කොල්ලො කෙල්ලොන්ට කොච්චර ආදරේද? ඒ ආදරේ තරමටම කොල්ලො කෙල්ලොන්ගෙ එපා කරපු වැඩක් විදියට දකින දෙයක් තමයි ඒ අය එක්ක ඇවිදින එක. කොල්ලො ඉතිං කෙල්ලො එක්ක ගමන් බිමන් යන්න නං ඔන්න ඔය හේතුව නිසා එච්චර කැමති නෑ. අපි අද කියන්නෙ ඇයි මේ විදියට කොල්ලො කෙල්ලො එක්ක ගමන් යන්න අකමැති වෙන්නෙ කියල. ඒකට හේතු ගොන්නක් තියෙනව.
1. කියන තැනට නෙමෙයි යන්නෙ
මෙන්න මේක අවුලක්. අපි ලිබර්ටි ප්ලාසා එකට යමු කියල ගියාට මුලින්ම යනව කොන්ඩෙට බෑන්ඩ් එකක් ගන්න කියල. ඔන්න කොන්ඩෙට බෑන්ඩ් එක ගනිද්දි කඩේ ඉන්න කෙල්ල එක්ක කදේට වැටෙනව. ඒකිත් එක්ක කියෝල කියෝල අද අලුත් ඇඳුම් මොන්ඩි එකට දාලා තිබුනා කියල අහගෙන ඔන්න ඉතිං මොන්ඩි යමං කියනව. ඉතිං මොන්ඩි යනව. ඊටපස්සෙ බඩගිනියි කියල ලඟ කඩේකට ගිහිල්ල මහන්සියි කියල ගෙදර එනව. ඉතිං ලිබර්ටියක් ගෑවිලාවත් නෑ. කොල්ලගෙ සිහින කැළේ.
2. ෂොපින්
මේ අනිත් අඳුරු සිහිනය. ඔන්න ඇඳුම් තෝරනව හැත්තතුනක් විතර. ඔය හැත්ත තුන තෝරලා මුල්ලකට වෙලා ඔය හැත්තතුනෙන් ෆිටෝන් කරන්න ගෙනියන්න දෙන මූලික ඇඳුම් පහ තෝරනවා. ඕක කරන්නෙ යාළුවට කෝල් දීලා, අපිට අන්දලා පෙන්නලා, තරහකාර ගෑණු ඇඳලා හිටපු ඇඳුම් මතක් කරලා වගේ හෙන ප්‍රොසෙස් එකකට පස්සෙ. ඊටපස්සෙ තමයි විලිලැජ්ජම අවස්ථාව. ඊටපස්සෙ අපිට දෙනව හෑන්ඩ් බෑග් එක. අපි ඉතිං ඕකත් අතේ තියාගෙන පොලිස් ඇප ගන්න බලං ඉන්නව වගේ බිත්තිවලට හේත්තුවෙලා ලගා ගහං ඉන්නව. ඔන්න ඉතිං දොර ඇරෙනව. බලද්දි තාම මුල්ම ඇඳුම. ඔය විදියට වෙලාවක් ගියාට පස්සෙ ඒ පහම හරි නෑ කියල බැනලා කඩේටත් හෙන ඉල්ලලා ගෙදර එනව.
3. තීරණයක් නෑ
මේකත් ගෑණු ළමයි එක්ක ගමනක් නොයන්න හොඳ හේතුවක්. ඒ තමයි හරිහමං තීරණයක් කෙලින් කියන්නෙ නැති එක. ඔන්න මෙතන ඉඳන් දෙබස්. කොල්ල බෝල්ඩ්. කෙල්ල ඉටැලික් හරිද? අපි අද කන්නෙ මොනවද? ඔයා කැමති දෙයක් අනේ. නූඩ්ල්ස්? ආපෝ මං ආස නෑ පණුවොන්ට. ෆ්‍රයිඩ්රයිස්? හැමදාම එළියට ආවොත් ඕකමයි. කොත්තු? ඔයා ආස දේම තමයි නේද? මං ගැන හිතන්නෙ නැහැ. එහෙනං පීසා? ඊයෙ රෑත් තාත්තා ගෙනාවනෙ. එහෙනං මොනවද? ඔයා කැමති දෙයක් අනේ. ඔන්න ඔය විදියයි කතාව. ෆිල්ම් එකක් බලන්න ඇහුවත් ඔහොමයි. අපිටනං ඉතිං ඕන ෆිල්ම් එකක් ගියදෙන් කියල අපේ අරමුණ වෙනම දෙයක්නෙ. එයාලට එහෙම නෑ.
4. යාළුවෙක් හම්බුනොත්
කඩා වැටෙන්න පුළුවන් ලොකුම මරාලයත් අපි සඳහන් කළ යුතුයි. ඒ තමයි අතරමගදි හදිස්සියෙන් යාළුවෙක් කඩා පාත්වීම. ඔන්න ඉතිං යාළුවෙක් සෙට් උනොත් උන් චක්ගුඩු පනින කාලෙ අයිය කෙනෙක් පොල් ගහට මෙහායිං ඔලුව දාලා කියපු වල් කතාවෙ ඉඳන් හැම දේම එතන දිගාරිනව. ඊටපස්සෙ අපි ඉන්න ඇටිකෙහෙල් කාපු රිලවු වගේ හිනාවෙවි උන්ගෙ ජෝක්වලට හිනා සපයන්න ඕන. ඊලඟට අරුන් කිවුවොත් බෝයිෆ්‍රෙන්ඩ්ගෙ රැවුල වැඩියි නේද කියල, ඔන්න රාම රාවණා යුද්ධෙ මිස්වෙච්ච පාට් එක එතන පටන්ගන්නව. අන්තිමට අපි එක්ක ගමනට යාළුවත් සෙට්වෙනව.
5. මූඩ් ෆික්ස්
මූඩ් ෆික්ස් කරන්න කන්න වෙන කට්ට තමයි මේ ගෑණු ළමයි එක්ක එහෙමෙහෙ යද්දි අපිට කන්න වෙන ලොකුම කට්ට. ඇයි එයාල පොඩි දේටත් අවුල් යනවනෙ. පාර පනිද්දි අත ඇල්ලුවෙ නෑ කියල, දැකපු ගමන් බදාගත්තෙ නෑ කියල, මහපාර මැද්දෙ බදාගත්තා කියලා, එයාට වඩා වේගෙන් ඇවිද්දා කියලා, ලස්සන ඇඟක් තියෙන වෙනිං කෙල්ලෙක් දිහා බැලුවා කියලා වගේ හේතු කන්දකට එයාලා අපි එක්ක තරහා වෙනවා. ඊටපස්සෙ ඉතිං විරෝපට්ටං ගහං ඉන්න හේතුව හොයලා ඒකට අදාල ප්‍රතිකර්ම කරද්දි පණ යනවා ආයුබොවන්ඩ!
Cover Image Source – shutterstock.com/ businessinsider.com
Leave a Reply