අලුතෙන්ම එන්න තියෙන චිත්‍රපටි – නොවැම්බර් 2වැනි සතිය

Movies to be screen on november 2nd week

අපි හිතුව හැම සතියකම ඉස්සරහට එන චිත්‍රපටි ගැන ඔබව දැනුවත් කරන්න. ගොඩක් අය ෆිල්ම් එකක් බලන්න යන්නෙ ඒක මොන වගේ මූඩ් එකක කතාවක්ද කියලා දන්නැතුව යි. තමන්ට ගැලපෙන්නෙ නැත්නම් අයියෝ සල්ලි කියලා හිතෙනවා. ඒ නිසා අපේ ෆිල්ම් එක ගැන තියෙන විස්තරේ බලලා ගියා නම් වැඩේ ලේසි වෙයි. හරි අපි එහෙනම් බලමු මොනවද මේ සතියේ එන අලුත් ෆිල්ම් කියලා.

හින්දි

හින්දි සිනමාවටනම් මේ මාසේ එච්චර හොඳ නෑ වගේ. සුපිරි තරු හෝ තාරකාවියෝ රඟපාන ෆිල්ම් එකක්වත් මේ මාසෙට සෙට් වෙන්නේ නෑ. කොහොම වුණත් බලමුකෝ මේ සතියේ එන්න තියෙන ෆිල්ම් මොනවාද කියලා.

 

1. Qarib qarib single

මේක ඇවිත් ස්ටෝරි ටයිප් එකක්. ජෝඩුවක් ඉන්නව ටිකක් අප්සට් එකේ ඉන්න. ඒ දෙන්න තමන්ගේ සම්බන්ධතාවය නැවත හදාගන්න යන චාරිකාවක් ගැන තමයි මේ ෆිල්ම් එකෙන් කියවෙන්නේ. ඉර්ෆාන් ඛාන් කියන විශිෂ්ට රංගන ශිල්පියාත් පාර්වතී කියන වැඩිය අහලා නැති නිළියකුත් තමයි ප්‍රධාන චරිත දෙක කරන්නේ.

මේක රිලීස් වෙන්නේ නොවැම්බර් 10

 

2. Shaadi Mein Zaroor Aana

මේක ඇවිත් තරුණ ආදරවන්තයින් දෙදෙනෙක් ගැන කියවෙන වෙනස් ගණයේ ආදර කතාවක් කියලයි කියන්නේ. වෙනස් කියල කිවුවට ට්‍රේලර් එකේනම් එහෙම වෙනසක් පෙන්න නෑ. කොහොම උනත් ටිකක් වෙනසකට තියෙන්නේ අලුත් නළුවෙක් සහ නිලියක් ප්‍රධාන චරිත රඟපාන එක. රාජ් කුමාර් රාඕ කියන යොවුන් රංගන ශිල්පියා සහ ක්‍රිටි ඛර්බන්දා කියන යොවුන් රූමතිය මෙහි රංගනයෙන් දායක වෙනවා ඔය හින්දි සින්දු අහන්න ආස අය ආදරේ කරන ගයකයෙක්නේ අර්ජිත් සිං කියන්නේ. අර්ජිත්ගේ සින්දු කිහිපයකුත් මේකේ අන්තර්ගත වෙනවා.

මේක රිලීස් වෙන්නෙත් නොවැම්බර් 10

 

3. Julie 2

මේක ඇවිල්ල ටිකක් එවුව මෙවුව තියෙන ෆිල්ම් එකක්. ඔව් ටිකක් සරාගී දර්ශන තියෙන ෆිල්ම් එකක්. කතා තේමාව ගැනනම් වැඩි අදහසක් දීල නෑ තාම සංවිධායකවරු. කොහොම උනත් රායි ලක්ෂ්මි කියන නිළිය මෙහි ප්‍රධාන චරිතය රඟපානවා. ගීත පහකුත් අන්තර්ගත වෙනවා මේ චිත්‍රපටයට.

මේක රිලීස් වෙන්නෙත් නොවැම්බර් 10

 

ඉංග්‍රීසි

1. Murder on the Orient Express

මේක ඇවිත් අභිරහස් ගණයේ චිත්‍රපටයක්. අපරාධ කතා රැජිණ ලෙස හැඳින්වෙන අගතා ක්‍රිස්ටි ගේ පොතක් ඇසුරින් තමයි කරලා තියෙන්නේ මේ චිත්‍රපටය. දුම්රිය ගමනකදී සිද්ධ වෙන මිනි මැරුමක් සහ තාර්කිකව එම මිනී මරුවා සොයා ගන්නා ආකාරය ගැන කියවෙන වෙනස් විදිහේ චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටයට ජොනී ඩෙප් රංගන සහය දෙනවා. ඒකත් විශේෂයි.

රිලීස් වෙන්නේ නොවැම්බර් 10

 

2. Daddy’s Home 2

හාස්‍ය ගණයේ චිත්‍රපටයක දෙවැනි දිගහැරුම මෙය. පවුලක සිදුවන යම් යම් ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්න ආකාරය හාස්‍ය යත් මික්ස් කරලා පෙන්නන ෆිල්ම් එකක් කියලයි ට්‍රේලර් එක බැලුවම නම් පේන්නේ. කවුරුත් දන්නා ජෝන් සීනා කියන ප්‍රසිද්ධ මල්ලවපොර ශුරයා මෙයට රංගන දායකත්වය ලබා දෙනවා.

මේක රිලීස් වෙන්නෙත් නොවැම්බර් 10

 

චිත්‍රපටිවලින් ප්‍රකටම චිත්‍රපටි ටික තමයි අපි ඉදිරිපත් කරන්නේ. මීට අමතරව The Price, Bitch, Pokeman 2 කියන චිත්‍රපටිත් නිකුත් වීමට නියමිතයි මේ සතියේ.

 
Cover Image Source – rottentomatoes.com/ imdb.com/times.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *