දියුණු වෙන ලෝකෙට පියමනින මිනිස්සුන්ට වඩා වැඩිපුර වටින්නෙ මොනවද? කියල ඇහුවොත් කට්ටිය ප්‍රධාන වශයෙන්ම දෙන උත්තර කිහිපයක් තියෙනව. ඒ අතරින් කාලය, මුදල්, මානසික නිදහස සහ අවම වෙහෙස කියන දේවල් ප්‍රධානයි. මිනිස්සුන්ට තියෙන වැඩ ප්‍රමාණය වැඩි නිසා එක් වැඩකට ගතවෙන කාලය අවම වෙනවාට මිනිස්සු කැමතියි. ඒ වගේම ජීවිතය වඩා පහසුවෙන් ගෙවන්න මුදල් තියෙනවා නම් මිනිස්සු කැමතියි. එමෙන්මයි හිතේ නිදහස. මොන තරම් සල්ලි සහ කාලය තිබුනත් හිතේ කරදරෙන් ඉන්න කවුද කැමති. ගෙදර අතුගාන්නත් රොබෝලා හැදෙන කාලෙක හැම වැඩක්ම අවම මහන්සියක් දාලා පහසුවෙන් කරගන්නත් මිනිස්සු කැමතියි. අන්න ඒ නිසා අපි මේ කියන්න යන පහසුවෙන්ම, ඉක්මනින්ම, පියවර දෙකෙන් කරගන්න පුළුවන් වැඩ හයක් ගැන හිතලා බලමු.
1. රසම රස මිල්ක් ෂේක් එකක්
කිරි, මැන්ගෝ අයිස්ක්‍රීම් එකක, කපපු ඉදුනු අඹ ටිකක් භාජනේකට දාලා මික්ස් කරගන්න. ඒ මික්ස් එක බ්ලෙන්ඩර් එකට දාල බ්ලෙන්ඩ් කරන්න. පියවර දෙකයි. විනාඩි පහයි! ඔබට ලැබේවි රසම රස මිල්ක් ෂේක් එකක්. මේ කාලෙ කාලගුණෙත් ෂුවර් නෑ,, දවසම වැස්සත් දවල් වෙලාවට ගිනි රස්නෙ. ඉතිං ස්මූත් එකේ උගුරෙන් පහලට බැහැල රස නහර පිනවාගෙන යන්න මිල්ක් ෂේක් එකක් බිවුවම ඇති වරද මොකද්ද?
2. ඔයත් දැන් සෙලර් කෙනෙක්
මේක මිල්ක් ෂේක් එක තරං ලේසි නෑ. මොකද මේක සල්ලි හොයන වැඩක්. ඒ නිසා මේක කරන්න පුළුවන් ඔයා තීක්ෂණ බුද්ධියක් තියෙන සහ අතීතයේ හොඳ කලෙක්ටර් කෙනෙක් වෙලා හිටියානං විතරයි. තමුන්ගෙ පුංචි කාලෙ හොඳ කලෙක්ටර් කෙනෙක් විදියට දේවල් එකතු කරපු මනුස්සයෙකුට පුළුවන් ඒ දේවල් දැන් අවුරුදු 10කට 20කට පස්සෙ විකුණන්න. ඒ වගේම ඒ පරණ ට්‍රෙන්ඩ්වලට දැන් හොඳ මිළකුත් ලැබේවි. ඉතිං මුලින්ම සෙලර් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙන්න පුළුවන් සයිට් එකක රෙජිස්ටර් වෙන්න. ඊට පස්සෙ ඉතිං විකුණන්නයි තියෙන්නෙ. පියවර දෙක වුනාට සල්ලි හම්බෙනවනෙ.
3. හැකියාව විකුනන්න
අපි හැමෝටම තියෙනවනෙ මොනව හරි ටැලන්ට් එකක්. චිත්‍ර අඳින්න. උයන්න පිහන්න. උගන්වන්න. ලියන්න. ෆොටෝ ගන්න. වත්තෙපිටියෙ වැඩ කරන්න. ඉලෙක්ට්‍රික් වැඩ කරන්න. තව මොනවද ඉතිං. සල්ලි හොයන්න ලේසියෙන්ම පුළුවන් විදියක් තමයි ඒක. ෆ්‍රීලාන්සර් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙන්න. තමුන්ගෙ හැකියාවෙන් සල්ලි හම්බුකරන්න. හරි ලේසියි.
4. ඔළුවට නිදහස්
ඔළුවට නිදහස් දැනෙන්න, රට තොට දැණුම ටිකක් ඔලුවට දාගන්න, විනෝදෙන් ඉන්න ආස වෙලාවක කරන්න පුළුවන් දේකුත් තියෙනව. ඕපන් කරන්න බ්‍රවුසර් එක. ලොග් වෙන්න lifie.lk එකට. පියවර දෙකයි. වැඩේ හරි සරළයි. හැබැයි ආතල් එක සරළ නෑ. මොකද අපි ඉන්නෙ ඔයාලගෙ ජීවිතේම වෙනුවෙන්.
5. වැඩි ඉඩ සහ සල්ලි
ගෙදර ගොඩ ගහගෙන ඉන්න වැඩකට නැති දේවල්වලට මොකද කරන්නෙ? ආම්ස්ට්‍රෝන් හඳට ගිය නිවුස් එක හෙඩ්ලයින් එක විදියට තියෙන පත්තර, ගෙදර තියෙන පරණ බෝතල්, ඔයාව පුංචි කාලෙ දාලා තියපු කොට් එක වගේ දේවල් ගේ ඇතුළෙ දාගෙන ඉඩ පුරෝගන්න ඕන නෑ. ඒවා විකුණලා ගෙදර ඉඩත් ඉතුරු කරගන්න පුළුවන්. එතකොට අතට සල්ලි හම්බෙන ස්ටෙප්ස් දෙක මොනවද කියලද බැලුවෙ? ගෙදර තියෙන පරණ බඩු ටික විකුණුවා. හරි ලේසියි. පියවර දෙකයි. අතට සල්ලි.
6. High Speed Claim
මෙන්න අපි කියන කතාවට ගැලපෙනම දේ. වාහනේ හැප්පුනාම හිතට එන ප්‍රශ්න ගොඩක් තියෙනව. පළවෙනි දේ සල්ලි. ඊට පස්සෙ තියෙන අවුල තමයි මහන්සිය. නැතිවෙන හිතේ නිදහස. හැබැයි ජනශක්ති එක්ක ඒවා ගැන කරදර වෙන්න ඕනෙ නෑ.එක කෝල් එකෙන් ටක් ගාලා වැඩේ සිද්ධ වෙනවා. ජනශක්ති නිසා ඒ ප්‍රශ්නෙත් නෑ. අන්තිම කතාව තමයි කාලය. මේකට කාලයක් ගතවෙන්නෙම නෑ. ජනශක්ති ටක් ගාලා වැඩේ කරල දෙනව. එතකොට මේක කොහොමද මේ පියවර දෙකේ ආටිකල් එකට සෙට් වෙන්නෙ කියලද හිතුවෙ? ඇයි දන්නෙ නැද්ද? දැන් ජනශක්ති High Speed Claim වලින් වන්දි මුදල ගන්න යන්නෙ පියවර දෙකයි. ඔයා කෝල් එක දීපු ගමන් ජනශක්ති තක්සේරුකරු ඇවිත් තක්සේරු කළා. ඊලඟට SMS මගින් ලැබෙන PIN අංකය යොදා ATM එකෙන් අතට සල්ලි ගන්න පුළුවන්!
Cover Image Source – lifie.lk
Leave a Reply