගේ සුචරිතවාදිනියො බිහිවෙන්නෙ එතනින්.
බෝනස්
7. කොල්ලො සෙට් එක

Source – thenerdstash.com
ඔය අවු අස්සට කොල්ලො සෙට් එකත් සෙට් වෙනවා. ඔන්න පුතෝ එදාට තමයි කොල්ල සැබෑ ත්ත්තවෙ තේරුං ගන්නෙ. මචං අරුං සෙට් එකම ගන්න දෙයක් නෑ. අරකි සෙට් වෙලා ඉන්නෙ ශ්‍රී ලංකා A ටීම් එකේ ක්‍රිකටර් කෙනෙක් එක්ක හින්දා ලොකු සීන්. අරකි ෂේප්. හැබැයි අරකි තමයි හොඳම. අපි ආස්සරේ කරන්නෙත් ඒකිව විතරයි. අනිත් උන් ගන්න දෙයක් නෑ.
Cover Image Source – youtube.com
Leave a Reply