ලංකාවේ ජනප්‍රියම මැද මට්ටමේ ස්මාට්ෆෝන් කිහිපයක්

guide to buy a budget mobile phone

ලංකාවේ ස්මාට්ෆෝන් භාවිතය දැන් එන්න එන්නම වැඩිය. උත්සව අවස්ථාවකට ගිය විට වැඩිහිටියන් පවා තැන තැන සිය ස්මාට්ෆෝනයෙන් සේයාරූ ගන්නට වෙහෙසවෙන අවස්ථා දැකගන්නට හැකිය. ස්මාට්ෆෝනය කියන්නේ නරක දෙයෙක් නෙමෙයි. එය අපගේ ජීවිතයට වැදගත් මෙහෙයක් ඉටුකරන බහුකාර්ය උපකරණයක්. ස්මාට්ෆෝන් යුගයට පෙර පැවති වටපිටවේ තිබූ එකදු උපකරණයක් වත් ස්මාට්ෆෝනයට සමාන කරන්නට බැහැ. රේඩියෝව, කැමරාව, ගීත අසන වෝක්මන් යන්ත්‍රය, වීඩියෝ ඇමතුම් ලබාගැනීම, ගේම්ස් සෙල්ලම් කිරීම, ආදී බොහෝ කාර්යයන් රැසක් එකවර කරගන්නට ස්මාට්ෆෝනය අද දවසේ යෙදේ.  

ස්මාට්ෆෝනයක් මිලදී ගන්නට සිතන සෑම අයෙකුටම තිබෙන්නේ එකම වර්ගයේ අවශ්‍යතාවයන් නෙමෙයි. එහෙත් අපිට ස්මාට්ෆෝනය වෙනුවෙන් මාස කිහිපයක වැටුප වියදම් කරන්නට හැකියාවක් නැහැ. පහසු ගෙවීම් ක්‍රමයට තිබුණත් රුපියල් ලක්ෂයක් වැනි මුදලක් සුපිරි ස්මාට්ෆෝනයක් වෙනුවෙන් වියදම් කළ හැකි පිරිස බොහෝම අඩුයි. සාමාන්‍යයෙන් මාසයකට ලැබෙන ආදායමෙන් බාගයකට වගේ එහෙම නැතිනම් පහසු ගෙවීම් ක්‍රමයට ගන්නවා නම් වැටුපේ අගයට වගේ ගාණකට තමයි බොහෝ දෙනා ස්මාට්ෆෝනයක් හොයන්නේ. මේ මට්ටමට ගත හැකි ස්මාට්ෆෝන් කිහිපයක් ගැන අපේ අවධානය යොමු කරමු

 

සැම්සුන් ජේ සීරියස් එක

guide to buy a budget mobile phone

Source – theverge.com

ලොව වැඩිම ස්මාට්ෆෝන් ප්‍රමාණයක් වසරකට නිකුත් කරන්නේ සැම්සුන් සමාගම. එයිනුත් මැද සහ අඩු මිලට හොඳ ෆෝන් එකක් හොයන අය වෙනුවෙන් සැම්සුන් සමාගම තමන්ගේ ජේ සීරියස් එක එලි දක්වා තිබෙනවා. මෙම ජේ සීරියස් එකේ 2017 වර්ශයේදී ඔවුන් අලුත්ම අංගයක් හදුන්වා දී තිබෙනවා. ඒ තමයි සුපර් ඇමලඩ් තාක්ෂණයෙන් සවිමත් ඩිස්ප්ලේ එක. මෙම ඩිස්ප්ලේ එක මෙතෙක් කල් පැමිණියේ ඉහල මට්ටමේ එනම් රු 50,000ටත් වැඩි ස්මාට්ෆෝන වලට. එහෙත් දැන් 2017 J7,J5,J3 යන මොඩල තුන සදහාම සුපර් AMOLED ඩිස්ප්ලේ එකක් භාවිත කර තිබෙනවා.

ඒ මිල ටම්ටමට ගැලපෙන කැමරාවකින් සවිමත් මෙම ජේ 2017 වර්ගය ලෝහමය නිමාවකින්ද යුක්තයි. එම ලෝහමය නිමාව නිසා ෆෝනයට අමුතු වටිනා ආකාරයේ හැඩයක් මෙන්ම ශක්තිමත් ආවරණයක් ද ලැබී තිබෙනවා. නිරන්තරයෙන් ලොව සමග ඉදිරියට ඇදෙන සැම්සුන් සමාගම සිය ජේ පරපුරේ අලුත්ම කණ්ඩායම සදහා ඇන්ඩ්‍රොයිඩ් 7.1 මෘදුකාංගයද ඇතුලත් කොට තිබෙනවා. සැම්සුන් වහල යටදීම නිකුත්

කරන සැම්සුන් එක්සිනස් Exynos ප්‍රොසෙසරයෙන් බලගැන්වෙන සැම්සුන් ජේ 7 ජේ 5 වැනි ෆෝන්වලින් සාමාන්‍යෙයන් ගූගල් ස්ටෝරුවේ තිබෙන බොහෝ ගේම්ස් කිසි කරදරයක් නැතුව දුවාගන්නටත් හැකියි.

guide to buy a budget mobile phone

Source – androidautority.com

සැම්සුන් ජේ සීරියස් එක ජනප්‍රිය වන්නේ එහි ඇති මිලෙන් අඩු බව නිසාම නෙමෙයි. මිල අඩු වුණත් මිලදී ගෙන මාස හයකින් හතකින් ආයෙමත් ලෙඩ එනවා නම් ඉතිං ලෙඩ දෙන ස්මාට්ෆෝන් එක පොලවේ ගහන්න තරම් තරහක් එනවා. සැම්සුන් දුරකථන වල බොහෝ කොටස් ඔවුන්ගේම අභ්‍යන්තර සමාගම් හි නිපදවන නිසාදෝ හෝ සැම්සුන් හි පහල මට්ටමේ ෆොන් වල පවා කල්පැවැත්ම සාපේක්ෂව වැඩියි. වසරක් පමණ ගිය විට අධික රත්වීම්, ෆෝන් එක හිරවීම්, එකපාර නැවතිම් ස්ලෝවීම් ආදී දෝෂ නැතිව වසර දෙකක් පමණ කාලයක් සාමාන්‍යයෙන් සැම්සුන් ජේ ෆෝන් එකක් පාවිච්චි කළ හැකියි.

සැම්සුන් ජේ ෆෝන් අතර ජනප්‍රියම එක ජේ 7 වේ. 5.5 ක ඩිස්ප්ලේ එකකින් සමන්විත වන ජේ සෙවන් සාමාන්‍යයෙන් බැටරිබලය අතින් තරමක් වැඩි එකක්. ජේ 7 හි ඩිස්ප්ලේ රෙසලූෂන් 720P සහ 1080P ආදි ලෙස මාදිලි කිහිපයක් පවතී.

guide to buy a budget mobile phone

Source – lifie.lk / bhphotovideo.com

මෙම ප්‍රධාන ෆෝන් තුනෙහිදි මෙමරි, බැටරි බලය ආදී දේ වෙනස් කරමින් වෙනත් උප මාදිලිද සැම්සුන් වෙතින් වෙළද පොලට නිකුත් කර තිබේ.

 

Huawei ෆෝන්ස්

 

හුවාවේ Y5 2017 කියන ෆෝන් එක ඇවිල්ලා රු 2,00,00කට කිට්ටුවෙන් වෙළඳපොලෙන් මිලදී ගත හැකි ස්මාට්ෆෝනයක තිබිය යුතු සෑම ගුණාංගයක්ම පාහේ තිබෙන ෆෝන් එකක්. එම මුදලේ හැටියට වටිනා ස්මාට්ෆෝන් කැමරාවක්, ඩිස්ප්ලේ එකක් වගේම මනා පෙනුමකුත් වයි 5 2017 හි තිබෙනවා. මෙම 2017 වර්ශයට පැමිණි 720P ඩිස්ප්ලේ එකකින් සමන්විත වයි 5 2017 හි මිලි ඇම්පියර් පැය 3000ක් පමණ ප්‍රබල බැටරියක් තිබෙනවා එයින් කිසිම කරදරයක් නැතිව දවසක ස්මාට්ෆෝන් වැඩකටයුතු කරගන්නට හැකියාව ලැබෙනවා. මෙම ෆෝන් එකේ ඇතුලත පිහිටා ඇත්තේ සාපේක්ෂව අඩු මිල ස්මාට්ෆෝන් චිප් සෙට් එකක් වන මීඩියාටෙක් එකක් වුවත් එහි බලයෙහි නම් ලොකු වෙනසක් දකින්නට අමාරුයි. එදිනෙදා සාමාන්‍ය වැඩ රැසක් වගේම එතරම්ම තදබල ලෙස හාඩ්වෙයාර් අවශ්‍ය නොවන ගේම්ස් රැසක්ද මෙම ෆෝන් එකෙන් ප්ලේ කරන්නට හැකියි.

guide to buy a budget mobile phone

Source – consumer.huawei.com

2017 වර්ශයේ ජනප්‍රියතම තවත් Huawei භාන්ඩයක් තමයි GR 5 2017 කියනනේ. ජාත්‍යන්තර වෙළදපොලේදී Honor 6x ලෙස හඳුන්වන ජී ආර් 5 2017 ස්මාට්ෆෝන් එක කැමරාව අතින් ඒ මිල මට්ටමේ තිබෙන සුපිරිතම ෆෝන් එකක්. කැමරා දෙකක් තිබෙන ඉහල මට්ටමේ ජංගම දුරකථන හරහා ලැබෙන විශිෂ්ඨ නිමාවකින් යුතු ඡායාරූප ඒ ආකාරයටම වාගේ ජී ආර් 5 කැමරා දෙක හරහාද ලබාගත හැකියි. මෙම ජී ආර් 5 ෆෝන් එක තුල ඇති කැමරා කට්ටලය බලගතු කැමරා කට්ටලයක් . එම කැමරා කට්ටලය සවිකර විකුනන ෆෝන් මාදිලි ගනනාවක් අතුරින් අඩුම මිල මට්ටමේ තිබෙන්නේ මේ හුවාවේ ජී ආර් 5 2017 ස්මාට්ෆෝනයයි.

guide to buy a budget mobile phone

Source – lifie.lk / ebay.com

සිංගර් සමාගමේ නම් ජී ආර් 5 2017 එකක් රු 35,000කට මිල නියම කොට තිබෙනවා. මෙය ෆුල් එච් ඩී ඩිස්ප්ලේ ක්‍රින් 655 චිප් සෙට් එකෙන් සවිමත්ව රැම් එක 3ක්ද ඉන්ටර්නල් මෙමරිය 32ක්ද වන ලෙස වෙළඳපොලට නිකුත් වී තිබෙනවා. පෙනුම අනුවත් ඇති වැඩකිඩ අනුවත් ජී ආර් 5 එක නම් බොහෝදුරට ඉහළ මට්ටමේ ස්මාට්ෆෝන් ආසන්නයට ම ඇදෙන ස්මාට්ෆෝනයක් ලෙස හඳුන්වන්නට හැකියි.

guide to buy a budget mobile phone

Source – lifie.lk / ebay.com

Nokia ෆෝන්ස්

 

Nokia මයික්‍රොෙසාෆ්ට් එක්ක එකතුවෙලා ලුමියා ෆෝන්ස් හරහා එක් කාල සීමාවකදී කරලියට ආවත් තවත් මොබයිල් ඕ එස් එකකට ජනප්‍රිය වන්නට ඇන්ඩ්‍රොයිඩ් නිසා අමාරුයි. එම නිසා ඔවුන් ද ඇන්ඩ්‍රොයිඩ් වලට යොමු වී වෙනත් සමාගමක පේටන් බලපත්‍ර ද සම්බන්ධ කරගෙන කදිම ස්මාට්ෆෝන් රැසක් වෙළදපොලට නිකුත් කළා. එයින් Nokia 3 ,5 සහ 6 ජනප්‍රිය වුනා. කලක් තිස්සේ ෆෝන් වෙළඳපොල තුල බේසික් ෆෝන් වලින් ජනප්‍රිය වි සිටි Nokia හි Nokia 6 එනතුරු බොහෝ පිරිසක් මග බලාගෙන සිටියා. එහෙත් Nokia 6 හි යම් යම් රත්වන ගැටලු තිබෙන හෙයින් එය වැඩි ජනප්‍රියතාවයක් ලබාගත්තේ නැහැ.

guide to buy a budget mobile phone

Source – androidheadlines.com

Nokia වලත් Nokia 3. Nokia 5 වැනි ජංගම දුරකථන ස්මාට්ෆෝන් වෙළඳපොලේ පහල ස්ථර කරා පැතිරෙන්නට වුණා. තරමක් හොද වැඩ රැසකින්ද හොදින් හිරවීමකින් තොරව වැඩකරන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියකින්ද සවිමත් Nokia ෆෝන් වල කැමරාවද සෑහෙන දුරකට කදිම සේයාරු ලබාදෙන්ටන සමත්. Nokia වල පෙනුමත් නූතන ඉහල මට්ටමේ ජංගම දුරකථන වල පෙනුමෙන්ම යුක්තය.

 

ස්මාට්ෆෝනයක් තෝරාගැනීම

විවිධ මිල ගණන් වලට ස්මාට්ෆෝන් තිබෙන මුත් ඒවා අතරින් ජනප්‍රිය වන්නේ කිහිපයකි. ඉහල මට්ටමේ වෙළද ප්‍රචාරණයක් මගින් පමණක් මිනිසුන්ට ජංගම දුරකථනයක් විකිණිය නොහැකිය. ඒ සදහා අදාල ෆෝන් වර්ගය සහ මාදිලිය ගැන යම් මතයක් සමාජයේ තිබිය යුතුය. ස්මාට්ෆෝනයක් මිලදී ගැනීම තරමක මිලක් වියදම් වෙන වැඩක් බැවින් අවධානම වැඩි අලුත්ම නම් වලට වඩා කලක් තිස්සේ ජනප්‍රිය වූ නමක ජංගම දුරකථනයක් මිලදී ගැනීමට පාරිභෝගිකයා වඩාත් කැමති වෙති. එහි ඇති යම් යම් වැඩකිඩ සහ ස්මාට්ෆෝනයේ ප්‍රබලතාවය ගැන මඳක් අධ්‍යයනය කොට ස්මාට්ෆෝන් එක මිලදී ගත හැකිනම්  මිලදී ගන්නා ස්මාට්ෆෝනයට හොඳ මිතුරකු මෙන් නිරන්තරයෙන් ඔබව සවිමත් කරන්නට, දැනුවත් කරන්නට, යාවත්කාලින කරන්නට හැකියාව ලැබෙනු ඇත.

 
Cover Image Source – pctechmag.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *